





(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව මුරියාකුලම ගම්මානයේ පැණි කොමඩු වගාවකට අද (16) කඩා වැදුණු වන අලි රංචුවක් වගාව වනසා දමා ඇතැයි වගාකරුවෝ පවසති.
අක්කර දෙකකට ආසන්න මෙම පැණි කොමඩු වගාවට 13දෙනෙකු සහිත අලි රංචුව කඩා වැදී ඇති බවත්, ඉඩම වටා සකසා තිබූ විදුලි අලි වැටට කොහොඹ ගසක අත්තක කඩා දමා ඇතුළු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
ගම්වාසීන් විශාල පිරිසක් එක් වි දැඩි පරිශ්‍රමයක් දරා අලි රංචුව එළවා දැමූ බවත්, ඒ හේතුවෙන් එහි කොටසක් බේරි ඇති බව ද ඔවුහු කියති.
කොමඩු වගාවේ හිමිකාරියක වන යමුනා කුමාරි මහත්මිය මෙසේ පැවසුවාය.
“මගේ ලොකු දුවලායි මේ කොමඩු වගා කළේ. දුවයි එයාගේ මහත්තයායි බැංකුවලින් ණය අරගෙනයි අලි වැට ගහලා වගාව පටන් ගත්තේ. නමුත් ඒ වැට උඩට ගස් අතු කඩන් ඇවිත් දමලා තමයි වගාවට ඇතුළු වෙලා මේ හානිය කරලා තිබෙන්නේ. අස්වැන්න නෙළන්න ඉතිරිවෙලා තිබුණේ තව දින කිහිපයයි” යැයි ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් මෙයට වන්දියක් ලබා දිය යුතුයි
පව් මේ ගොවියන්ගේ වගාව සහ සල්ලි ඔක්කොම ඉවරයි ආණ්ඩුව බලන් ඉන්නවා
අනේ යමුනා, ඔයාට විතරක් නෙවේ මුළු රටටම අලින්ගෙන් තමයි කරදර
දැන් රටම වනසලා තියන එකේ ඕක මොකද?
මේවට දෙස් දෙවොල් තියලා පලක් නැහැ. කරන්න තියෙන්නේ මේ රටේ සියලුම වනාන්තර තවත් වනාන්තර තීරුවකින් එකිනෙකට යා කිරීමයි. මේ ක්‍රමය භූතානයේ ඔවුන් ක්‍රියාත්මක කෙරෙව්වා. එහිදී සත්තු කිලෝමීටර් ගානක් එහා කෙලවරේ තියෙන තවත් වන ලැහැබවලින් සංක්‍රමණය වෙනවා නිරීක්ෂණය වුනා. මේ ක්‍රමය නිසා සත්තු සහ මිනිස්සු අතර ඇති වෙච්ච ගැටුම් ඉතා සාර්ථක විදිහට පාලනය වුනා. 70%ක් එරට වන වැස්මක් ඔවුන් ඇති කළා. අපේ රටේ එවැනි ක්‍රමයක් ඇතිකළ යුතුයි. නව ගම්මාන ඇති කරනවයි කිය කියා මුළු රටේම ඉඩම්වල තනි ගෙවල් හදන මෝඩ වැඩේ දැන්වත් නතරකල යුතුයි. වනාන්තරයේ අයිතිය සත්තුන්ට දීලා නගරයේ අයිතිය මිනිස්සු තියා ගත්තනම් හැමෝම රැකෙනවා. දේශයක්-පාලනය කරනවා කියන්නේ එකටයි, එහෙම නැතුව බල තන්හාව නිසා රට-ජාතිය ගැන එන හැම එකටම නහයෙන් අඩන එකට නෙවෙයි.
අර අලි ඕන ඕන කියන, සත්තුන්ට ඇලුම් කරන නෝනා මහත්තුරු ටික මේ වගේ ගම් වලට ගිහින් දාලා, මේ වගේ ගම් වල මිනිස්සු කොළඹ තියෙන ඒ මහත්තුරුන්ගේ ගෙවල් වලට ගෙනත් දැම්මොත් නරකද? මං මේ කියන්නේ කැලේ ගෙවල් හැදුවම අලි ගහනවා තමයි කියලා, තමන්ට කන්න දෙන මිනිස්සුන්ටම විරුද්ධව කතා කරන අය ගැන. එතකොට එයාලට පුළුවන් අලිත් එක්ක සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න.
හරිම කණගාටුයි ඔබතුමිය ඇතුළු පවුලේ සැමට සිදුවුනු පාඩුව පිලිබදව.
ඕක තමා කියන්නෙ එජාපයට ඡන්දෙ දෙන්න එපා කියලා.
අලි 13 දෙනෙකු ඔබේ වගාවෙන් කුසපුරවා ගත්තානම් ඒ කුසලයෙන් ඔබට යහපතක්ම සැලසෙනවා බය නොවී ඉන්න
ගොවියට සැලකීම කොහොමද? මාසයක් කන්න...... විශ්‍රාම වැටුප රුපියල් 1200..... අනේ මෙහෙමත් ගොවියන්ට සලකන රටක් තියෙනවාද?
හරිම කණගාටුයි ඒත් මෙතන අලින් වැරදි කාරයන් කියල කියන්න තරම් මෝඩ වෙන්න එපා.
වන්දි කෙසේ වෙතත් මේ මිනිස්සුන්ගේ බැංකු ණයවත් කපාහැරියොත් ලොකු සහනයක්.
අනේ පව් මේ අසරණ මිනිසුන් දුකේ පත්ලටම වැටෙන හැටි. සැපක් කෙසේ වෙතත් මේ අහිංසක දුප්පත් මිනිස්සු කවදානම් මේ දුකින් මිදෙන්නද? ඒ සත්තුන්ටත් හිතන්න තේරුම් ගන්න පුළුවන් කමක් තිබුනානම් මේ අහිංසක මිනිසුන් එදා වේල කාල ඉන්න මේ වගාවන් වනසන එකක් නැහැ. මොවුන්ගේ දුක වගකිවයුතු මිනිසුන්ට නොපෙනීම හා අවබෝධයට ගන්නට නොහැකිවීමයි අරුමය.
වනාන්තර යා කරන ක්‍රමය ලංකාවේ ප්‍රායෝගික නොවෙන්නේ ඔය අහිංසකයි කියනා ගම් වල මිනිස්සුම රක්ෂිත අල්ලාගෙන වගා කරන එකයි, ගෙවල් හදන එකයි නතර නොකරන නිසා. මෙතන වුණත් හරියටම මේ ඉඩමම ඉලක්ක වුණේ කොහොමද කියලා හොයලා බැලුවොත් ගොඩක් දේ හොයාගන්න හැකි වේවි.