නාවික හමුදා පිරිසක් විසින් අද (20) අනතුරට පත්ව මට්ටක්කුලිය, කාකදුපත වෙරළ තීරයට ගොඩගසා සිටි කැස්බෑවෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.
බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ධීවර දැලක පැටලී සිටි කැස්බෑවෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවා ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. කැස්බෑවා දැලෙහි පැටලීම හේතුවෙන් සිරුරට තුවාල සිදුව තිබූ අතර, ප්‍රථිකාර කටයුතු සඳහා වනජීවි නිලධාරීන් වෙත බාරදීමට කටයුතු කරන ලදී.
වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 7 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 5 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවී යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහාද නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් දියත් කරගෙන යනු ලබන අතර, ඒ අනුව හඳුනාගනු ලැබූ ආරක්‍ෂිත වෙරළ තීරවලදී සංරක්‍ෂණය කරනු ලැබු කැස්බෑ පැටවුන් 7000 ක් පමණ සාගරයට මුදා හැරීමට කටයුතු කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගරයේ සැමදෙකටම , සැම කෙනෙකුටම උදව් උපකාර කරන අපගේ වීරයන් , ශ්‍රී ලංකා නාවික හමුදාවට මාගේ ප්‍රණාමය......
ඉතාම වටිනා අගය කල යුතු සේවයක්.
නාවික හමුදාව කැස්බෑ සංරක්‍ෂණ කරද්දී සමහර ගුවන් හමුදා සාමාජිකයන් ලඟකදී මෙයින් එකෙක් අනුභව කරලා අත් අඩංගුවට ගත්ත නේද?
වෙරළ තිරයේ එක්කාසුවෙලා තියෙන කුණු කොතරම් අප්‍රසන්නයක් ගෙන දෙනවාද අවට පරිසරයට.
ඔය කැළණි ගඟ දිගේ ගලාගෙන ආපු කුණු තමයි . ඔය පෙනෙන කුණු පමණයි . නොපෙනෙන කුණු අති විශාලයි . අලුතෙන් හදපු පෑලියගොඩ මාළු මාකට් එකේ සියලුම අපද්‍රව්‍ය සියල්ල කානු හරහා ගඟට හරවල තියෙන්නේ . ගඟ අවට මිනිස්සු සියල්ලම වගේ ගෙදර කුණු ටික විසිකරන්නේ ගඟට .