IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාළු දැළේ පැටළුණු කැස්බෑවා බේරාගනී

නාවික හමුදා පිරිසක් විසින් අද (20) අනතුරට පත්ව මට්ටක්කුලිය, කාකදුපත වෙරළ තීරයට ගොඩගසා සිටි කැස්බෑවෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ධීවර දැලක පැටලී සිටි කැස්බෑවෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවා ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත. කැස්බෑවා දැලෙහි පැටලීම හේතුවෙන් සිරුරට තුවාල සිදුව තිබූ අතර, ප්‍රථිකාර කටයුතු සඳහා වනජීවි නිලධාරීන් වෙත බාරදීමට කටයුතු කරන ලදී.   

වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 7 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 5 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවී යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහාද  නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් දියත් කරගෙන යනු ලබන අතර, ඒ අනුව හඳුනාගනු ලැබූ ආරක්‍ෂිත වෙරළ තීරවලදී සංරක්‍ෂණය කරනු ලැබු කැස්බෑ පැටවුන් 7000 ක් පමණ සාගරයට මුදා හැරීමට කටයුතු කර ඇත.

 



අදහස් (5)

මාළු දැළේ පැටළුණු කැස්බෑවා බේරාගනී

leel gunawardena Saturday, 20 July 2019 06:58 PM

සාගරයේ සැමදෙකටම , සැම කෙනෙකුටම උදව් උපකාර කරන අපගේ වීරයන් , ශ්‍රී ලංකා නාවික හමුදාවට මාගේ ප්‍රණාමය......

:       0       5

Sisira Saturday, 20 July 2019 07:21 PM

ඉතාම වටිනා අගය කල යුතු සේවයක්.

:       0       5

ලුම්බිණි Sunday, 21 July 2019 12:40 AM

නාවික හමුදාව කැස්බෑ සංරක්‍ෂණ කරද්දී සමහර ගුවන් හමුදා සාමාජිකයන් ලඟකදී මෙයින් එකෙක් අනුභව කරලා අත් අඩංගුවට ගත්ත නේද?

:       0       0

isurandi Sunday, 21 July 2019 05:27 AM

වෙරළ තිරයේ එක්කාසුවෙලා තියෙන කුණු කොතරම් අප්‍රසන්නයක් ගෙන දෙනවාද අවට පරිසරයට.

:       0       57

kalani Sunday, 21 July 2019 10:53 AM

ඔය කැළණි ගඟ දිගේ ගලාගෙන ආපු කුණු තමයි . ඔය පෙනෙන කුණු පමණයි . නොපෙනෙන කුණු අති විශාලයි . අලුතෙන් හදපු පෑලියගොඩ මාළු මාකට් එකේ සියලුම අපද්‍රව්‍ය සියල්ල කානු හරහා ගඟට හරවල තියෙන්නේ . ගඟ අවට මිනිස්සු සියල්ලම වගේ ගෙදර කුණු ටික විසිකරන්නේ ගඟට .

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site