IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දුර්ලභ සලබයෙක් රත්නපුරේ නිවසකට ඇවිත්

(අජිත්ලාල් ශාන්තඋදය)
 
විශාල ප‍්‍රමාණයෙන් යුතු, දුර්ලභ, ඇට්ලස් මෝත් නම් වර්ගයේ සලබයෙකු රත්නපුර, බටුගෙදර සිය නිවසේ දොරෙහි වසා සිටියදී හමු වූ බව පරිසරවේදියෙකු වන අසිත ඉන්දික වීරවර්ධන මහතා අද(24) පැවසීය.
 
මෙම සලබයා ලංකාවේ වාසය කරන නමුත් සබරගමුවේ දි නිරීක්‍ෂණය වූ මුල් අවස්ථාව මෙය බවද, වියළි නිවර්තන වනාන්තර වාසය භූමිය කරගත් මෙම සලබයින් දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ සිටින බවද ඒ මහතා කීය. 
 
අසිත ඉන්දික මහතාගේ නිවසේ සිටි සලබයා දිගින් සෙන්ටි මීටර් 22කි. තටුවල උස සෙන්ටිමීටර් 10කි. සලබ දේහය සෙන්ටි මීටර් 1.5කි. ඒ මහතාගේ නිවස ආසන්නයේ අංගම්මන රජයේ රක්‍ෂිතය පිහිටා ඇති බැවින්  එහි සිට පියාඹා පැමිණෙන්නට ඇතැයි අනුමාන කරයි. 
 
මෙම සලබයා දැක බලාගැනීමට රත්නපුර අතිරේක සහ සහකාර දිසාපතිවරුද, රත්නපුර ප‍්‍රදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, පරිසරවේදීහු, සාමාන්‍ය ජනතාවද විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.
 
මේ සම්බන්‍ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවටඑ දැනුම්දී ඇති අතර, එම සලබයා අංගම්මන රක්‍ෂිතයට මුදාහැරීමට නියමිතව ඇත.



අදහස් (11)

දුර්ලභ සලබයෙක් රත්නපුරේ නිවසකට ඇවිත්

Indunil Wednesday, 24 July 2019 11:31 AM

ඒ තරම් දුර්ලභ නොවන සලබයෙක්... ඒ මහතා සබරගමුවේදී දැකපු පළමු වතාව වුණත් වෙනත් අයට සබරගමුවේදී මීට කලින් මේ වර්ගය දකින්න ලැබිලා තියෙනවා. මගේත් ගම රත්නපුර. ඒ කියන්නේ සබරගමුවේ... මේ සලබයා කීපවරක් අපේ ගෙදරදී සහ වෙනත් තැන්වල දැකලා තියෙනවා. කොටින්ම ස්වභාවික පරිසරයේදී ආපදාවට ලක් වෙලා හිටපු මේ වර්ගයේ දලඹුවෙක් බෝතලයක ඇති කරලා සුහුඹුල් සලබයා පසුව පරිසරයට මුදා හැරලත් තියෙනවා මම... මේ ටික කිව්වේ වැරදි තොරතුරු නිසා කියවන අය නොමග යන්න පුළුවන් නිසායි...

:       1       189

thushara Wednesday, 24 July 2019 12:14 PM

මේ සමනලයට සිරිකොත දොරේ එල්ලෙන්න තිබුනේ... එ්කේ ඇතුලේ විවිධාකාර සමනල්ලු ඉන්නවා..

:       466       755

විජිත් Wednesday, 24 July 2019 05:37 PM

තුෂාර, මේ සමනලයා අහිංසක ස්වභාවික සතෙක්.. සිරිකොත ඉන්න සමනල්ලු වෙනස් සත්ව කොට්ටාශයක්. උන් මහා විනාශකාරී, අස්වාභාවික, ස්වභාවික පරිසරයට, මිනිසාට පමණක් නොව රටටම විනාශය ගෙන දෙන රටෙන් තුරන් කළයුතු සමනලුන් විශේෂයක්... මේ අහිංසකයා සිරිකොතේ දොරේ එල්ලුනොත්... අර නරුමයින් මේකාවත් නරක් කරනවා ෂුවර්....

:       6       155

athuraThursday, 25 July 2019 04:04 AM

සිරිකොතේ විතරද සමනල්ලු ඉන්නේ...? තව පක්ෂයක පෙනී ඉන්න නායකයත් සමනලයෙක් කියලා දන්නෝ දනිති...

:       28       9

samantha Wednesday, 24 July 2019 12:50 PM

කොහොමත් මේ කාලේ සමනල්ලු එනවා ගෙවල් වලට... ඡන්දෙ ළඟයිනේ...

:       0       103

Ratne Wednesday, 24 July 2019 06:08 PM

මෙවැනිම හැඩය සහ ප්‍රමාණය සමාන සලබයකු මීට මාස 02කට පමණ ඉහතදී පල්ලේබැද්ද ප්‍රදේශයේදී ද දක්නට ලබුණා. මෙම සතුන් තරමක් දුර්ලභ නමුත් ඉතා දුර්ලභ නොවන බව පැහැදිලියි.

:       0       15

Dasa Wednesday, 24 July 2019 09:02 PM

සමනල්ලු ගැන වැඩිපුර විස්තර අවශ්‍ය අය වෙතොත් ගරු ජනාධිපතිතුමාගෙන් හෝ පොහොට්ටුවෙන් අසා දැනගන්න.

:       4       28

jayath Thursday, 25 July 2019 03:30 AM

මේ කාලේ සාමාන්‍යයෙන් වෙන්නේ, ඡන්දෙ ළඟ හින්දා, රත්නපුරේ ඉන්න අමුතු සත්තු රට වටේ යන එකයි...

:       0       10

Indumini Friday, 26 March 2021 07:37 AM

ඇටිලස් සලබයා සබරගමුවේ දුලබ නැහැ. 90 ගණන්වලත් දැක තිබෙනවා ඇහැළියගොඩ ප්‍රදේශයේ. මීට සතියකට පෙර බිත්තර දමනවාත් දුටුවා.

:       0       1

GihanTuesday, 31 August 2021 10:14 PM

මම ඇහැලියගොඩ... අද අපේ ගෙදර හිටියා මේ ජාතියේ සලබයෙක්...

:       0       0

හර්ෂනී ගාල්ලගේ Friday, 03 January 2025 04:02 PM

හෝමාගම, යකහලුව ප්‍රදේශයේ තිබෙන අපේ නිවස පිහිටි වත්තට, මෙවැනිම සලබයකු පැමිණියා. කුරුල්ලන් විසින් දිවා කාලයේදි, සලබයාව ගොදුරු කර ගැනිමට කොටමින් සිටි අවස්ථාවේදී අප විසින් සලබයා බේරා ගෙන රාත්‍රී කාලයේදී මුදා හැරියා.... 2025.01.03

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 562 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site