(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුව පිටිපන වෙරළ තීරයේ මෝරවල ප‍්‍රදේශයේ මුහුදු වෙරළ දරුණු ලෙස ඛාදනය වීම හේතුවෙන් වෙරළ තීරයේ නිවාස පහක තාප්ප මුහුදට බිලිවී තිබේ.
පිටිපන මෝරවල සිට තලාහේන පේරුව දක්වා ප‍්‍රදේශය මෙසේ මුහුදු ඛාදනයකට ලක්ව ඇති අතර මුහුදු රළ සැරවීමත් උසින් වැඩිවීමත් නිසා නිවාස ගණනාවකට මුහුදු වතුර ගලා යාමෙන් හානි සිදුවීම හේතුවෙන් පදිංචිකරුවන් නිවාස හැර යාමේ අවදානමකට ලක්වී ඇත.
මුහුදු වෙරළ ආසන්නයෙ පදිංචි ධීවර පවුල් ගණනාවක් මේ අවදානමට මුහුණ පා සිටිති. නිවාස වලට ගලා එන මුහුදු ජලය නිවාස වටා ගලා යන තත්ත්වයක් උද්ගතව පවතී.
පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ සිට මේ තත්ත්වය උද්ගතවූ බවත් අනතුරු දායක ත්තත්වය පිළිබදව වෙරළ සංරකෂණ දෙපාර්තමේන්තුවට හා අදාල වෙනත් රාජ්‍ය ආයතන වලට දැනුම් දුන්නත් ප‍්‍රයෝජනයක් නොවූ බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.
කූඩු සමඟ ගල් ටිකක් ගෙනවිත් දී ඇතත් ඒවා මේ විනාශය වළක්වන්නට ප‍්‍රමාණවත් නැති බවත් පෝර්ට් සිටිය හා අධිවේගී මාර්ග සඳහා මුහුදු වැලි ඉවක් බවක් නැතිව ලබා ගැනීම නිසා මේ විනාශය සිදුව ඇතැයිද ප‍්‍රනාන්දු මහතා පැවසීය.





2025 දෙසැම්බර් මස 04
562
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මීගමුව පිටිපන වෙරළ තීරයේ දරුණු වෙරළ ඛාදනයක්
චමින්ද Tuesday, 23 July 2019 01:42 AM
රටේ කුණු ප්‍රශ්ණය විසඳීමට නොහැකිව තිබියදී එක් කාලකණ්නියෙක් දෙවියන්ගේ මල්ලී සොයා ලෝකයේ තිබෙන විෂබීජ සහිත කුණු ගෙන්නේ වල දැමීමට කියලයි ආරංචි වෙන්නේ. රටේ පාලකයොත්. ඕනෑම බලු වැඩක්කර දෙවියන්ගේ මල්ලී සොයන කාලකණ්නිත් නිසා ස්වභාව ධර්මයාද අපට එරෙහිව සිටිනවා කියලයි හිතෙන්නේ
surath Tuesday, 23 July 2019 02:43 AM
මෙම සිදුවීම බොහෝ දුරට පොර්ට් සිටි නිසා වියහැක. මුහුදට නෙරා ඉදි කෙරෙන ගල් වැටියකින් පවා මෙලෙස සිදුවේ. මුහුදේ රල ගලන දිශාව අනුව වැටියේ එක පැත්තක් ඛාදනය වේ. අනෙක් පැත්ත වැලි තැන්පත්වේ. විද්‍යාත්මක සැලසුම් වලින් තොර ඉදිකිරීම් රට විනාශයට ගෙනයයි.
ravi Tuesday, 23 July 2019 11:40 AM
මෙච්චර ගල් පර තියන අපේ රටේ ඇයි එව්වා කඩලා බිඳලා අපේ රට වටේට ආරක්ෂක පවුරක් හදාගන්න බැරි ?