IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගසක් කඩා වැටී පැය හතක් මහියංගනයේ මාර්ගයක් අවහිර වෙයි

(නිශාන්ත කුමාර )
 
ගලඋඩ - මහියංගන 22  කණූව ගොඩිගමුව ප්‍රදේශයේ මාර්ගය අයිනේ පිහිටි දැවැන්ත කොට්ට ගසක් අද (19) අලුයම මාර්ගය හරහා පෙරළී යාමෙන් පැය  හතකට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ඇණ  හිටි බව කන්දකැටිය පොලිසිය පවසයි.
 
වසර ගණනාවක් පැරැණි මෙම කොට්ට ගස කඳ මැදින් පුපුරා ගොස් ඒ අසල තිබූ පොල් ගසක් ද සමග  මාර්ගය හරහා ඇද වැටී ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.
 
 කඩා වැටුණු  ගස අනෙක් පසට ඇද වැටුණේ  නම් අසළ  තිබූ නිවසක් මතට කඩා වැටී විශාල හානියක් සිදුවීමට ඉඩ තිබිණී.
 
කෙසේ වෙතත් එහි පැමිණි කන්දකැටිය  ප්‍රාදේශීය සභාව,  ලංකා විදුලිබල මණ්ඩලය හා කන්දකැටිය පොලිසියේ නිලධාරීහු    ප්‍රදේශවාසීන්ගේද  මැදිහත්වීම ඇතිව පෙරැළුණු ගස කපා ඉවත් කර මාර්ග අවහිරතාව ඉවත් කිරීමට පියවර ගත්හ.

 



අදහස් (7)

ගසක් කඩා වැටී පැය හතක් මහියංගනයේ මාර්ගයක් අවහිර වෙයි

ධම්ම Friday, 19 July 2019 06:26 AM

ඔය යාන්ත්‍රික කියත බලපත් සහිත එකක්යයි සිතමි.

:       0       28

Hafeel Friday, 19 July 2019 07:37 AM

ජනාධිපති මෛත්‍රී මෙම යාන්ත්‍රික කියත් තහනම් කළා නම්, කොහොමද මෙවැනි ආපදාවලදී ක්ෂණික ගස් ටික කපලා අයින් කරන්නේ?

:       0       134

mohamed nizarSaturday, 20 July 2019 10:12 AM

ඔය මෝඩ පෙන්දට ඕ‍වා තේරෙන්නේ නැහැ හෆීල්. එයා දන්නේ පොළොන්නරුවේ ආදි කාලේ කරාපු වී ගොවිතැනයි.., පිහිවලින් කපන ගස් ගැන විතරයි. ජීවත්වෙන්නේ දැනට අවුරුදු 200 කට කලින් කාලයකය. එකී ඒවාගැන හිතාගෙන පිටරටවල හදන විදුලි කියත් තහනම් කෙරුවේ.... මෝඩයින් තමයි..

:       0       0

anura Saturday, 20 July 2019 10:19 AM

නුඹට ඔය පැහිච්චකන් වලින් වැඩක් නැහැ නොවැ. අපේ සීයලා ගස් කැපුවේ යන්තර වලින්ද?

:       0       0

sampath Friday, 19 July 2019 12:25 PM

අපේ රටේ ආපදා කළමනාකරණයේ දුරවල තව හොදට පැහැදිලියි......

:       0       22

sirisena Saturday, 20 July 2019 10:16 AM

ඔය ගස් කපන යන්තරේට බලපත් තිබෙනවද?

:       0       0

appuva Saturday, 20 July 2019 10:21 AM

සුටුස් ගාල කපන්න නම් යන්තර ඕනෑ නැති නම් විටක් කාල එහෙම කතාවක් බතාවක් කරලා කපන්න පුළුවන් සද්ද බද්ද ආතති නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site