




(නිමල් ජයරත්න)
වැලිකන්ද මදුරංගල ගම්මානයේ ඒ.ඩබ්ලිව්. අසංක ගංගානාත් මහතාගේ නිවසෙහි අලුත්වැඩියා කරමින් තිබූ කාමරයකට අද(26) අලුයම කබල්ලෑවකු පැමිණ ඇත.
නිවැසියන් වැලිකන්ද වනජීවී නිලධාරීන්ට කබල්ලෑවා බාර දී ඇති අතර, එම සත්වයා නැවත ගිරිතලේ වනජීවී කාර්යාලයට බාරදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතාව ආරක්ෂා කළාට ඔබහැමට මගේ ප්‍රණාමය...!
බල්ලෙක් පුසෙක් වගේ නෙවේ ඔය සත්තුන්ව අල්ලල්න්නේ වඩාගන්නේ නැතුව ඉන්නවනම් තමයි හොඳ. උන් දන්නේ නෑනේ ආදරේට කියලා, ඉන්නේ පණ බයෙන්
ඉතාම හොඳ සත් ක්‍රියාවක්. අපේ රටේ වඳවීයන දුර්ලභ ගණයේ සත්වයෙක්. මතු පරපුරටත් දැක බලා ගැනීමට ආරක්ෂා කල යුතුයි මේ සත්වයන්ව.
ඉත්තෑවාගේ ගෙට කියලා වැරදිලා රිංගලා තියෙන්නේ අසංකගේ ගෙදරටනේ..!!
ශක්ති ජනක බෙහෙත් වලට කියලා ලක්ෂගණන් වලට කැබැල්ල මස් සහ කොර පොතු බීජිං වල අලෙවි වන්නේ... සතාගේ වාසනාව චීනෙකුට අහු නොවී සිංහලයෙකුට අහුවෙච්ච එක...
චීනෙට යවන්න නම් එපා... සමහර විට ඉහළින් කෝල් එන්න පුළුවන්...
ඔය කබල්ලවැව අල්ලලා වෙන කොහෙවත් ගෙනියන්නේ නැතුව ළඟ පාත තිබෙන කැලයකට නිදහසේ යන්න අරින්නේ නැතුව මොකටද එහෙ මෙහෙ අරන් යන්නේ , සතා ඉන්න ඕනේ ඌට පුරුදු පරිසරයේ , සතා වෙන කොහේ හරි ගිහින් දැමුවම එම සතාට පරිසරය නොපුරුදු නිසා අනතුරට ලක්වෙන්න පුළුවන් , තුවාල වෙලා ඉන්න සතෙකුට ප්‍රතිකාර කරන්න ගෙනියන එක වෙනම දෙයක්.