




(ජේ.කේ.එල් චාමින්ද)
රූමස්සල කඳුවැටිය අසලදී අනතුරට ලක්ව සිරවී ඇති ‘ග්ලොරී ටු ගෝ’ නැමති වෙළඳ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇති තෙල් ඉවත් කිරීමේ මුලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව සමුද්‍රජිවී පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
සමුද්‍ර දුෂණ වැළැක්වීමේ පනතට අනුව නෞකාවේ ඇති තෙල් ඉවත්කර ගන්නා ලෙස අදාළ නෞකාවේ එජන්තවරුන්ට දැනුම් දුන් බවද සමුද්‍රජිවී පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
ඒ අනුව නෞකාවේ ඇති තෙල් ඉවත් කිරීමේ කටයුත්ත නෞකාව අයත් සමාගම විසින් වෙනත් ආයතනයකට පවරා ඇති අතර සමුද්‍රජීවී දුෂණ අධිකාරියේ අධික්ෂණය යටතේ නෞකාවේ තෙල් ඉවත් කිරීමේ මුලික කටයුතු ආරම්භ කර තිබේ.
අද (21) උදෑසන දැඩි දුෂ්කරතා මධ්‍යයේ නාවික හමුදාව හා අදාළ කාර්ය මණ්ඩල නෞකාව වෙත ළගාවී තෙල් ඉවත් කිරීමේ මූලික කටයුතු ආරම්භ කරනු ලැබීය.
උදම් රළ පහර නිසා නෞකාව තුළ සිටිම මෙන්ම එම කටයුතු කරගෙන යාමේ දී නාවික හමුදාව හා අදාළ කාර්ය මණ්ඩල දැඩි දුෂ්කරතාවයට ලක්ව ඇත. නෞකාවේ තෙල් ඉවත් කිරීම සඳහා යොදා ඇති පොම්පය අක්‍රීය වී ඇති අතර එය යළි යථාතත්වයට පත් කිරීම සඳහා අදාළ කාර්ය මණ්ඩල මේවනවිට කටයුතු කරමින් සිටිති.
සමුද්‍රජීවී පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි රංජිත් ගුණසේකර මහතා මෙසේ කීවේය.
"නෞකාවේ තියෙන තෙල් ඉවත් කිරීමේ මුලික කටයුතු ඊයේ (20) ආරම්භ කරලා තියෙනවා. නමුත් මේ කටයුතු සඳහා කාලගුණික තත්වය හා මුහුදේ පවතින තත්වය අහිතකර ලෙස බලපා තියෙනවා. තෙල් විසිරීමක් නැහැ තෙල්. ටැංකිය තියෙන්නේ ගොඩක් ඉහළින්. නෞකාවේ බද අනතුරකට ලක්වෙලා නැහැ. මේ නෞකාව මගින් සිමෙන්ති සඳහා අවශ්‍ය ක්ලින්කර් වරාය වෙත ප්‍රවාහනය කරලා තියෙන්නේ. නමුත් දැනට මාස අටක කාලයක් තිස්සේ නෞකාවේ ඇති වී තිබෙන කාර්මික දෝෂයක් නිසා තමයි ඒ තත්වය ඇති වෙලා තියෙන්නේ. ගාලු වරායේ පිටත නැංගුරම්ලා තිබිලා තියෙනවා එහිදි තමයි නෞකාව නැංගුරම් කඩාගෙන ඇවිත් රූමස්සල කඳුවැටිය අසල හිරවෙලා තියෙන්නේ" යැයි ද නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
562
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනතුරට පත් නෞකාවේ තෙල් ඉවත්කිරීම ඇරඹේ