IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විල්පත්තුවේ සිමෙන්ති පොකුණු ජලයෙන් පුරවයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු රැසක් සිඳී යාම හේතුවෙන් ඉදිකර ඇති සිමෙන්ති පොකුණු වෙත බවුසර් වලින් ජලය දැමීම මේ වන විට සිදු කරන බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා අද (26) දින පැවසීය.

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පවසා සිටියේ මේ වන විට උද්‍යානයේ ඇති විල්ලු 42 ක් අතරින් 30 කට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් සිඳී යාම හේතුවෙන් වන සතුන්ට ආහාර  සහ ජලය සොයා සැතපුම් ගණනක් ගමන් කිරීමට සිදුව ඇති බවයි.

මේ හේතුව නිසා ලීටර් දස දහසකට වඩා ජල ධාරිතාවක් දැමීමට හැකි වන අයුරින් උද්‍යානයේ සකසා ඇති කොන්ක්‍රිට් පොකුණු වෙත වනජීවී නිලධාරීන් විසින් දින කිපයකට වරක් බවුසර් යොදා ගනිමින් ජලය දැමීම සිදුකරනු ලබයි.

එම පොකුණු වෙත ජලය බීමට කුඩා කුරුල්ලන්ගේ සිට වලහා, මුවා, ගෝනා, දිවියා සහ අලියා ඇතුළු අනිකුත් වන සතුන් දිය පානය කිරීමට පුරුදුව ඇති බවද වන ජීවී නිලධාරීහු පවසති.

උද්‍යානයේ ඇති මෙම කොන්ක්‍රිට් පොකුණු වෙත කළාඔයේ සිට කිලෝ මීටර් 30 ක පමණ දුරක් බවුසර් මගින් රැගෙන එනු ලබයි.

 



අදහස් (10)

විල්පත්තුවේ සිමෙන්ති පොකුණු ජලයෙන් පුරවයි

sirimal Friday, 26 July 2019 05:51 PM

ඉතාම කාලෝචිත පියවරක්. සෑම ඉඩෝර කාලයකදීම හැම වනෝද්‍යානයකම මෙය ක්‍රියාත්මක කළයුතුයි.

:       0       280

gamarala Saturday, 27 July 2019 01:48 AM

මේ කියන දේට සමහරු කියයි මෝඩ කතාවක් කියලා. මේ නියඟය කියන එක දැන් දැන් අපිට නිතර බලපාන එකක් නිසා අපිට බැරිද කාගේ හෝ උදව් අැතිව නල මගින් ජලය සැපයීමට විදිහක් හදා ගන්න...?

:       0       51

RaveendraSaturday, 27 July 2019 04:04 AM

gamarala මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. නමුත් එය ප්‍රායෝගිකද යන්න පිළිබඳව "ගැටළු මතු නොවන්නේද" ?

:       2       2

pakeerSaturday, 27 July 2019 04:13 AM

ඔබ හරි. දැන් තාක්ෂණය දියුණුයි. එ්ක කළ හැකි දෙයක්. ඒ විතරක් නෙමෙයි, ජාල මට්ටමින් වුවත් පරීක්ෂා වෙන්න උපකරණ හයි කරලා කිසි ප්‍රශ්නයක් නැතුව මේක කරන්න පුළුවන් වනජීවී කාර්යාලයේ ඉඳලම... මේවට වියදම් කළාට පාඩු නැහැ. බලන්න එන මිනිසුන්ගෙන් අය කරගන්න පුළුවන් ඒ ගැන... අනික මේ ආයෝජන මිල කරන්න බැහැ.

:       0       33

Raveendra Saturday, 27 July 2019 02:28 AM

මහත් පින් ලැබෙන සත් ක්‍රියාවකි. තම රාජකාරිය කරමින් පින් රැස්කරගන්නා ඔබලාගේ සියලු පතුම් ඉටු වේවා !!! වෛද්‍ය සංගමයේ හාදයන්ටත් අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා !!

:       1       85

dilan Saturday, 27 July 2019 04:46 AM

දැන් පින් අනුමෝදන් කරලා විතරක් මදි, තියන ගස් ටික කපලා විල්පත්තුවට මේ විනාශය උදා කරපු ගස් වැද්දන්ගෙනුයි, එ්කට අනුබල දීපු ඇමතිතුමා ප්‍රමුඛ රජයේ ඇමැතිවරු සෙට් එකෙනුයි මේ වියදම අයකර ගත යුතුයි.

:       13       19

සංජීව Saturday, 27 July 2019 04:51 AM

අපේ රටට ඩොලර් ගෙනෙන තවත් එක ප්‍රධාන දෙයක් තමයි වනජීවී සම්පත්. ඒවා රැකගැනීම අපේ යුතුකමක්. අපේ මිනිස්සු කැලෑ අල්ලගෙන වගාකරලා සතුන්ගේ වාසස්ථාන නැති කරනවා. එ්ක අපරාධයක්. වගා කරන්නේ නැති බිම් ඕනේතරම්... ඒවා විධිමත්ව භාවිතා කරවන්න ක්‍රියා කළ යුතුයි.

:       0       36

upali Saturday, 27 July 2019 08:25 AM

පළාතේ තියෙන හමුදා කඳවුරෙන් සහාය ලබන්න ලබන්න. ඔවුන් ළඟ ආවශ්‍ය උපකරණ සුලභව ඇත.

:       1       9

SANJEEWA Sunday, 28 July 2019 06:59 AM

ඉතුරු ගස් ටිකත් කපල දැම්මනම් සත්තුන්ට විතරක් නෙවෙයි අපටත් වතුර හොයාගෙන යන්න වෙන දවස වැඩි ඈතක නෑ

:       0       6

Anu Monday, 29 July 2019 06:08 AM

හොඳ වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site