(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු රැසක් සිඳී යාම හේතුවෙන් ඉදිකර ඇති සිමෙන්ති පොකුණු වෙත බවුසර් වලින් ජලය දැමීම මේ වන විට සිදු කරන බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා අද (26) දින පැවසීය.
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පවසා සිටියේ මේ වන විට උද්‍යානයේ ඇති විල්ලු 42 ක් අතරින් 30 කට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් සිඳී යාම හේතුවෙන් වන සතුන්ට ආහාර සහ ජලය සොයා සැතපුම් ගණනක් ගමන් කිරීමට සිදුව ඇති බවයි.
මේ හේතුව නිසා ලීටර් දස දහසකට වඩා ජල ධාරිතාවක් දැමීමට හැකි වන අයුරින් උද්‍යානයේ සකසා ඇති කොන්ක්‍රිට් පොකුණු වෙත වනජීවී නිලධාරීන් විසින් දින කිපයකට වරක් බවුසර් යොදා ගනිමින් ජලය දැමීම සිදුකරනු ලබයි.
එම පොකුණු වෙත ජලය බීමට කුඩා කුරුල්ලන්ගේ සිට වලහා, මුවා, ගෝනා, දිවියා සහ අලියා ඇතුළු අනිකුත් වන සතුන් දිය පානය කිරීමට පුරුදුව ඇති බවද වන ජීවී නිලධාරීහු පවසති.
උද්‍යානයේ ඇති මෙම කොන්ක්‍රිට් පොකුණු වෙත කළාඔයේ සිට කිලෝ මීටර් 30 ක පමණ දුරක් බවුසර් මගින් රැගෙන එනු ලබයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කාලෝචිත පියවරක්. සෑම ඉඩෝර කාලයකදීම හැම වනෝද්‍යානයකම මෙය ක්‍රියාත්මක කළයුතුයි.
මේ කියන දේට සමහරු කියයි මෝඩ කතාවක් කියලා. මේ නියඟය කියන එක දැන් දැන් අපිට නිතර බලපාන එකක් නිසා අපිට බැරිද කාගේ හෝ උදව් අැතිව නල මගින් ජලය සැපයීමට විදිහක් හදා ගන්න...?
මහත් පින් ලැබෙන සත් ක්‍රියාවකි. තම රාජකාරිය කරමින් පින් රැස්කරගන්නා ඔබලාගේ සියලු පතුම් ඉටු වේවා !!! වෛද්‍ය සංගමයේ හාදයන්ටත් අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා !!
දැන් පින් අනුමෝදන් කරලා විතරක් මදි, තියන ගස් ටික කපලා විල්පත්තුවට මේ විනාශය උදා කරපු ගස් වැද්දන්ගෙනුයි, එ්කට අනුබල දීපු ඇමතිතුමා ප්‍රමුඛ රජයේ ඇමැතිවරු සෙට් එකෙනුයි මේ වියදම අයකර ගත යුතුයි.
අපේ රටට ඩොලර් ගෙනෙන තවත් එක ප්‍රධාන දෙයක් තමයි වනජීවී සම්පත්. ඒවා රැකගැනීම අපේ යුතුකමක්. අපේ මිනිස්සු කැලෑ අල්ලගෙන වගාකරලා සතුන්ගේ වාසස්ථාන නැති කරනවා. එ්ක අපරාධයක්. වගා කරන්නේ නැති බිම් ඕනේතරම්... ඒවා විධිමත්ව භාවිතා කරවන්න ක්‍රියා කළ යුතුයි.
පළාතේ තියෙන හමුදා කඳවුරෙන් සහාය ලබන්න ලබන්න. ඔවුන් ළඟ ආවශ්‍ය උපකරණ සුලභව ඇත.
ඉතුරු ගස් ටිකත් කපල දැම්මනම් සත්තුන්ට විතරක් නෙවෙයි අපටත් වතුර හොයාගෙන යන්න වෙන දවස වැඩි ඈතක නෑ
හොඳ වැඩක්