(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින වියළි කාළගුණ තත්වයත් සමඟ විල්පත්තුවේ විල්ලු 30 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන් සිඳී ගොස් ඇති බවත් අනෙක් විල්ලු වලද ජලය අඩුවී ඇති බවත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු සිඳී යාමත් සමඟ වන සතුන් පිපාසිතව ජලය සොයා වනෝද්‍යානය තුළ සැරිසරමින් සිටින බවද කියයි.
එසේම උද්‍යානයේ තෘණ සියල්ලම පිලිස්සි යාමෙන් වන සතුන්ට තෘණ සොයා සැතපුම් ගණනක් යාමට සිදුව ඇති බවත් වියළී නොගිය තෘණ සොයා ගැනීමට අසිරු බවත් වනජීවි නිළධාරීහු පවසති.
විල්පත්තුව උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පවසා සිටියේ ඉදිරි මාසය තුළදී ද වැසි නොලැබුනොහොත් වන සතුන් බේරා ගැනීමට විශාල කැපවීමක් සිදුකිරීම සිදුවන බවයි.
එසේම ඔහු පවසා සිටියේ විල්ලු සිඳී යාම නිසා කෘත්‍රීම කොන්ක්‍රිට් පොකුණු ඉදි කර ඇති බවත් ඒවාට බවුසර් මගින් ජලය දැමීමට කටයුතු කරමින් සිටින බවත් උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විල්පත්තුව කපපු මහා ඌරාටයි, ඒවා බලාගෙන නොදැක්කා සේ හිටපු අනිත් වල් ඌරන්ටයි මුත්‍රා කරන්න තියෙන්නේ... දැන් විල්ලු ටික පිරෙන්න. ගස් ටික තිබ්බානම් අවම වශයෙන් වැටෙන වතුර ටික හරි පොළවට උරාගෙන තව ටික කාලයක් ඉන්න තිබුණා මේ වගේ වේලෙන්නේ නැතිව...
සොබාදහම විනාශ කරන කාට වුණත් සොබාදහමෙන්ම දඬුවම් ලැබේවි...!!!
හරිම සන්තෝෂයි සතුන්ට ඇතිවන පීඩාව ගැන විශාල දුකක් ඇති උනත් සතුන්ට ජලය ලබාදීමේ ක්‍රමවේදයක් අනෙක් වනාන්තරවල මෙන් ක්‍රියාත්මක කරන ලෙස වන අඩවි නිලධාරීන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
"දරමිටි බැඳගෙන නියඟය අවිදින්"... ඒ වුනත් මේ දර්ශන පෙළ නම් සුන්දරයි ..
නායකයො මේවාට වගකිව යුතුයි