IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුත්තලමේ වැව් 550 ක් සම්පූර්ණයෙන්ම සිඳී යයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මේ දිනවල පවතින  නියඟයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට  අයත්  වැව් පද්ධතියෙන්  අඩක්ම සිඳී ගොස් ඇත.

නියමිත ලෙස වර්ෂාව නොලැබීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වැව් 1207 කින්  වැව් 550 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සිඳී ගොස්  තිබේ.

සිඳී ගිය වැව්වලින් වැව් 400 කට වැඩි ප්‍රමාණයක් ආණමඩුව මැතිවරණ කොට්ඨාශයට අයත්ය. වැව් සිඳීයාමෙන් වගා කර තිබූ වී ගොවිතැනින් අක්කර 10000 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවට තොරතුරු සතු බව  පුත්තලම ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
 
වැව්වල ජලය සිඳී යාමත් සමඟ වන සතුන් ගම්මාන කරා පැමිණීමට පටන් ගෙන ඇති බව ජනතාව පවසයි. එයට අමතරව ගෘහස්තව ඇති කරන සතුන්ටද ජලය සපයා ගැනිමට ගැටලු මතුව ඇති බව ගොවිපල හිමිකරුවෝ පවසති. කුඹුරු වලට ජලය නොමැතිවීම නිසා මේ වන විට තමන් දැඩි අසරණතාවයන්ට පත්ව ඇති බවට ගොවිහූ පවසති.



අදහස් (3)

පුත්තලමේ වැව් 550 ක් සම්පූර්ණයෙන්ම සිඳී යයි

ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 21 July 2019 06:24 AM

හැමදාම පුත්තලමේ වතුර ප්‍රශ්නේ කැළණි ගගේ වතුර ඇල මාර්ගයෙන් පුත්තලමට ගෙනි යන්න සකස් කෙරුවනම්

:       0       7

Leslie Monday, 22 July 2019 02:24 AM

පුත්තලමේ ඉදල තමා හැමිල්ටන් ඇල කැළණි ගගට යන්නේ

:       0       0

Sena Monday, 22 July 2019 09:32 AM

හැමිල්ටන් ඇල ආපස්සට පුත්තලම් පැත්තට ගලන්ඩ සලස්වන්ද බැරිද ?

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site