‘‘තවත් කළු ජූලියක් එපා‘‘ තේමා කරගනිමින් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අද (23) කොළඹ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි.
සමාජවාදී තරුණ සංගමය 2008 වසරේ සිට ජූලි 23 මේ දක්වා සහෝදරත්වයේ දිනය ලෙස නම් කර තිබුණි.
ඔවුහු පැමිණ සිටි පිරිස සමඟ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක යෙදී සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්හරි දෙයක් හදාගෙන මේ අය කැපිලා පෙනෙන්න හදනවා
අවුරුදු 36 කින් ආපු නැති එකක් ගැන ලකුණු දාගන්න බොරු සමාජවාදීයන් කට වහාගෙන කෑගහනවා.පව්
කීප දෙනෙක් එකතු වෙලා පාරවල් වහගෙන විකාර නටනවා. මෙච්චර දවසකට මෙහෙම සංගමයක් තිබුනේ නැහැ, ඊයේමද කොහෙද අටවාගෙන තියෙන්නේ
රාජ්‍ය නොවන සංවිධාන වලට දැන්වත් කඩේ යන්නෙපා. හුගක් වෙලාවට ඒවාට කඩේ යන අය දන්නෙත් නැහැ ඔවුන් මේ නොදැන කඩේ යන්නේ වෙනත් අයගේ වෙනම න්‍යාය පත්‍රයකට කියලා. එකයි කනගාටුව. බුද්ධිමත්ව කටයුතු කරන්න, කිසිම දෙයක් සල්ලි නිසාවත් සැහැල්ලුවට ගන්නෙපා.!
88/89 වගේ බස් ගිනි තියන්න, ලයට් කණු පෙරලන්න, ට්‍රාන්ස්ෆොර්මෙර් කඩන්න, විරුද්ධ වාදී දේශපාලන මත දරන අය මරන්න, නියෝග නොතකා රැකියාවට ගිය බස් රියදුරු මහතුන්, ග්‍රාම සේවක මහතුන් මරන්න, ප්‍රේමකීර්ති, විජය, තේවිස් ගුරුගේ වැනි අග්‍රගණනය මිනිසුන් මරා දන්නා නැවතත් කාලයක් එපා කියලත් පෙළපාලි ගියොත් නරකද සමාජවාදී තරුණ සංගමය?
අපේ හැටි පේනවනේ..
අනිත් ජාතීන්ට අත දිගුකරන්න ඉස්සෙල්ලා, බෞද්ධ අපේ වැරදි හදා ගනිමු.. අපි වපුරලා තියෙන්නම ජාතිවාදයයි.
සිංහල අපේ තිබ්බෙම ඉරිසියාව... මිනිහෙක් හොඳට ඉන්නවට කැමති නැති ඉරිසියාව.. අපි 1971 ඉඳන්ම එ්ක තමයි කළේ.. අනුන් හම්බ කරපු දේවල් විනාශ කර ඔවුන්ගේ දේපල කොල්ල කාලා මේ කරන වැඩෙන් අපිට කවද හරියයිද? දෙමල මිනිස්සුන්ගේ කඩවල් කොල්ල කාලා අපිට හරිගියාද..? ක්‍රිස්තියානි මිනිස්සුන්ට සහ මුස්ලිම් මිනිස්සුන්ට නිදහසේ ඉන්න දුන්නද..? ඔවුන්ගේ කඩවලුත් කොල්ල කෑවා.. බෞද්ධ අපි කතාවෙන් පමණයි බෞද්ධ..
සිංහල, බෞද්ධ මිනිස්සු ජාතිවාදීන්වත්, අවස්ථාවාදීන්වත් නෙමෙයි. මම කතෝලිකයෙක් වශයෙන් දකින දේ මේ කියන්නේ... අනිකුත් ජාතීන් සහ ආගම් මේ රටේ ඇති වුනේ සිංහල මිනිස්සුන්ගේ තියෙන සෞම්‍ය මිනිස්කම නිසා... හැම ජාතියකම, ආගමකම වගේම සිංහලයන් සහ බෞද්ධයන් අතරේත් වැරදි දැක්මක් ඇති අතලොස්සක් සිටිනවා. මේ අය තමයි කවදත් කෝලාහල සහ මංකොල්ලකෑම්වලට ඉදිරිපත් වුනේ... එකට මුළු මහත් ජාතියම පලි නැහැ. මෙවැනි සිදුවීම් වෙනත් රටවල් වලත් සිදුවෙනවා. නමුත් ඒ අය තමන්ගේ රටේ ගෞරවය ගැන සිතා ඒවා යටපත් කරනවා. මේ රටේ මිනිස්සු වගේ උඩ බලාගෙන කෙළ ගහගන්නේ නැහැ.. වෙනස එතැනයි.