ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරැඹෙයි තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයේ 50වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ජාතික මුද්දර ප්‍රදර්ශනය අද(8) තැපැල් ඇමැති එම්.එච්.අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, තැපැල් මූලස්ථානයේ දී ආරම්භ විය. 08 November 2017
අඹගමුවෙන් ශ්‍රීපාදය ගැලවීම ගැන දෙවියන්ට කියති එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන අමාත්‍යංශය විසින් අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනකට කඩා වෙන් කිරිමේදි ශ්‍රී පාදස්ථානය අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් වෙන් කර මස්කෙළිය ප්‍රාදේශිය සභාවට ඇතුළු කිරීමට මෙරට පාලකයින් කටයුතු කර ඇති බව පවසමින් මස්කෙළිය සමන් දේවාලයේදි අද (8) කන්ද උඩරට ප්‍රගතිශිලි ජනතා ව්‍යපාරය මගින් විශේෂ සමන් දේව පුජාවක් පවත්වනු ලැබීය. 08 November 2017
පෙට්‍රල් පෝලිම අදත් පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් අදත් (08) රටපුරා පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබිණි. 08 November 2017
උපවාසයට සහාය දක්වමින් අන්තරේ විරෝධයක වෛද්‍ය සිසුන්ගේ දෙමාපිය සංසදය විසින් සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹදී ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයට සහයෝගය දැක්වීම සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද(7) කොළඹ දන්ත වෛද්‍යායතනය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. 07 November 2017
ඉන්ධනහල් අසල වාහන පෝලිම් තවත් දිගුවෙයි රට පුරා ඉන්ධනහල් රැසක අදත් දිගු වාහන පෝලිම් දැකිය හැකි විය. 07 November 2017
වයඹ ප්‍රා. සභාවට මන්ත්‍රීවරු බර කරත්තයෙන් එති වයඹ පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රට පුරා පවතින පෙට්‍රල් හිඟයට විරෝධය පළ කරමින් අද (7) පැවති සභා රැස්වීමට සහභාගි විමට බර කරත්තයෙන් පැමිණෙති. 07 November 2017
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් ගලහදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද සයිටම් විරෝධී උද්ගෝෂණයක් අද (06) ගලහ මංසන්දියේදී පැවැත්විණි. 06 November 2017
ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම් දිවයින පුරා ඉන්ධනහල් රැසක මේ වනවිටත් දිගු පෝලිම් දැකිය හැකිය. 06 November 2017
බෞද්ධ සම්මේලන සාමාජිකයෝ අටමස්ථානය වන්දනා කරති අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයේ සමාජිකයෝ අද(6) අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගැනිමට එක්වුහ. 06 November 2017
දණවටක් තිබූ වතුර පාර මොහොතකින් වැඩි වුණා මුලින් දණහිස ගාවට තිබූ වතුර මට්ටම සුළු මොහොතකින් සැඩ ජල පහරක් ලෙස වැඩි වූ බව මාතලේ ලග්ගල ඇටන්වල තෙල්ගමුව ඔයේ වැද්දාපැනි ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිට මියගිය කිංස්ලි රත්නායක මහතාගේ බිරිය දුලීකා මාරසිංහ මහත්මිය පැවසුවාය. 05 November 2017
පලාලි ඉඩම් නිදහස් කරන්නැයි නිහඬ විරෝධයක් යුද හමුදාව බාරයේ ඇති යාපනය පලාලි සහ වාසවිලාන් ප්‍රදේශවල ඉඩම් වල නැවත පදිංචි කිරීම් සිදුකරන්නැයි බලකරමින් යාපනය පලාලි යුද හමුදා ජනපදය ඉදිරිපිට අද (5) නිහඬ විරෝධතාවක් සිදුකෙරිනි. 05 November 2017
කේක් ගෙඩියක් පිහිනුම් තටාකයේදී නිර්මාණය කරයි මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් නිර්මාණය කරන සාම්ප්‍රදායික කේක් එකක් නුවරඑළිය බ්ලැක්පූල් හෝටලයේ පිහිනුම් තටාකයේදී අද සිදු කළේය. 04 November 2017
ජනපති පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිවසට හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් අද (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය. 03 November 2017
කොංග්රස් ආධාරකරුවෝ හැටන් නගරයේ උද්ඝෝෂණයක ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ආරම්භ කර ඇති උද්ඝෝෂණයට සහයෝගය දැක්වීමට අද (3) හැටන් කොටගල වෙළදසැල් වසාදමා තිබේ. 03 November 2017
කල්පිටියේ ප්‍රථම චෛත්‍යයට කොත පළඳවති කල්පිටිය අර්ධද්විපයේ ප්‍රථම චෛත්‍යයේ කොත පැළදවීමේ උළෙල අද (2) දින උත්කර්ශවත් අන්දමින් දලුව ශ්‍රි සුමනාරමයේ දී සිදු විය. බුද්ධ ශාසන හා අධිකරන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල සහ කල්පිටිය ශාසනාරක්ෂ බළ මණ්ඩලයේ ප්‍රධාන ලේකඛාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් මෙම කොත පළදවන ලදී. 02 November 2017
හැටන් නගරයේ කම්කරු සංගමය රතිඤ්ඤා පත්තු කරයි අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය කොටස් තුනකට වෙන් කීරීම පිළිබඳව සතුට පළ කරමින් කම්කරු ජාතික සංගමය අද (2) හැටන් නගර මධ්‍යයයේදී රතිඤ්ඤා පත්තු කළේය. 02 November 2017
ආබාධිත රණවිරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(1) සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේ.ඩී.ඒ කලාගාරයේ දී පැවැත්විණි. 01 November 2017
සයිටම් විරෝධීහු සංකේත උපවාස අරඹති මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සයිටම් විරෝධී ජන පවුර අද(1) දිස්ත්‍රික් කිහිපයක සංකේත සත්යග්රහ පැවැත්වීය. 01 November 2017
මානව අයිතිය රකින සැලැස්ම එළිදකී ශ්‍රී ලංකා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(1) පාර්ලිමේන්තුවේ දී සිදුකෙරිණි. 01 November 2017
වෛද්‍ය සිසුහු ජාතික රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද(1) සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. 01 November 2017
ගාලු කොටුවෙන් පාසල ඉවත් කරනවාට විරෝධය ගාල්ල කොටුවේ සියලු ශාන්තුවරයන්ගේ පාසල එම ස්ථානයෙන් ඉවත්කිරීමට විරෝධය පළකරමින් අද (01) ගාලු නගරය වටා සාමකාමී විරෝධතා පාගමනක් පැවැත්වූ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු පිරිස ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටි.කොඩිකාර මහතා හමුවී සන්දේශයක් භාර දුන්හ. 01 November 2017
නව නාවික හමුදාපති ජනපති හමු වෙයි නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. 31 October 2017
කල්මුනේ නගර සභාව කැබලි කිරිමට විරෝධය කල්මුනේ මහ නගර සභාව වෙන් නොකරන ලෙස ඉල්ලා කල්මුනේ ප්‍රදේශවාසීහු අද (31) විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළහ. 31 October 2017
අඹගමුව ප්‍රා.සභාව කොටස් තුනකට වෙන් කිරිමට විරෝධය පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී අඹගමුව ප්‍රාදේශිය සභාව කොට්ඨාස ක්‍රමය අනුව කොටස් තුනකට වෙන් කිරිමේදී සිංහල ජනතාව බහුතරයක් ජීවත්වන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ශ්‍රීපාදස්ථානය පිහිටි භුමිය වෙන් කිරීමට එරෙහිව අද (31) ගිනිගත්හේන නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි. 31 October 2017
මහ වැස්සෙන් බදුල්ලේ දියඇලි තර වෙයි මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට ඇදහැළෙන මහ වැසි නිසා රාවණා ඇල්ල, දුන්හිඳ ඇල්ල , දියලුම ඇල්ල ඇතුළු දියඇලිවල ජලය විශාල වශයෙන් වැඩිවෙමින් පවතී. බදුලු ඔයේ ජල මට්ටමටද ඉහළ ගොස් ඇත. 31 October 2017
එජාප ප්රගතියෙන් බිඳක් එළිදකී ජාතික ආණ්ඩුවේ පසුගිය වසර දෙකක කාලයේ එක්සත් ජාතික පක්ෂය ළඟා කරගත් සුවිශේෂී ජයග්‍රහණ සවිස්තරාත්මකව ඇතුළත් ‘ප්රගතියෙන් බිඳක්’ නමැති විශේෂ වාර්තාව එළිදැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද(30) සිදු කෙරිණි. 30 October 2017
ඒකාබද්ධයේ විරෝධයෙන් පාර්ලිමේන්තු පාර වැසේ නව ව්‍යවස්ථා කෙටුම්පතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද(30) ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු පාර වසා දමා ඇත. 30 October 2017
නව ව්‍යවස්ථාව ගෙනාවොත් අවි අතට ගන්නවා. නැ‘හිර ජනතා සංවිධානය යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පා ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව ඉදිරිපිට අද (28) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. නැගෙනහිර ජනතා සංවිධානය මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. 28 October 2017
රන්වැලි නිවාඩු නිකේතනයේ නත්තල් කේක් මිශ්‍රණය දිවයිනේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් වන වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනයේ වාර්ෂික නත්තල් කේක් ගෙඩිය වෙනුවෙන් සාම්ප්‍රදායික මිශ්‍රණය සෑදීම අද(27) උදැසන විදේශිය සංචාරකයන්ගේ, විධායක නිපධාරින්ගේ හා කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. 27 October 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025