IMG-LOGO

පලාලි ඉඩම් නිදහස් කරන්නැයි නිහඬ විරෝධයක්

සිරාජ් හසීම්

යුද හමුදාව බාරයේ ඇති යාපනය පලාලි සහ වාසවිලාන් ප්‍රදේශවල ඉඩම් වල නැවත පදිංචි කිරීම් සිදුකරන්නැයි බලකරමින් යාපනය පලාලි යුද හමුදා ජනපදය ඉදිරිපිට අද (5)  නිහඬ විරෝධතාවක් සිදුකෙරිනි.

යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලාලි දකුණ සහ වාසවිලාන් යන සීමාවන්හි ඉඩම් හිමි පිරිස්   මෙම විරෝධතාවය සිදුකළහ.

වාසවිලාන් ග්‍රාමීය ප්‍රගතශීලී සංගමය ඉදිරියෙන් ආරම්භ කළ මෙම විරෝධතා පාගමන පලාලි යුද හමුදා ජනපදය ඉදිරියට පැමිණියේය.

මෙම විරෝධතාව පැවති ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රීක් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා   පැවසුවේ මෙම ගැටළුව ගැන උතුරු ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සමඟ සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බවයි.



අදහස් (4)

පලාලි ඉඩම් නිදහස් කරන්නැයි නිහඬ විරෝධයක්

Kamal Sunday, 05 November 2017 09:04 AM

බැසිල් මහත්තයා එනකම්ම ඉන්න වේවිද?

:       1       8

kumar (galf) Sunday, 05 November 2017 09:33 AM

මේ ඉඩම් අයිති කාරයන්ගෙන් වැඩි හරියක් එක්කෝ යුද්ධයෙන් මැරිලා ඊටත් වැඩි හරියක් කැනඩාවේ, යුරෝපයේ හා ඕස්ට්‍රේලියාවේ. මේ නිකන් නාඩගන්... එක එක්කෙනාගේ ඕනෑකම්වලට. වෙන කොහෙන් හරි ඉඩ ඇති තැනකින් දෙන්න සුදුසුම අයට....

:       213       711

nihal Monday, 06 November 2017 01:12 AM

නියමිත ඔප්පු තිබේ නම් ඒ අයට ඊට නුදුරු ස්ථානයකින් රජයේ ඉඩම් ලබාදිය යුතුය... පලාලි හමුදා ජනපදය තිබෙන ස්ථානයේම තිබිය යුතුය.. දෙමළ මිනිසුන්ගේ ඉල්ලීම් කෙළවරක් නැත... කොහෙන් හරි කොනක් අල්ලාගෙන අරගලයක් පටන් ගන්න හදනවා.. අතීතයේ සිටම මෙය සිදුවී ඇත... මේවාට පිළිතුරු දීමට පාලකයන්ට කොන්ද පණ තිබිය යුතුය... කිසිම හමුදා කඳවුරක්. උතුරු - නැගෙනහිරින් ඉවත් නොකළ යුතුය.

:       0       103

bumunuarachchi Friday, 10 November 2017 04:35 AM

රටෙන් 2/5 ලැබෙන තුරු දෙමල්ලු ඉල්ලීම් ඉල්ලාවි. ඡන්දෙ ගන්න මුන් ඒවත් දෙවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site