IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සයිටම් විරෝධීහු සංකේත උපවාස අරඹති

(අමල් වික්‍රමරත්න, මොහොමඩ් ආසික්)

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සයිටම් විරෝධී ජන පවුර අද(1) දිස්ත්‍රික් කිහිපයක සංකේත  සත්‍යග්‍රහ පැවැත්වීය.

සයිටම් විරෝධී ගාලු දිස්ත්‍රික් ජන පවුර අද(1) සංකේත  සත්‍යග්‍රහයක් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී  ආරම්භ කළේය.

වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපිය සංගමය විසින් ලබන 6වැනිදා පැවැත්විමට නියමිත උපවාසයට සමගාමීව මෙම සත්‍යග්‍රහය අද දිනය පුරා ක්‍රියාත්මක කෙරිණි. 

සයිටම් විරෝධී ජන පවුර අද මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා  උද්‍යානය ඉදිරිපිටදී ද සංකේත උපවාසයක්  පවත්වනු ලැබීය.

ඡායාරූපය - මොහොමඩ් ආසික්

ඡායාරූපය - අමල් වික්‍රමරත්න



අදහස් (11)

සයිටම් විරෝධීහු සංකේත උපවාස අරඹති

mahinda Wednesday, 01 November 2017 01:54 PM

මේ අය තමාගේ දරුවන්ගේ අධ්‍යාපනයත් නැති කරනවා. වැඩක් නැති පුදුම දෙමව්පියෝ !

:       2       310

IK Wednesday, 01 November 2017 02:26 PM

එක එක දවසට එක එක බොරු කිය කියා මෙහෙම මිනිස්සු රවට්ටන්නේ? මුළු ආණ්ඩු කාලෙම කරන්නේ කමිටු පත් කර කර නඩු අහන එක විතරයි. රටේ කිසිම සංවර්ධනයක් නෑහෑ. රටේ මිනිස්සුන්ට වගතුවාක් නෑහෑ.

:       231       9

vidya Wednesday, 01 November 2017 03:35 PM

උපවාසේ යෙදෙන්නේ සෙල්පෝන් වල එල්ලිලානේ. කලබල කරන්නේ නැතිව ඔහොමම ඉඳගෙන ඉන්න දෙන්න. වහිනකොට දුවයි

:       1       279

mahee Wednesday, 01 November 2017 07:11 PM

දොස්තරලා එකඟයි, උප කුලපතිවරු එකඟයි, මේ ගොල්ල උපවාසේ. අර දේශපාලුවෝ ටික ඉඩ දෙන්නේ නෑ නේද මොන විසඳුමක්වත් පිළිගන්න? ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ මොනවා හරි බාල්දි පෙරලමින් ඉන්න තාක් කල් පමණයි නේ. ඒකට කියන්නේ නම් නොනවතින අරගලය කියලයි. ඒ කියන්නේ නොනවතින බාල්දිය!

:       1       283

Joy Thursday, 02 November 2017 04:12 AM

මේ දෙමාපියන්ද කියල කියන්නත් අප්පිරියයි. ඔබල කල යුත්තේ ඔබගේ අහිංසක දරැවන් පන්ති වලට යැවීම නොවේද. මෙම සටනෙන් අවසානයේ පාඩු විඳින්නේ ඔබේ දරුවන් පමණක් බව ඔබලට තේරෙන්නේ නැද්ද. දොස්තරලා ඔවුන්ගේ පෞද්ගලික චැනල් එක දවසක්වත් නැවැත්තුවද? ජේ වී පී නායකයන්ගේ දරුවන් ඉගෙන ගත්තේ සහ ඉගෙන ගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල බව ඔබල නොදන්නේද? පෙරටුගාමී නායකයා ඔස්ට්‍රේරිලිය පුරවැසියෙක් බව ඔබල නොදන්නේද? ඔහු ඕනෙම වෙලාවක රටහැර යා හැකිය. තරමක් බුද්ධියෙන් සිතන්න. දරුවන්ගේ අනාගතය විනාශ නොකර ඔවුන් අධ්‍යාපනයට යොමු කරන්න. තවත් යමක් කිව යුතුයි. ලෝකයේ උසස් අධ්‍යාපනය නොමිලේ දෙන එකම රට ලංකාව බව ඔබල නොදන්නවා ඇති. සියලුම රටවල උසස් අධ්‍යාපනය සඳහා මුදල් අයකරන අතර එම ආයතන ලාභ නොලබන ආයතන ලෙස පවත්වාගන යයි. සිසුන්ට මුදල් ආධාර දෙන අතර ඒවයේ රැකියාව කරන විට ආපසු අය කර ගනී. ලිඳේ සිටින ගෙම්බන් වගේ නැතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

:       1       602

Thilak Thursday, 02 November 2017 05:47 AM

දරුවන් මහමගට දමන මෝඩ දෙමව්පියෝ.......

:       1       167

RUCHI Thursday, 02 November 2017 07:34 AM

නත්තල් පප්පත් සූට් එක මාරුකරන් ඇවිත් ඉන්නේ පළමුවන පින්තුරේ.

:       1       71

Kamal Thursday, 02 November 2017 10:48 AM

තමන්වත් ඡන්දය නොදුන් පක්ෂයක් වෙනුවෙන් තමන්ගේ දරුවන් බිලිදෙන මෝඩ දෙමාපියෝ...

:       1       55

varuna Thursday, 02 November 2017 11:16 AM

කට්ට කයිරාටික දේශපාලුවන්ගේ අතකොලු නොවී බුද්ධිමත්ව සිතන්න . තම දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම අනාගතයද අඳුරු නොකර කරුණාකර නැවත අධ්‍යාපන කටයුතු සඳහා ඔවුන්ව යොමුකරන්න . එසේ නොවුනහොත් අනාගතයේදී ඔබේ දරුවන් ඔබට සාප කරනු ඇත .

:       1       23

Bimal Thursday, 02 November 2017 11:30 AM

ඔබලාගේ දරුවන් කුහක ගති උරුම කරගත්තේ සමාජයෙන් නොව ඔබෙන් බව පැහැදිලියි. අනුන්ගේ අධ්‍යාපන ප්‍රමිතිය අදාළ නිලධාරින් බලා ගනීවි.

:       1       7

jayampathi Friday, 03 November 2017 08:05 AM

මෙම දෙමව්පියන් සමග රුපවාහිනී සජීවී සංවාදයක් තබා , මොවුන් සයිටම් ගැන දන්නේ මොනවාදැයි ඇසිය යුතුයි. සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය අහෝසි වෙන්නේ කෙසේදැයි සහ සයිටම් නිසා අවුරුද්දක් පමණ මොවුන්ගේ ළමයින්ට අධ්‍යාපන කරගත නොහැක්කේ කෙසේ දැයි මොවුන් රටට හෙලිකල යුතුයි. ශිෂ්‍යයින් පුද්ගලීක විද්‍යාලයකින් උසස් අධ්‍යාපනයක් ලැබුවොත් , රජයෙන් නොමිලේ ඉගනගන්න ළමයින් පන්ති නොයා පාරට බැසිය යුත්තේ ඇයි දැයි රටට පහදා දිය යුතුයි. පුළුවන් අය යම් ප්‍රමාණයක් පුද්ගලිකව අධ්‍යාපනය හදාරනවනම්, රජයේ විශ්ව විද්‍යාලවලට නිදහස් අධ්‍යාපනය බලාපොරොත්තුව ඉන්න අයට ඇති ඉඩකඩ වැඩි වෙනවද ? අඩුවෙනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1441 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site