(අමල් වික්‍රමරත්න)
ගාල්ල කොටුවේ සියලු ශාන්තුවරයන්ගේ පාසල එම ස්ථානයෙන් ඉවත්කිරීමට විරෝධය පළකරමින් අද (01) ගාලු නගරය වටා සාමකාමී විරෝධතා පාගමනක් පැවැත්වූ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු පිරිස ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටි.කොඩිකාර මහතා හමුවී සන්දේශයක් බාරදීමට ගියද එය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
සංදේශය භාරදීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට එක්වූ පිරිස කාර්යාලය ඉදිරිපිට ගාලු කොළඹ මහා මාර්ගය අවහිර කරමින් බිම වාඩිවී උද්ඝෝෂණයක නිරත වූහ.
මේ හේතුවෙන් ගාලු - කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල විය.
ලෝක උරුමයක් වන ගාල්ල කොටුවේ පිහිටා ඇති රාජ්‍ය ආයතන 15ක් දෙසැම්බර් මස අවසානයට පෙර කොටුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනය නිකුත් වී ඇති බවත් ඒ අනුව අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ගාලු උරුමය පදනමේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත මහතා පසුගියදා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන විකාරයක්ද - පාසල ඉවත් කරනවාට විරෝධය පාන්නේ අලුත් පාසලක් නවීන පහසුකම් සහ වැඩි ඉඩ පහසුකම් ලැබෙන බව නොදැනද ? නැතිනම් මෝස්තරයට වගේ මේගොල්ලොත් පාර වහගෙන උද්ගෝෂණය කරනවද - මේ රට ගෝත්‍රික බැවින් මිදිලා දියුණු වෙන්නේ කවදද ?
අපිත් ගාල්ලේ කොල්ලෝ තමයි. නමුත් දිස්ත්‍රික් ලේකම්වරයා හරියටම සලකල තියනවා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු පිරිසට.
පාසැල නොවෙයි ඔය තියෙන ගෙවල්. ඉන්දියන් කඩ අයින් කරන්න ඒවා දැක්කම හරිම හිරිකිතයි
Ashan මම පිළිගන්නවා ඇත්ත කතා කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. හැබැයි ඇත්ත මොකක්ද කියලා හරියට නොදැන ඇත්ත වගේ නොදන්න දෙයක් ගැන කතා කරන එක සදාචාරයට ගැලපෙන්නේ නෑ නේද