(පාලිත ආරියවංශ)
මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට ඇදහැළෙන මහ වැසි නිසා රාවණා ඇල්ල, දුන්හිඳ ඇල්ල , දියලුම ඇල්ල ඇතුළු දියඇලිවල ජලය විශාල වශයෙන් වැඩිවෙමින් පවතී. බදුලු ඔයේ ජල මට්ටමටද ඉහළ ගොස් ඇත.
මේ තත්ත්වය නිසා දියඇලි පාමුල හා ජලාශවල දියනෑමෙන් ද රාත්‍රී කාලයේ කුඩා දියපහරවල් වලට බැස ඒ හරහා ගමන් කිරිමෙන් ද වළකින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.
බදුල්ල - බණ්ඩාරවෙල , බදුල්ල - වැලිමඩ, ඇල්ල -වැල්ලවාය , හපුතලේ-බෙරගල , බදුල්ල- මහියංගනය යන මාර්ගයවලට පස් කදු ,ගල් හා ගස් කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් රිය පදවන ලෙස බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාරසිංහ සහ බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර යන මහත්වරු පවසති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්.......!!!!!!
ලස්සන අපේ රට .. විනාශවන්න ඉඩ නොදිය යුතුයි ...දේශපාලනය නැති නම් තවත් ලස්සන වෙනවා....
ඉතා මනරම්... මෙවන් දර්ශන දැකීම මහත් භාග්‍යක්. මෙම දිය ඇලි මොනතරම් උසට සද්දෙට කඩා හැලුනත් මිනිසා තරම් අකාරුණික නැත..
රාවණා ඇල්ල, දුන්හිඳ ඇල්ල , දියලුම ඇල්ල ඇතුළු දියඇලිවල ජලය විශාල වශයෙන් වැඩිවෙමින් පවතී.