කාසල්රි - මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟම විවෘත කර තිබු ලක්ෂාපන ජලාශය ඉහළ කොත්මලේ සහ කැනියොන් ජලාශවල වාන් දොරටු තාවකාලිකව වසා දැමු බව විදුලි බලමණ්ඩලය පවසයි. 16 October 2017
වාළුකාරාමයේ ඇසල මහා පෙරහර වීථි සංචාරය කරයි කොළඹ 03 , කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරයේ වාර්ෂික ඇසල මහා පෙරහර අද (15) රාත්‍රීයේදී වීථි සංචාරය කළේය. පෙරහැර ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සධාතුක කරඬුව කතරගම වසනා මංගල හස්තිරාජයාගේ පිටෙහි සුභ මොහතින් තැන්පත් කළේය. 15 October 2017
නීතිඥවරයකුගේ කාර්යාලයක් ගිනිගනී කොළඹ අලුත්කඩේ මහාධිකරණය අසල බැල්මන්ට් වීදියේ නීතීඥ මහතෙකුට අයත් පුද්ගලික කාර්යාලයක් අද (15) සවස හදිසි ගිනි ගැනීමකට ලක්වීමෙන් සම්පුර්ණයෙන් ම විනාශ වී තිබේ. 15 October 2017
ජාතික දීපවාලි දින සැමරුම් උත්සවයෙන්... ජාතික දීපවාලි දින සැමරුම් උත්සවය අද (15) ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 15 October 2017
ඉසඩී ඩී ඇළට වැටුණු අලියා බේරාගැනේ ජලය බිමට පැමිණි වන අලියකු අද (14) දිඹුලාගල අලූත්වැව ප්‍රදේශයෙන් ඉසඞ් ඞී ඇළට වැටිමෙන් පසු පැය අටක පමණ මෙහෙයුමකින් අනතුරුව ගොඩට ගෙන කුඩාවැව රක්ෂිතයට පලවා හැරිය බව වෙහෙරගල වන ජිවි නිලධාරීහු පවසති. 14 October 2017
ඉන්ධන බවුසරය කඩුගන්නාවේදී පෙරළෙයි කොළඹ සිට මහනුවර දක්වා ඉන්ධන රැගෙන එමින් තිබූ ඉන්ධන බවුසරයක් පහළ කඩුගන්නාව වැලමිට වංගුව අසලදී පෙරළී ගොස් ඇත. 13 October 2017
පනත් කෙටුම්පත් තුනට කථානායක අනුමැතිය පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මතවූ පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන පනත් කෙටුම්පත් තුනට කථානායක කරු ජයසූරිය මහතා අද(12) අත්සන් තැබීය. 12 October 2017
පාර්ලිමේන්තුවට එපාවූ සන්නිවේදන පද්ධතිය දළඳා මාලිගාවට පාර්ලිමේන්තුවට නව කැමරා සන්නිවේදන පද්ධතියක් එක් කිරීම නිසා මෙතෙක් භාවිත කළ පැරණි කැමරා උපකරණ ඇතුළු සන්නිවේදන පද්ධතිය මහනුවර ශ්‍රී දළඳා මාලිගයට පරිත්‍යාග කිරීමේ උත්සවය අද(12) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කථානායක නිල කාමරයේ දී පැවැත්විණි. 12 October 2017
දෘෂ්ටි දිනය වෙනුවෙන් පාගමනක් ලෝක දෘශ්ටි දින පා ගමන ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එල්. ජි. මුහන්දිරම්ගේ මහතා ගේ ප්‍රධානතත්වයෙන් අද(11) කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වී අක්ෂි රෝහල දක්වා ගමන් කළේය. 12 October 2017
අගමැති - ෆින්ලන්ත ආර්ථික කටයුතු ඇමැති හමුවක් ෆින්ලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ආර්ථික කටයුතු අමාත්‍ය මිකා ලින්ටිලැ මහතා සමග හෙල්සින්කි නුවර රාජ්‍ය අමුත්තන්ගේ මන්දිරයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය. 11 October 2017
බස්නාහිර මහ ඇමැති කාර්යාලයේ දී පැල සිටුවයි - පැල බෙදයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය ‘එක්ව නැගිටිමු - අටුකොටු පුරවමු‘ වැඩසටහනට සමගාමීව ශක්තියක් වෙමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී අද(11) බෝග පැල සිටුවීම හා බෙදාදීම සිදුකෙරිණි. 11 October 2017
උමා ඔය විපතට පත් ජනතාව සහන ඉල්ලා උද්ඝෝෂණයක් උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල , වැලිමඩ , ඌවපරණගම, ඇල්ල, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල විපතට පත් ජනතාව සහන ලෙස ඉල්ලා අද (11) බදුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් ඇරඹුහ. 11 October 2017
ධර්මපුරම් හිටපු ස්ථානාධිපතිට විශේෂ ඇගයීමක් කිලිනොච්චිය ධර්මපුරම් හිටපු පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා එම පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සමයේදී ප්‍රදේශයේ දෙමළ ජනතාවට ඉටුකළ සේවය ඇගයීමේ විශේෂ උත්සවයක් කිලිනොච්චියේදී පැවැත්විණි. 10 October 2017
සයිටම් විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවයට මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටිය අගමැති කාර්යාලය අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. 10 October 2017
යටි හනුව පසාරුකර ගිය කම්බිය සාර්ථකව ඉවත්කරති පුද්ගලයකුගේ යටි හනුව පසාරුකර ගෙන මුඛයෙන් මතුවූ යකඩ කම්බියක් සාර්ථක සැත්කමකින් පසු ඉවත් කිරීමට හැකිවූ බව හෝමාගම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික්‍රමසේකර මහතා පැවැසීය. 10 October 2017
සිරිමාවෝ වෙනුවෙන් ඇස් දන් දෙති ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 17 වැනි අනුස්මරණ දිනය වෙනුවෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණය ශාලාව සංවිධානය කරන ලද ඇස් දන්දීමේ පොරොන්දු පත්‍රයට අත්සන් කිරීමේ උත්සවය අද (10) කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 10 October 2017
ලෝක තැපැල් දින සැමරුම පොළොන්නරුවේදී ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි. 09 October 2017
රජයේ විශ්‍රාමිකයන්ගේ පාගමනක් සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය විශ්‍රාමිකයාගේ විශ්‍රාම වැටුප් ගැටළුව විසදා දෙන්නයි ඉල්ලමින් කොටුව දුම්රියපළ ඉදිරිපිටින් විරෝධතා පා ගමනක් අද (9) ඇරඹුහ. 09 October 2017
මහැදුරු කාලෝ ඇතුළු පිරිසගෙන් විජයට හරසර විජය කුමාරණතුංග මහතාගේ 72වැනි ජන්ම දිනය නිමිත්තෙන් පුෂ්පෝපහාර පුදකිරීමක් අද(9) සීදුව විජය කුමාරණතුංග පිළිරුව අබියස දී පැවැත්විණි. 09 October 2017
යුද හමුදාවට වසර 68 සැපිරිම නිමිත්තෙන් පින්කම් ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 68 සපිරීම නිමිත්තෙන් කතරගම පුද බිමේදී විශේෂ ආගමික වතාවත් රැසක් යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විණි. 07 October 2017
නන්දා මාලිනියට දර්ශනසූරී උපාධිය සිංහල සංගීත ක්ෂේත්රයට විශිෂ්ට සේවාවක් කළ ජනාධිපති සම්මාන ලාභී ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මියට අද(6) දර්ශනසූරී සම්මාන උපාධිය හිමිවිය. 06 October 2017
මහින්ද නව ව්‍යවස්ථාවට නෙත් යොමයි වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍යයනය කළේය. 06 October 2017
‘සුවපත් මනසක් සුවැති වැඩ බිමක්‘ ප්‍රදර්ශනයෙන් ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය ’’ සුවපත් මනසක් සුවැති වැඩ බිමක් ’’ මැයෙන් සංවිධානය කරන ලද අධ්‍යාපනික මහජන ප්‍රදර්ශනය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) බත්තරමුල්ල දියත උයනේදි ආරම්භ කෙරිණි. 05 October 2017
‘බිග් බෑඩ් වුල්ෆ්‘ ප්‍රදර්ශනය ආරම්භ කෙරේ ‘බිග් බෑඩ් වුල්ෆ්‘ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (04) ආරම්භ කෙරිණ. 04 October 2017
සංචාරක නායකත්ව සමුළුව කොළඹදී එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය වසරක් පාසා පවත්වන ලෝක සංචාරක දිනය හා සමගාමීව පැවැත්වෙන ’’සංචාරක නායකත්ව සමුළුව 2017’’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. 04 October 2017
‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ මහනුවරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමටත් යහපාලන රජය බලයට ගෙන ඒමටත් දායකත්වය ලබා දුන් සියලුම පොදු ජන සංවිධානවල එකමුතුවෙන් ‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ මැයෙන් සත්‍යග්‍රහයක් සහ රැළියක් මහනුවර ජෝර්ජ් ඊ.ද සිල්වා උද්‍යානයේදී අද (03) සවස ආරම්භ විය. 03 October 2017
පාර්ලිමේන්තු විශේෂ සභා වාරයෙන් ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර වසර 70ක් සපිරීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්විණි. 03 October 2017
සහන මිලට පොල්දීම බත්තරමුල්ලෙන් ඇරඹෙයි දිනෙන් දින ඉහළ යන පොල් මිලට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් සහන මිලට පොල් බෙදාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ ආරම්භය බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලදී අද(2) පැවැත්විණි. 02 October 2017
යුද හමුදා සංවත්සරයට ශ්‍රී මහා බෝධියේ පිංකමක් ශ්‍රි ලංකා යුද හමුදාවේ 68 වැනි සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2) පෙරවරුවේදි අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදි සිදු කෙරිණි. 02 October 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025