කේ.ඩී. දේවප්‍රිය සහ එම්.එන් පියරත්න
ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 68 සපිරීම නිමිත්තෙන් කතරගම පුද බිමේදී විශේෂ ආගමික වතාවත් රැසක් යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විණි. යුද හමුදා ධජවෙත සෙත් පැතීම හා කිරිවෙහෙර සෑ රදුන්ට කප්රුක් පූජාවක් ද මෙම පින්කම් මාලාවට ඇතුළත් වේ. කිරිවෙහෙරේ සහ කතරගම දේවාලයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් රුපියල් ලක්ෂ 10ක මුදලක්ද මෙහිදි යුද හමුදාපතිවරයා විසින් පරීත්යා කෙරේණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
68 වන සංවත්සරය සමරන අපගේ වීරෝදාර රණවිරුවන් හට අපගේ ආචාර්ය පුදකරන අතර ලංකා මාතාව රැකගැනීමට තම වටිනා ජීවිත පුජා කල සියලුම වීරෝදාර රණවිරුවන් හට හිස නමා ආචාර කරන්නෙමු. මේ මොහොතේත් අප එකිනෙකාට දොස්පවරමින් අඩදබර කරන්නෙත් ඔබලාගේ ජිවිත පුජා කර ලබා දුන් නිදහස නිසා බව හොඳින් දන්නා කරුණකි. කෙසේවෙතත් " නිවට කාලකන්නි දේශපාලන හිඟන්නන් "දැනටමත් එය අමතක කර ඇත.
මේ ලක්ෂ ගණන් මුදල් අර අත පය නැතිව කෘතීම අවයවයක් ගන්න සල්ලි නැතිව ඉන්න දුක්විඳින රණවිරුවන්න්ට දුන්නා නම් දෙවියන් වහන්සේ බොහෝ සෙයින් හමුදාවට ආශිර්වාද කරනවා.
@ රවීන්ද්‍ර සහ කුමාර් කියන දේවල් හරි. මමත් කිරිවෙහෙර කතරගම හිටියා මෙම අවස්ථාව වෙන වෙලාවේ. ඒ වෙලාවේ වදින්න අපු කෙනෙක් මෙන්න මෙහෙම කිව්වා ඔහුගේ බිරිදට "ඔවා ෂෝ වැඩ" කියල. මේ හැම දේකම දෙපැත්තක් තියෙනවා හොද හෝ නරක කියල. එක නිසා සුභ වාදීව සිටිය යුතුය. දේශපාලකයන් මෙන් නිරන්තරයෙන් අසුභ වාදීව සිටීමට සාමාන්‍ය ජනතාව හුරු වුනොත් කිසිදු දියුණුවක් තමන්ට ද රටට ද නොලැබේ.