( ශාන්ත රත්නායක )
ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය " සුවපත් මනසක් සුවැති වැඩ බිමක් " මැයෙන් සංවිධානය කරන ලද අධ්‍යාපනික මහජන ප්‍රදර්ශනය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) බත්තරමුල්ල දියත උයනේදි ආරම්භ කෙරිණි.
මෙම ප්‍රදර්ශනය මෙම මස 05 , 9 සහ10 වැනි දා දියත උයනේදි පැවැත්වීමට නියමිත ය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අමාරුවෙන් ජනතාව විසින් ලබාදෙන ජනතා බදු මුදලින් යැපෙන, ලංකාවේ ඉන්න ලක්ෂ 13 කට වැඩි මුළු රාජ්‍ය සේවයම ඔතනට ගෙන්නන්න ඕන හරිනම් ...මනසට අවබෝධ කරලා දෙන්න ඕන බදු මුදලින් නිකන් පුටු රත් කර කර ඉඳල, පොතෙත් නැති බොරු නීති තර්ක දම දමා අල්ලස් ගන්න උත්සහ කරන්නේ නැතුව හොඳට ජනතාවට වැඩ කරන්නයි කියලයි ...
බැලුනයක් ලස්සන වන්නේ හුලන් නිසා පමණක් නොව එහි පැහැය හැඩය ප්‍රමාණයත් ඊට අදාළ වෙනවා. බොහෝවිට මෙහි ආස්වාදය උපරිමයෙන්ම භුක්ති විඳින්නේ මනස තවමත් අවුල් නොවූ කුඩා දරුවන්. ජනතාව රැවටීමට කවදත් දක්ෂ දේශපාලඥයොත් වෙලාවට ගැළපෙන කුමක් හෝ මාතෘකාවක පෙරටු කරගෙන දුක් විඳින මිනිසුන්ගේ සුසුම් වර්ණවත් හිස් බැලුම් තුළට සුක්ෂමව රිංගවා කුඩා දරුවන්ට මෙන් වැඩිහිටියන්ටත් ඒ බැලුම් හිස් අහසට මුදා හැර පෙන්වනවා හැර වෙනත් විසඳුම් මොවුන්ට තිබේද? ඊයේ දිනයේදී මාධ්‍යය හමුවකදී කාල් මාක්ස් "දස් කැපිටල්" පොත ලිව්වේ 1871 කියා පචයක් (ප්‍රථම වෙළුම නිකුත් වුයේ 1867 වසරේ) කිවූ පුද්ගලයාත් මෙහි ප්‍රධාන භූමිකාව කරමින් සිටින අයුරු දුටු විට අප හට හැඟුනේ ඔහුගේ අඥකොරෝස් වූ මනසටත් ඉක්මන් සුවයක් ලැබීම රටේ යහපතට හේතු විය හැකි බවයි.
මේ වැඩමුළුව සංවිධානය කරන්නේ ලංකාවේ වැඩකරන ජනතාවගේ මානසික සෞඛ්‍යය නංවන්න වගේම මානසික පීඩනයට විසඳුම් හොයා ගන්න උදව් කරන්න. මේකටත් දේශපාලනයයි තමන්ගේ හිතේ තියෙන වෙන වෙන දේවල් ගෙනත් දාන අය මෙතනත් ප්‍රතිචාර දාලා තියෙනවා. ලංකාවේ වැඩකරන ජනතාව පුද්ගලික හා අවිධිමත් අංශයේ විශේෂයෙන්ම, ඉතා ඉහළ පීඩනයකින් වැඩ කරන්නේ. ඒකේ ප්‍රතිඵල තමයි මත්පැන් පරිභෝජනය, රාත්‍රී සමාජ ශාලා, ගණිකා ඇසුර ආදී දේවලින් පිට වෙන්නේ. මානසිකව හොඳ සෞඛ්‍යවත් පුද්ගලයෙක් බිහි කරොත් මේ ගැටළු ගොඩක් අවම වෙනවා.
ජනතාවගේ මනස හදන්න ඉස්සරවෙලා එයාලගේ මනස හදා ගන්න වෙයි. එයාලා මන්ද බුද්ධිකයෝ වගේ හැසිරෙනකොට රටේ ජනතාව සිහිබුද්ධියෙන් ඉන්න වෙලයි තියන්නේ...