ජලය බිමට පැමිණි වන අලියකු අද (14) දිඹුලාගල අලූත්වැව ප‍්‍රදේශයෙන් ඉසඞ් ඞී ඇළට වැටිමෙන් පසු පැය අටක පමණ මෙහෙයුමකින් අනතුරුව ගොඩට ගෙන කුඩාවැව රක්ෂිතයට පලවා හැරිය බව වෙහෙරගල වන ජිවි නිලධාරීහු පවසති.
අවුරුදු 40 ක් පමණ වයසැති මෙම අලියා ඉසඞ් ඞී ඇලට වැටිමෙන් පසු සැඩපහරට හසුවී කිලෝමිටරයක් පමණ දුරට ගසාගෙන ගොස් ප‍්‍රධාන සොරොව්වේ සිරවි සිටි බව ප‍්‍රදේශවාසිහූ පැවසූහ.
පසුව ඒ පිළිබඳ ප‍්‍රදේශවාසින් වැලිකන්ද සහ වෙහෙරගල වනජිවි නිලධාරින්ට දැනුම්දිමෙන් අනතුරුව නිලධාරින් 15 ක් පමණ කණ්ඩායමක් පැමිණ කඹ ,ටයර් සහ විශාල දැව කදන් දමා අලියා ගොඩට ගෙන අලි වෙඩි දමා කුඩාවැව රක්ෂිතයට පලවා හැරීමට එම නිලධාරීහු කටයුතු කළහ.
(ඡායාරූප-නිමල් ජයරත්න)





(ඡායාරූප-කරුණාරත්න ගමගේ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට නාගෙන තියෙනවා.. අලියාගේ ඔරිජිනල් පාට...
ඔබලා සැබෑ වීරයෝ ඒ වගේම මේවා දෙලොවටම කරගන්න මහා පින්කම්... නියම පුරවැසියෝ.
මාදුරුඔය ජලාශයේ සිට වැලිකන්ද ප්‍රදේශය දක්වා මහවැලි බී කලාපයේ කෘෂිකර්මාන්තයට ජලය ගෙනයන මේ ඇළ 1983-1985 කාලයේ ඉදිකළ අතර එහි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු වන සැක්‍රි ඩිලින්ග්හැම් ඇමෙරිකානු සමගම නිසා ඉසඩ් ඩී ඇළ ලෙස එයට නම වැටී ඇත. එහි ඉදිකිරීම් උපදේශක සමාගමේ මගේ පියාත් සේවයකළ අතර ඒ මගින් මගේ ප්‍රථම රැකියාව ලෙස මෙම සැක්‍රි ඩිලින්ග්හැම් සමාගමේ සේවය කරන්නට ඉඩ සැලසුනි. ඉතා ඉහල ප්‍රමිතියකින් යුතුව ඉදිකිරීම් කල නිසා තවමත් හොඳින් පවතින බව මේ ඡායාරූප සාක්ෂි සපයයි. එහෙත් වී අකුරේ හැඩයට කොන්ක්‍රීට් ආස්තරණය කර ඇති නිසා වන සතුන් පහසුවෙන් වැටෙනවා සේම ගොඩ ඒමට නොහැකි වීමෙන් 1984 වසරේ සිට මේ දක්වා විශාල ප්‍රමාණයක් මියගොස් ඇත.
මේ විදිහට කාණු කපල තියෙන්නේ අපිව අමාරුවේ දාන්න වාරිමර්ග ලොක්කගේ ගේ සමතලා කරනවා ගොඩට අරන් වැඩත් දාන සිංහල මිනිස්සු දන්නේ නැහැ. ඒ කාලේ අපි කරපු උදව් බල කොටු සමතලා කරන්න ඉස්සරහට දැම්මේ අපි.... අපි නොහිටින්න කවුරුවත් හොයාගන්න නැහැ.
ඔක්කොටොම පින්, අලියාගේ පාට නම් මාර ලස්සනයි .
මේක ඇමෙරිකන් නෙමේ මොක කලත් බාගෙට කරපු වැඩක්... මේ ඇලට වැටිලා අලින් විතරක් නෙමේ විශාල වනසතුන් ප්‍රමාණයක් මිය ගියා සේම විශාල ප්‍රමාණයේ මිනිස් ජීවිතත් ඉවර වුණා. මේ ඇල ජීවීන්ගේ මරණීය ඇල කියලා තමයි මිනිස්සු කියන්නේ... මේ වන සතුන් මේකට වැටිලා මැරෙද්දී හිතාගන්න පුළුවන්... අපේ රටේ දේශපාලන ගොබ්බයින්ට තේරෙන්නේ නැහැ මේ ඇල දෙපස ආරක්‍ෂිත වැටක් හදන්න. ඒත් ඒ අය යන වාහන දැක්කම මොන තරම් මුදල් ප්‍රමාණයක් අපි වියදම් කරලා තියෙනවද? මේ රට කවදා දියුණු වෙයිද? ඒ මදිවට මෝඩ හරක් බයවෙලා අසරණ වෙලා ඉන්න අලියාට තව වෙඩිත් දාලා ඌව තවත් බයකරලා...
ලාල් මහතාගේ මුල් අදහසට එකඟ වෙමි. නමුත් අලියා බේරාගත් මිනිසුන්ට "මෝඩ හරක්" යැයි කීම නොවටී.
උදව්කළ සැමට ගොඩක් පින්... ස්තුතියි...!!!