(ගයාන් අමරසේකර)
පාර්ලිමේන්තුවට නව කැමරා සන්නිවේදන පද්ධතියක් එක් කිරීම නිසා මෙතෙක් භාවිත කළ පැරණි කැමරා උපකරණ ඇතුළු සන්නිවේදන පද්ධතිය මහනුවර ශ්‍රී දළඳා මාලිගයට පරිත්‍යාග කිරීමේ උත්සවය අද(12) කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කථානායක නිල කාමරයේ දී පැවැත්විණි.
කථානායකවරයා විසින් එම උපකරණ දළඳා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති සංවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ ක්‍රිශාන්ත හිස්සැල්ල මහතාට බාර කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දළදාව පුදන්නේ අති ඉස්තරම් නොඉඳුල් නැවුම් දෙයින්. අපි දළදාවට ඉඳුල් පිලිගන්වන්නේ නැහැ. ඒ නිසයි මේ රට තවම රැකිලා තියෙන්නේ.
මොන විකාරයක්ද මේක, අපේ මුදුන්මල්කඩ වන දළදා මාලිගාවට මේ පිළුණු වෙච්ච දේවල් දෙන්නේ, අනික පාර්ලිමේන්තුවේ ??
දළදා මාලිගාවට පරිත්‍යාග කරනවා කියන්නේ බුදුන්ට පරිත්‍යාග කරනවා වගේ... බුදුන්ට පරිත්‍යාග කරන්නේ සාමාන්‍යයෙන් කෙනෙකු අතවත් නොතිබු දේවල්, එහෙම කැමරා පද්දතියක අවශ්‍යතාවයක් තිබුනානම් අලුත් එක පූජා කරලා පරණ එකම තියාගත්තනම් තමා හොද.....
මේක පින් ලැබෙන පූජාවක් නෙවෙයි. පරණ දේවල් පූජා කරන්නෙත් නැහැ. මේ පද්ධතිය සවි කිරීමට කොතරම් මුදලක් වැය වෙනවද ? මෙය තව කොපමණ කාලයක් ක්‍රියාත්මක වේවිද කියා දන්නේ කවුද ?
චේතනාව යහපත් නම් දෙන දේ ප්‍රයෝජනවත් නම් කමක් නැත.
ලංකාවේ දැනට ඉතුරු එකම මාලිගාව. සලකන්නේ දෙවෙනියට.
ඕකට උත්සවයක් තියන්ටත් ඕනෙද?
ලංකාව කියන්නේ කට මිස සිත නැති බ්‍රහ්ම ලෝක වලින් එකක්.
එයාලට එපා වෙච්ච දේවල් දෙන්න වෙන තැන නැත්ද
වෙන පන්සලක තිබුන දෙයක්වත් මාලිගාවට දෙන එක හොඳ නැත
බුදු රජාණන් වහන්සේ අති ශ්‍රේෂ්ට උත්තමයෙක්. එතුමන් වහන්සේට පාවිච්චි කල දේවල් පූජා කිරීම බෞද්ධයකු ලෙස නොකළ යුත්තක්. වැදි ජනතාව පවා පූජා කරන්නේ ඉතාම නැවුම් ලෙසයි. ඕක විකුණලා එම මුදල් වලින් අලුත් යමක් පූජා කරන්න.
අපි මොනවා කිව්වත් එයාලට හිතුන දේ එයාලා කරනවා. අඩු ගානේ දියවඩන නිලමේගෙන්වත් අහන්න තිබුනා.
අනේ මෙහෙම පාලකයෝ ටිකක්.
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
කොයි හොඳ දේ කලත් එහි ප්‍රයෝජනය හෝ වාසි අවාසි ගැන තර්කානුකුලව හෝ සිතා බලා කාටත් පිළිගතහැකි අයුරින් ගුණ දොස් විවේචනයේ නොයෙදීම අපේ උරුමවූ , වන්දිබට්ට කමින් රැකගෙන සිටින පාරම්පරික සිංහල කමයි. බොහෝ තර්ක විතර්ක ඉදිරිපත් කැරෙන පාර්ලිමේන්තුවේ සිංහලකම හා බෞද්ධකම කරපින්නාගත් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ පටන් එම අයව අනුගමනය කරන පහලම මට්ටම යැයි සලකන, පුරුදු වහරේ ගමේ ගොඩේ උදවිය පවා සැමදෙයක්ම දිහා බලන්න පුරුදුවෙලා තියෙන්නේ ද පාට කණ්ණාඩි තුළිනුයි. එහෙම නොකලොත් අපි සිංහලයොත් නොවෙයි, ශ්‍රී ලංකාවෙත් නොවෙයි. කතානායකතුමා කළ කාර්යයෙන් ශ්‍රී දළදා මාලිගාවට සිදුවන්නේ යහපතක්ද, අයහපතක්ද, වාසියක්ද, අවාසියක්ද කියන එක ගැන සිතා කතා කලොත් හොඳයි නේද? කැප්පෙටිපොල අධිකාරම්තුමාගේ හිස ගසා දමන අවස්ථාවේ මේ ගොන් තර්ක ඉදිරිපත් කරන උදවිය සිටියා නම් එතුමාට සිදුවන්නේ තම සළුව දළදා සමිඳුන්ට පූජා නොකොට දංගෙඩියට හිස තැබීමටය. සැදැහැවතුන් පූජා කළ රන් අාභරණ, මිල මුදල් බ්‍රෑන්ඩ් නිව් නොවන නිසා ඔවුන් දළදා වහන්සේට කර ඇත්තේ අගෞරවයකි. මෙන්න මේක තමයි සිංහලකම... තමන් ඇම්බැට්ටකම් කරන, වඳින, ජඩොත්තමයෙක් මෙවැන්නක් කළා නම්?
පාර්ලිමේන්තුවට එවපු කතානායකයා කොහෙට හරි දෙන්න බලමු.
අර එන්.ජී.ඕ කාරයෝ එහෙමද කිව්වේ? ඔය මඩ වලේ ඉන්න ගෙම්බෝ ටික දෙන්න සුදුසු අනාථ නිවසක් හොයන්න වෙනවා.
බෞද්ධ යැයි කියාගන්න මිත්‍යා මතධාරී හින්දු ජෛන අයගේ අදහස් දැක්කම දුකයි.
වයසට යනකොට ගොඩක් අයගේ මොලේ කොලොප්පන්ග් වෙනවා. පාවිච්චි කල පරණ දේවල් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩට අවශ්‍ය නැහැ. ඕක ගිහිල්ල පරණ බඩු කඩේකට පරිත්‍යාග කලොත් හොඳ.
මුන් තුට්ටුදෙකේ පරන බඩු දළදා මාළිගාවට දෙනවා, ඒකටත් උත්සව පවත්වනවා. මේ වගේ හාල්පාරු ආණ්ඩුවක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ.
මෙය ඉතාමත් පහත් ක්‍රියාවක්... රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරපු දේවල්...