(රොමේෂ් ධනුෂ්ක සිල්වා ෆින්ලන්තයේ හෙල්සෙන්කි නුවර සිට)
ෆින්ලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ආර්ථික කටයුතු අමාත්‍ය මිකා ලින්ටිලැ මහතා සමග හෙල්සින්කි නුවර රාජ්‍ය අමුත්තන්ගේ මන්දිරයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය.
එහිදී ලින්ටිලැ මහතා පැවසූයේ ලබන නොවැම්බරයේ ෆින්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල්කරණය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බවය.
මේ අතර ෆින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂන සාමාජිකයෝ ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග 10වැනිදා උදෑසන උදා භෝජන සංග්‍රහ සාකච්ඡාවකට සහභාගී වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය බලයට පත් වුණදා ඉඳන් ලෝකේ වටේ කරක් ගහනවා. ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට සිය දිවි නසාගන්න වහ කුප්පියක් ගන්න තරම්වත් මිනිස්සුන්ට ආර්ථිකයක් ඉතුරුවෙලා නැත. මහ බැංකුව සුද්ද කරපු එකේ ප්‍රතිඵල විඳින්නට පටන් ගත්ත විතරයි.
බොහොම හොඳට පින් කරගෙන එවි.
මේ ගිවිසුම් බොහොමයක් ඒවා ලියන ලද කඩදාසි වලට පමණක් සීමා වූ ඒවා පමණයි. මේ දක්වා රජය ගසා ඇති ගිවිසුම් ගණන සැලකිල්ලට ගතහොත්, අද ලංකාවේ විදේශ ආයෝජකයන්ගෙන් පිරී ඉතිරී ගොස්, ඇඟිල්ලක් වත් ගැසීමට ඉඩ නොමැතිව තිබිය යුතුයි.
මේ සෝබන වැඩ වලට වියදම් කරන මුදල් වලින් වකුගඩු අවදානම් ගම්මාන කීයකට ජල පිරිපහදු යන්ත්‍ර සවිකරනන්න පුලුවන්ද. මේ වගේ පුහු ව්‍යපෘති කීයක්නම් ආරම්බ කලාද, වොක්සගන් කොම්පැනිය, ටයර් කොම්පැනිය, ටොයෝටා කොම්පනියකුත් ගේන්ඩ යනවලු නේද.
අඩුම තරමේ රටවල් සංචාරය කරන්න ගිය වියදම වත් ආපසු නොගෙවන ආධාරයක් විදිහට ලැබෙනවනම් අපිට ලොකු අස්වැසිල්ලක් .
රටේ මහජනයා විදිහට අපිට හැමදෙයක්ම දැනගැනීමට අයිතියක් ඇත.
ඇත්තටම අපේ රටේ මිනිස්සු මෙතරම් මෝඩද ?