(ගයාන් අමරසේකර)
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයේ 50වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ජාතික මුද්දර ප්‍රදර්ශනය අද(8) තැපැල් ඇමැති එම්.එච්.අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, තැපැල් මූලස්ථානයේ දී ආරම්භ විය.
ජාතික මුද්දර ප්‍රදර්ශනයට සමගාමීව මුද්දර කාර්යංශයේ 50වැනි සැමරුම් මුද්දරය නිකුත් කිරීම, අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාවේ මුද්දර මිලදී ගැනීමේ පහසුකම හඳුන්වාදීම සහ ජාතික මුද්දර ප්‍රදර්ශන තරගාවලියේ ජයග්‍රාහකයින්ට පදක්කම් සහ සහතික ප්‍රදානයද අද සිදුකෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුද්දර මුල් දින කවර ලබා ගැනිමේදි මුද්දර එකතු කරන්නන්ට සහන ටිකක් දෙන්න පුළුවන් නම් හොඳයි ...
මා ශ්‍රී ලංකාවේ සිටි කාලයේදී නම් එකම මුල්දින කවරයක් හෝ අතහැරියේ නැහැ. දැන් ඒවා ගන්න වෙලා තියෙන්නේ මගේ මව් බිමට පැමිණි විටදී පමණයි. ඉන්ටනෙට් හරහා සුරක්ෂිතව අලුත් මුද්දර සහ මුල්දින කවර ලබා ගැනීමට ක්‍රමයක් දන්නා අය ඉන්නවද ? ගොඩක් ස්තුතියි ! !