(ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)
මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය පොරොන්දු වූ බව කියමින් සයිටම් විරෝධී ජනපවුර කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ කර තිබූ අඛණ්ඩ උපවාසය අද (09) නතර කෙරිණි.
ඒ අනුව ඔවුහූ කොළඹ කොටුව ඉදිරිපිට ඉදිකර තිබූ අට්ටාලය ගලවා දැමූහ.
ජයග්‍රහණය සමරමින් විශ්ව විද්‍යාල සිසුහු අන්තරේ කැඳවුම්කරු සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු කර මතින් ඔසවා ගෙන යන අයුරු දක්නට ලැබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම පුද්ගලික රෝහල් ටිකත් වහලා පෙන්වන්න. ලොකු පිනක්.
ඔබ සියලු දෙනාට අපගේ ගෞරවනීය ආචාරය දරුවනේ!
සයිටම් එක අහෝසි කලාට සතුටුවෙලා නව ආයතනයට අපි නම් ශුභපතලා.
කොල්ලනේ ඔය බැනර් ටික පරෙස්සම් කරලා තියා ගන්න. මොකද දේසපාලුවෝ කරන කියන දේවල් හැටියට ඉදිරියේදී නැවත ඕනේ වෙන්ට පුළුවන්.
නියමයි,ජයවේවා!
අපේ ගෞරවේ කොල්ලනේ.
ඕක නිකම් හිත හදාගන්න පුළුවන් දෙයක්. අහෝසි කියල
අමල් ඇයි පුද්ගලික රෝහල් වහන්න කියන්නේ ඒවයින් හොඳ සේවයක් වෙනවනේ
මේවා හරිම මැජික් වගෙයි නේද? මේ අය මාර සතුටක් ලබනවා වගේ තමයි පෙනෙන්නේ.
අනේ මෙහෙම මෝඩයෝ ටිකක්. ඔබලගේ හීනමානය නිසා තම මෙරට දියුණු කරන්න බැරි..
මේක මෙච්චර දුර ඇදගෙන ඇවිත් එක එක්කෙනාගෙ කර මතින් යන මෝඩ වීරයො. එදා මහින්දගෙ ආණ්ඩුව මේක ස්ථාපිත කරද්දී නවත්තන්න කොන්ද පණ තිබුනේ නැද්ද..
මොකද පුද්ගලික රෝහල් සහ උසස් පෙළ ටියුෂන් සහ පුද්ගලික රැකියා සහ ආයතන වලින් ගෙවන අධ්‍යාපන බදු අහෝසි කරන්න නොකියන්නේ. ඒවා කමක් නැහැ නේද ? තනිකරම තමන්ගේ වාසියටම ගෙනගිය සටනක් බව හොඳට පේනවා. ඔය ප්‍රශ්නයට ඔබලා උත්තර දීලා නැහැ. හෙට අනිද්දාට තමන්ගේ ළමයෙකුට කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය විද්‍යාලයට ලකුණු එකක් දෙකක් මදි වෙලා ඔස්ට්‍රේලියාවට, එංගලන්තයට පටවනකොට ඔය නීති නැහැ. ඔය වගේ කෑගහන වාමාංශික නායකයන්ගේ ළමයින් ඔක්කොම ඉගෙන ගත්තේ පිටරට. දැන් මතක තියා ගන්න අනාගතේ යන්තම් සරසවි වරම් අහිමි වූ ඔබලාගේ දරුවන් කුඹුරු කොටන්න යවනවාදයි අපි බලා ගෙන ඉන්නේ !
රට කන පිස්සෝ, මෙයාලා කූඩු ඇතුලෙම තමා තියන්න ඕනා.
මේ අනාගත උගතුන්ද ? මේගොල්ලන්ව අනෙක් රටවල් වලට පෙන්වන්නේ නැතිව මෙහෙම තියාගන්න. මුන්දලාගේ විගඩම් පෙන්වුවොත් දක්ෂ සරසවි දරුවන්ට පිටරට වැදගත් සරසවිවලින් ලැබෙන ශිෂ්‍යත්ව ටිකත් අහෝසි වේවි. ඒ රටවල උසස් අධ්‍යාපනය කියන්නේ සිසුන් නියමිත කාලයට හරි වයසට ලෝකයාට විහිළුවක් නොවී ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම. එහෙම නැතිව අල්ලපු ගෙදර එකා ඉගෙන ගන්නවා නම් එයාට තමන්ට වඩා සල්ලි තිබෙනවා නම් හීනමානයෙන් මිරිකලා ඒ ළමයාගේ ඉගෙනීම නැවත්වීම නෙවෙයි. හෙට අනිද්දාට රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් තමන්ගේ පරස්තාවත් කරලා දෙන්න කියලා උද්ඝෝෂණ කරන්න. මේරට හැමදාම එක තැන . !
කිසිදු හසරක් නැතිව සඳ දවසට උඩුබුරන බලු කුක්කන්ට ගල් ගැසීම නම් මම කිසිවිටෙක අනුමත කරන්නේ නැහැ. යමක් තේරුම් ගන්න හැකියාවක් තියන මනුස්සයෝ පෝයදාට පන්සල් යනකොට බලුකුක්කෝ උඩු බුරනවා. ඉතින් මේ කුක්කන්ගේ සතුටට බාධාකිරීම මහා අකුසලයක්..අනේ! පව් උන් කුක්කෝනේ කියලා අනුකම්පා කිරීමට මනුස්සයින් පුරුදු පුහුණු විය යුතුයි.
දැන් උඹලා දිනුවේ මොකක්ද? උඹලා දිනුවේ දොස්තරලාට ප්‍රයිවෙට් ප්‍රක්ටිස් කොරන්න ඉඩකඩ නැතුව. උඹලාට ලැබුන කෙන්ගෙඩියක් නැත. උඹලා කියන ඔය නිදහස් අධ්‍යාපනයයි සයිටම් අධ්‍යාපනයයි අතර සම්බන්දය කිසිසේත්ම නැත. එහෙම සම්බන්දයක් තිබෙනවායි කියා උඹලා සිතනවානම් පළමුව නවතා ගනින් පුද්ගලික පාසල් අධ්‍යාපනයයි. ප්‍රසිද්ද පෞද්ගලික පාසලකට මගේ දරුවා ඇතුලත් කිරීම රුපියල් ලක්ෂ 3 දෙන්න උනා. එහෙමනම් සයිටම් එකට කෝටියක් දුන්නාම මොකදවෙන්නේ උඹලට තිබෙන අමාරුව මොකක්ද?
මේ අයට පුලුවන්නම් පෞද්ගලික චැනල් සේවා රජයේ වෙදුන්ට තහනම් කරන්න කටයුතු කරපල්ලා
මුන්ගේ මොලේ තරම් හෙට අනිද්දා පෙනෙයි.....මේක හොද වෙලාව මේකෙන් ගැලවෙන්න..කොටි වලිගයෙන්...මොකද GMOA නැතුව එක කරන්න බහ...කොහෙද කිවුවේ......ජනසතු කරනවා කියාල.... තවමත් මේක....පෞද්ගලිකයි...
පුළුවන් නම් අපේ සරසවි ඉතියෝපියා, ස්වාසිලන්ත සරසවි වලටත් පහලට දමලා රට කන්න.
හෙට අනිද්දාට පුද්ගලික පාසල් වහන්න කියාවි. හැබැයි බදු ගෙවන පුද්ගලික ආයතන වහන්න කියන්නේ නැහැ. මොකද මොවුන් යැපෙන්නේ අනුන්ගේ බදුමුදල් වලින් නිසා. පුද්ගලික රෝහල් වහන්න කියලා ජිවිතේට කියන්නේ නැහැ . හවසට චැනල් සේවයට රිංගලා තමන්ගේ අධ්‍යාපනයට බදුගෙවපු මහජනයාගේ සල්ලි භුක්ති විඳින්න තිබෙන නිසා. තමන්ගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ තමන්ගේ ගෙදර බූදලෙන් නෙවෙයි නම් අනුන් තමන්ගේ මහන්සියෙන් හම්බ කරන මුදලින් ඉගෙන ගන්න ඕන ක්‍රමය තීරණය කරන්න තමන්ට අයිතියක් නැත.
අන්ධයින් වසන රට එක ඇසක් ඇතොත් රජ කියලා සිංහල කතාවක් තිබෙනවා. මේක අන්ධ රාජ්‍යයක්
හීනමානය මිසක් වෙනත් දෙයක් නැත. සරසවියේදී මගේ ඥාති දියණියක් අමානුෂික නවක වදයට ලක් වුනේ කොළඹ බාලිකා පාසලක ඉගෙනගෙන චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට තිබු හැකියාව නිසා. ඒ ළමයා බොරු සෝභන කාරියෙකුත් නෙවෙයි. පුද්ගලික අංශයේ සේවය කල උගත් මධ්‍යම පාන්තික දෙමව්පියන්ගේ ළමයෙක්. අන්තිමේ ළමයා සරසවි නොගිහින් නැවතුනාම ඉඩකඩම් විකුනලා ඔස්ට්‍රේලියාවට යැව්වා. දැන් එහෙ සමාගමක උසස් තනතුරක. මේ හීනමානකාරයන්ගේ ගොදුරක් වුන නම් ළමයා මෙලහකට ඉවරයි.
එළකිරි කොල්ලනේ... ජය වේවා
නැහැ අචිර, වහන්න කියන්නේ බහුතරයක් දොස්තරවරු ලෙඩාව හොඳට බලන්නේ ඒ වගේ තැනකට ගියොත් විතරයි. අනික, පුළුවන් තරම් ඉක්මණට රජයේ රෝහලේ වැඩ කරලා එයාගේ කඩේට තමා දුවන්නේ බෙහෙත් දෙන්න. හරියට ලෙඩ පරීක්ෂා කරනවා අඩුයි රජයේ රෝහල් වල. සල්ලි පස්සේ දුවන අය දැන් ඉන්නේ. මතක නැද්ද දොස්තරල වර්ජනය කරන දවස් වල එක දොස්තරවරයෙක් වර්ජනය වන වෙලාවේ එයාගේ කඩේ බෙහෙත් දුන්නා. මට්ටු වුණාම සපත්තු නැතුවම දුවගෙන ගියේ. ගොඩක් ළමයින්ට දැන් දොස්තර කෙනෙක් වෙන්න ඕනේ... මිනිසුන්ටම සේවයක් කරන්න කියන යහපත් චේතනාවෙන් නෙවෙයි. ඔය වගේ කඩවල් වල වැඩ කරලා හම්බ කරන්න පුළුවන් නිසා. හැමදාම උදේ සවස පතන්නේ මිනිසුන්ට ලෙඩ හැදියන් ලෙඩ හැදියන් කියලා.. සාම්ප්‍රදාය වෙනස් වෙන්නේ නෑ ආයේ කවදාවත්ම. නැවතත් යුගයක් අලුතෙන් බිහිවෙන්නම ඕනේ.
මේ රට කවදාවක් වත් දියුණු වෙන්න බැරි රටක්... මොකද මේ මිනිස්සු කවදාවත් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්නේ නැහැ.
හිනා වෙලා පණයනවා. මේ සරසවි සිසුන්ට විරුද්ධව ලියන අදහස් වලට ඩිස්ලයික් දමන්නත් වෙනම කෙනෙක් යොදවලාද කොහෙද? උදේ ඉඳලා දොට්ට පිලට යන්නත් නැතිව ඒ වැඩේ විතරක් වගේ අද දවසට කරන්නේ.
පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඩුවේ සයිටම් මොහොතක් නතර වුනේ.........
ළිං ගෙම්බන්ට රජ මගුල් වගේ.
මේ වගේ අය ඉන්නකල් මේ රට දියුණු කරන්න බෑ...