ගංවතුර ආධාර ඉල්ලා උද්ඝෝෂණයක් කොළොන්නාව හා කඩුවෙල ප්‍රදේශවලට ගංවතුර ආධාර බෙදාදීමේදී කොටසකට අසාධාරණයක් සිදුවී ඇතැයි කියමින් රජයට විරෝධය පළකර එම ප්‍රදේශවාසීහු පිරිසක් අද(28) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක නිරත වූහ. 28 November 2017
ඉඩම් දෙන්නැයි ඉල්ලා උපවාසයක් අරඹති කඩිනමින් ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා මොරගහකන්ද කළුගඟ ජලාශය ඉදිකිරීම සඳහා නිවාස සහ ඉඩම් ලබාදුන් අනු පවුල් 21 ක සාමාජිකයෝ පිරිසක් ලග්ගල නව නගරයේ පොලිසිය ඉදිරිපිට දී අද (27) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ. 27 November 2017
සම සෞඛ්‍ය සිසුහු කොළඹදී විරෝධයක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට පේරාදෙණිය රෝහලේ සායනික පුහුණුව දෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද(27) කොළඹ කොටුවෙන් විරෝධතාවයක් ඇරඹූහ. 27 November 2017
උච්චමුනේ දූපතේ මුහුදු ඛාදනය වැඩි වෙලා කල්පිටිය උච්චමුනේ දූපත දිනෙන් දින මුහුදට දියවීමේ තර්ජනයට ලක්වී ඇතැයි ධීවර ජනතාව පවසති. 26 November 2017
මැරුණු අය සමරන්න මහවිරු සොහොන් සරසති නොවැම්බර් 27 වනදාට යෙදෙන මහවිරු දින සැමරුම වෙනුවෙන් උතුරේ මහවිරු සොහොන් ආශ්‍රිතව තරුණ තරුණියන් විවිධ සැරසිළි සිදුකරමින් මහවිරු දිනය සැමරීමට සූදානම් වන අයුරු දැකගැනීමට හැකි විය. 26 November 2017
පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරති ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (25) තංගල්ල ගෞතම විද්‍යාල පිරිවෙන් විහාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි. 25 November 2017
නුවරඑළියේ සුන්දරත්වයට බැකෝ ප්‍රහාරයක් නුවරඑළිය බදුල්ල මාර්ගයේ පුරහල ආසන්න මාර්ගයේ දෙසට පැතිර තිබූ සයිප්‍රස් ගස් ගණනාවක අතු මාර්ගයට අවහිරයක් වන බැවින්, මහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් ඒවායේ අතු කපාදමන ලදී. 25 November 2017
කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට කොළඹ කොටුව සහ පිටකොටුව පවතින අධික වාහන තදබදය සැලකිල්ලට ගෙන, ප්‍රධාන මාර්ග මගහරිමින් පදිකයින්ට ආරක්ෂිතව ගමන් කිරීමට ඉදිකරන මංතීරු ජාලය යටතේ 23 November 2017
තක්සේරුකරුවෝ උද්ඝෝෂණයක තක්සේරු දෙපාර්තමේන්තුව දියකර හැරීමේ වැඩපිළිවෙලක් ඇති බව පවසමින් සහ එය වහා නවත්වන ලෙස රජයට බලකරමින් රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය අද (22) එම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය. 22 November 2017
යාපන සරසවි සිසුහු මහවිරු සතිය සමරති නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයට සමගාමීව නම් කර තිබෙන ‘මහවිරු සතිය‘ වෙනුවෙන් යාපනය සරසවියේ ඇතුළු උතුරු පළාතේ ස්ථාන කිහිපයක සැමරුම් පැවැත්විණි. 22 November 2017
සමෘද්ධි නිලධාරී සංගමයේ සම්මේලනය කොළඹදී ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමයේ 20 වැනි ජාතික මහ සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාගනයේදී පැවැත්විණි. 21 November 2017
රැකියා විරහිත උපාධිධාරීහු සත්‍යග්‍රහයක් අරඹති පොරොන්දු වූ පරිදි රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් අද (21) කොළඹ බ්‍රිස්ටල් වීදියේ පිහිටි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 21 November 2017
හෙද- පරිපූරක-අතුරු වෛද්‍ය සේවා වර්ජනයක් අතිකාල කප්පාදුවට එරෙහිව සහ හිඟ අතිකාල නොගෙවිමට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද , පරිපුරක සේවා සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරිහූ අද (21) වැඩ වර්ජනයක නිරත වී සිටිති. 21 November 2017
අ’පුර පුද්ගලයෙක් ගසක් උඩ උපවාසයක පුජානගරයේ පදිංචි වැසියන්ට ඉවත්වන ලෙස බල කරමින් පුරාවිද්‍යා නිලධාරීන් නිතර නිතර තමන්ට කරදර කිරීමට එරෙහිව අනුරාධපුර රුවන්වැලිසෑය හා ජේතවනාරාමය අතර පිහිටි පිට්ටනියේ ඇති උස ගසකට නැගුණ පුද්ගලයකු අද (20) උදැසන සිට උපවාසයක් ආරම්භ කර තිබේ. 20 November 2017
මූණමල්ගස්වැව පාසල් දරුවෝ විදුහලේ කුඹුර වපුරති ‘තිරසාර කෘෂි සංවර්ධන’ ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් මූණමල්ගස්වැව කනිෂ්ඨ විද්‍යාලය සංවිධානය කරන ලද ආදර්ශවත් කෘෂිකාර්මික වැඩසටහනක් අද (17) විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි. 17 November 2017
ලංකා බැංකු සේවක සංගමය විරෝධතාවයක සාමුහික ගිවිසුම කඩිනමින් අත්සන් කිරීම, දූෂිත දේශපාලන බලපෑම්වලට එරෙහි වීම, අදූරදර්ශි පරිපාලනය යන කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ලංකා බැංකු සේවක සංගමය නුගේගොඩ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (17) විරෝධතාවයක නිරත වුහ. 17 November 2017
සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට සායනික පුහුණුව ඉල්ලා උද්ඝෝෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන්ට මහනුවර හා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල්වල සායනික පුහුණුව ලබා දීම සහ එම පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද(16) කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. 16 November 2017
වට්ටුවාක්කල් පාලමේ කොටසක් ගිලා බසී පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් මුලතිව් වට්ටුවාක්කල් පාලම අසල ජල මට්ටම ඉහළ යාම නිසා පාලමේ මැදින් ගිලා බැස ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 16 November 2017
දකුණු ආසියාවේ විශාලම ඇඟළුම් ප්‍රදර්ශනය ඇරැඹෙයි ඇඟළුම්, රෙදිපිළි හා ඇඟළුම් අශ්‍රිත සේවා සඳහා වන දකුණු ආසියාවේ එකම හා විශාලතම වෙළඳ ප්‍රදර්ශනය “Intex South Asia 2017” අද (15) අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි විවෘත කෙරිණි. 15 November 2017
පුංචි ඡන්දයේ කාන්තා නියෝජනය වැඩි කරන්න ඉල්ලයි ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් මට්ටමින් සියයට 25 ක කාන්තා නියෝජනය තහවුරු කරන ලෙස ඉල්ලා පාගමනක් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලින් අද (14) ආරම්භ කෙරිණ. 14 November 2017
28 වැනි ඉල් මහ විරු සමරුව කොළඹදී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවිපිදු සියලු සාමාජිකයන් සිහි කරමින් පැවැත්වූ ‘28 වැනි ඉල් මහ විරු සැමරුම’ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී අද පැවැත්විණ. 13 November 2017
හිඟුරක්ගොඩ තවමත් තෙල් පෝලිම් රට පුරා පැවති පෙට්‍රල් හිඟය නිමා වුවත් හිඟුරක්ගොඩ අද(13) දිනත් අලුයම සිට පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි. 13 November 2017
වැස්සෙන් යාපනයේ වැසියන්ට පීඩා මේ දිනවල උතුරු පළාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2518ක 9141 දෙනකු විපතට පත්ව ඇතැයි යාපන දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා පවසයි. 12 November 2017
සේවාමුක්ත භටයින් හා පොපි මල් සැමරුම් උත්සවයෙන් සන්නද්ධ හමුදාවන්හි සේවයේ නියුතුව සිටි සේවා මුක්ත භටයින්ගේ අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම අද (11) උදේ කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පිහිටි සැමරුම් ස්මාරකය ඉදිරියේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් කථානායක කරු ජයසූරිය මහතාද, විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගි විය. 11 November 2017
හදිසි අනතුරු හා විකලාංග සේවාවේ රජත ජයන්තිය හදිසි අනතුරු හා විකලාංග සේවාවේ රජත ජයන්තිය අද(10) කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි. 10 November 2017
පියසේන ගමගේ දිවුරුම් දෙයි පියසේන ගමගේ මහතා අද (10) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය. 10 November 2017
බදුල්ලට අදත් පෙට්‍රල් නෑ බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල්වල අද (10) දිනයේද පෙට්ට්‍රල් නොතිබූ අතර පෙට්ට්‍රල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රියදුරන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැදී සිටින අයුරු දැකගත හැකිය. 10 November 2017
සිසු නායකයෝ සගයින්ගේ කරමතින් මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය පොරොන්දු වූ බව කියමින් සයිටම් විරෝධී ජනපවුර කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ආරම්භ කර තිබූ අඛණ්ඩ උපවාසය අද (09) නතර කෙරිණි. 09 November 2017
දුම්රිය වෙළඳුන්ගේ උද්ඝෝෂණයක් දුම්රියන් වල වෙළදාම් කරන වෙළදුන්ට පවතින රජය යටතේ එම වෙළදාම තහනම් කිරිමට එරෙහිව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ සංවිධානය අද (9) කොළඹ එක්සත් ජාතීන්ගේ ශ්‍රී කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ. 09 November 2017
මාවුස්සාකැලේ - කාසල්රි ජලාශ පිටාර මට්ටමේ මධ්‍යම කඳුකරයට සති කීපයක් තිස්සේ පවතින අධික වැසි සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවති. 09 November 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025