අලි හිරිහැර මඬින්නයි උද්ඝෝෂණ
තම ගම්මානවලට වල් අලින්ගෙන් සිදුවන හිරිහැර මැඩලීමට නොපමාව පියවර ගන්නා ලෙස ඉල්ලමින් බකමූණ, අත්තනකඩවල, මඩුදමන, ජඹුරේවෙල, කහටගහපිටිය, දිග්ගල්පිටිය, කිරි වැව, නිකවල, පොකුණුගල ඇතුළු ගම්මාන 15ක පමණ ජනතාව අද (23) උදේ අත්තනකඩවල දී උද්ඝෝෂණයක නිරත වූහ.