
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දින නිවිතිගල නගරයේ ඉදිකරන ලද බස් නැවතුම්පොළ සහ වෙළෙදපොළ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි විය.
එම අවස්ථාවට අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඒ. විජේතුංග, සබරගමුව පළාත් ආණ්‌ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා යන මහත්ම මහත්මින් ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.



(ඡායාරූප : අගමැති මාධ්‍ය ඒකකයෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු වියදම් බස් නැවතුම්පළක්...
ඡන්ද කාලේ විවෘත්ත කිරීම හොඳ නෑ නේද?
අගමැති කෙනෙක් බස් නැවතුම් පොලක් විවෘත්ත කරනවා කියන්නේ මෙතුමාට වෙන වැඩ නැද්ද?
තහඩු ටිකක් ගහලා සිමෙන්තියෙන් බංකු ටිකක් හදලා ඒක විවෘත්ත කරන්න රටේ අගමැති ඇවිත්. අනේ කවදා මේ රට හැදෙයිද? මේ උත්සවයට කීයක් වියදම් කරන්න ඇද්ද? රජයේ සේවකයෝ කීදෙනෙක් තමන්ගේ රාජකාරි අතපහු කරගෙන මෙතනට එන්න ඇද්ද? පාරවල් දිගේ පොලීසිය දාගෙන, පොලිස් පොඩ්ඩන්ට මොනතරම් කට්ටක් කවන්න ඇද්ද? මේ ඔක්කොම පැති දිහා බැලුවම සාමාන්‍ය ජනතාවට වෙන සේවය මේ වගේ වැඩ වලින් අඩුවෙනවා මිස සෙතක් නම් නැහැ.
මේවා ඡන්ද නීති උල්ලංඝනය කරන වැඩ. ඡන්ද කොමසාරිස් නිහඬ ඇයි?
පාට, පක්ෂ කෙසේ වෙතත් අප රටේ සිටින බලය සඳහා පොරකන " බල හිඟන්නන් " සැමවිටම මහජන මුදල්වලින් ඒ අයට අදාල නම විශාල අකුරෙන් ලියන ලද නාමපුවරුව සමග මුල්ගල් තැබීම, විවෘත්ත කිරීම් වලට පුදුමාකාර " පහත් ආශාවන් " තියන බව ඔබ අප පසුගිය කාලය පුරාවටම ලබන අත්දැකීම්වලින් පේනවා. එබැවින් ඒ සඳහා මෙයත් හොඳම උදාහරණයකි. මොනතරම් මුදල් කාබාසිනියා කිරීමක්ද?
රවීන්ද්‍ර, මේවා බලන්න එන මෝඩ මිනිසුන් ඉන්න නිසා මේ සංදර්ශන පවත්වනවා.