
රාජ්‍ය නත්තල් උත්සවය 2017 ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
කැරොල් ගායනා ඇතුථ විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2017 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රී ලංකා රදගුරු සංගමයේ සභාපති හා බදුල්ල පදවි රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, ත්‍රීකුණාමලය රදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය නොයෙල් එම්මානුවෙල් හිම්පණන් ප්‍රමුඛ හිමිපාණන් වහන්සේලා ද, සංචාරක සංවර්ධන හා කි්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් මහරුෆ්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.ආර්. ගුණවර්ධන, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.









( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියත් අපේ, නත්තලුත් අපේ.... ඔය ඇවිල්ලා ඉන්නේ.
නත්තලේ පණිවිඩය අසල්වැසියන්ට ප්‍රේම කරන එක. රාජ්‍ය නත්තල් උත්සවය කොහේ තිබුණත් මොකද? එහේ ජීවත් වෙන්නෙත් අපේ රටේම මිනිස්සු. සමහරුන්ට ප්‍රශ්නයක්, බහුතරයක් ද්‍රවිඩ මිනිස්සු ඉන්න පළාතක මෙය පවත්වපු එකට. ජරා දේශපාලකයොයි, ජාතිවාදියෝයි එකතුවෙලා අවුලවපු ගිනි ජීවිත ලක්ෂ ගණනින් විනාශ කරමින් අවුරුදු තිහක් ඇදුණා. දැනුත් සමහරු කැමතියි රට ගිනි තියලා තෘප්තියක් ලබන්න..
හිටපු කෙනා වගේම රාජ්‍ය උත්සව තියතියා යන්න. මහජනයාගේ බදු මුදල් කකා ! අන්තිමට ඔබලාගේ නම් ටික මුල්ගල් වල ඉතිරි වේවි... මිනිස්සුන්ට අරහේ කන්න නැහැ..
පැවසුව මම පොලිසියත් මගේ කියා.. ඇරියා කට ආණ්ඩුවත් මගේ කියා.. වැදුණා කනට වහපිය තොගේ කටැයි කියා.. ඇනගත්තා ජෝනා මමම කියා......
ඔබ සැමට ලබන්නාවූ නත්තල සාමය, සතුට පිරි නත්තල් මංගල්ලයක් වේවා !!!