(ජුඩ් සමන්ත)
තායිලන්තයේ සිට මෙරටට වැඩම කරන ලද ස්වාමීන් වහන්සේලා 41 නමක් සහ තායි ජාතිකයින් 20 දෙනෙක් කටුනායක සිට මිහින්තලය දක්වා සාම පා ගමනක් ආරම්භ කර ඇත.
එහි දෙවැනි දිනය මාරවිල - මූදුකටුවේ පිහිටි ද සොයිසා රාම විහාරස්ථානයෙන් ආරම්භ විය. මෙම පාගමන ලබන 5 වැනි දා මිහින්තලේ පුද බිමෙන් අවසන් වීමට නියමිතය.
මෙරට සර්ව ආගමික සහජීවනය ඇති කිරීම මෙම පාගමනේ අරමුණ බව එහි සංවිධායකයකු වූ වොයෙජස් ලංකා ආයතනයේ මනෝ සිල්වා මහතා සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේලාට තෙරුවන් සරණ ලැබේවා. බුදුන් වහන්සේ පහදාදුන් ධර්මය තව තවත් ප්‍රචලිත කරවීමට හැකිවේවා.!!!
එ්කට අපේ කට්ටිය. හොරු ටික වෙනුවෙන් ඕනෑම ගමනක් යයි.
මේ ශ්‍රී ලංකාද්වීපයේ, මාස කීපයකට පෙර, අපේ ගරුතර මහා සංඝරත්නයත් මේ විදිහට ටිකක් සමාන ආකාරයෙන් වඩිනවා දැක්කා. හාත්පසින්ම වෙනස් විදිහේ මෙහෙයවීමකුත් දැක්කා මාධ්‍ය සංදර්ශන සමග. නමුත් ඒ අරමුණ නම් මෙතරම් පවිත්‍ර නැති බව කාටත් පැහැදිලියි. ඒ වුණත් මුන්වහන්සේලා එක් අරමුණක් උදෙසා පයින්ම වැඩමකරවන නිසා , පිණ්ඩපාතයෙහි යෙදුනහොත් සැදැහැ සිතින්, භක්තියෙන් දානය ටිකක් පුජා කිරීමෙන් මීට පෙර වෙන මොකක්දෝ අරමුණක් උදෙසා කළ මුදල් පිණ්ඩපාත දානයට වඩා අති මහත්වූ පුන්‍යකර්මයක් කර ගැනීමට හැකි වෙතයි හැඟිමි.
අපේ රටේ සංහින්දියාව ඇති කරන්න ඉස්සරලා තායිලන්තයේ සංහිඳියාව ඇතිකරන්න කියන්න. "මාවෝ" කාරයෝ බෝම්බ පුපුරවනවා, වෙඩි තියනවා හැම තැනම ගණිකා නිවාස. එච් අයි වී ලෝකෙටම පතුරවනවා . . . . සංහිඳියාව අපිට උගන්නන්න එනවා.
රුචි මහත්තයෝ වචන හරියට පාවිච්චි කරන්න.