හෙළ සිනමාවට 71යි
සිංහල සිනමාවට වසර 71 ක් පිරීම නිමිත්තෙන් බම්බලපිටිය මෙල්බෝන් පටුමගෙහි මතුර අවන්හලේදී අද(21) උත්සවයක් පැවැත්විණි.
එම අවස්ථාවට සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතමයන් වන සුමිත්‍රා පීරිස්, ශ්‍රියානි අමරසේන, නන්දා මාලනී, රවීන්ද්‍ර රන්දෙණිය, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු කලාකරුවෝද ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද සේනාරත්න , බුද්ධි කීර්තිසේන, රෝහන වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.