(එම්. ගීතාකර)
1995 වසරේ සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධව රහංගල ප්‍රදේශයේ ආරම්භ කළ කෘෂි විද්‍යා පීඨය 2001 වසරේ විශ්වවිද්‍යාල මව්පරිශ්‍රයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක් තාවකාලිකව යොදා ගනිමින් ආරම්භ කළත් වසර 17ක් ගෙවී ගියද යෝජිත පීඨ සංකීර්ණය මෙතෙක් ඉදි කර නොමැති බව පවසමින් සිසුහු අද(9) උද්ඝෝෂණයක නිරතවූහ.
විශ්වවිද්‍යාලයේ සිට පඹහින්න මංසන්ධිය දක්වා පැමිණි සිසුහු බදුල්ල කොළඹ මාර්ගයේ පඹහින්න මංසන්ධියේ සිට උද්ඝෝෂණයේ නිරතවූහ.
දේශන ශාලාවන්හි ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිවීම, කියවීම් ශාලාවන්හි ඉඩකඩ නොමැතිවීම, උග්‍ර සුබසාධන ගැටලුවලට මුහුණදීම ආදී ගැටලු ඇති බව ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 17 ක් තිස්සේ අමතක වෙලා තිබුණු අඩුපාඩු දැන් මතක් වුනේ ළඟ එන පළාත් පාලන ඡන්දයේදී ජවිපෙට ඡන්ද ටිකක් අරන් දෙන්නද? ඒත් මේ උද්ඝෝෂණ වලින් ජවිපෙය තව තවත් ජනතාවට එපා වෙනවා. සිසුන් උසිගන්වා එකිනෙකා බේද කොට ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් ජවිපය මේ කරන වෛරීය දේශපාලනය නවතින්නේ කවදද?
ඕකේ ඇත්ත කතාව මේකයි. රහංගල ඉඳන් පඹහින්න කියන ඊටත් වඩා දුෂ්කර තැනට ඔය කෘෂි පීඨය ඇදගෙන එන්න මුල් වුනේ ඒ කාලේ සිසුවො. ඒ කාලේ ඔය පීඨයේ එක වසරක හිටපු ළමයි ගාණට ආසන්න ගාණක් තමයි අද වසර දෙකකම ඉන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද ඕකේ ළමයි අඩු වෙනවා. හේතුව සබරගමු කෘෂි උපාධියට පුද්ගලික අංශයේ ලොකු පිළිගැනීමක් නෑ. ඒත් වැඩක් කරා කියලා පෙන්නන්න බොරුවට ලොකු බිල්ඩිමක් ඉල්ලනවා.
ලෙක්චර්ස් වලට යනවද කියලා ඉස්සෙල්ලා කියන්න. අපි දැකලා තියනවා. මහ ලොකු බිල්ඩින් විතරයි. 60 ක් ඉන්න පන්තියක ලෙක්චර්ස් ඇවිත් ඉන්නේ 5-6ක්. බිල්ඩින් විතරයි. තියන ඒවලත් ඕවා කළ හැකියි. ආසියාවේ ලොකුම තොරණ ගහන්නයි, බැනර් අදින්නයි විතරයි දන්නේ. අහින්සක දෙමවුපියන්ගේ සල්ලි අපරාදේ.
ඉස්සරනම් විශ්ව විද්යාල වල ඉගෙන ගන්න අතර පොඩි පොඩි උද්ගෝෂණ තිබ්බා. දැන් ඉතින් අනිත් පැත්ත. උද්ගෝෂණ අතරතුර පොඩි පොඩි ඉගන ගැනීම්.
වැඩක් නැතිනම් ඔය පීඨය සම්පුර්ණයෙන්ම වසා දමන්න. එතකොට උස්ඝෝෂකයන්ට පුළුවන් අර දකුණේ වරායේ කට්ටියගේ මාරාන්තික සත්‍යග්‍රහයට සම්බන්ද වෙලා සහයෝගය ප්‍රකාශකරන්ට.
මේ හරක් හැමදාම පාරේ.
අර උන්නැහේගේ කතාව ඇත්ත නම් මම නම් කියන්නේ ඔය අහුමුළුවල දාන විශ්ව විද්‍යාල වලට මින් පස්සේ අයදුම් කරන්න එපා ඔය පේරාදෙණි, රුහුණු, කොළඹ, කැළණි, ජපුර වගේ පිළිගත් ඒවාට විතරක් යන්න බලන්න කියල.
කැම්පස් ඉන්න කාලේ ඔය උද්ඝෝෂණ කරන එවුන් ඕකෙන් පිට වුණාට පසුව කිසිම සමාජ ප්‍රශ්ණෙකට උද්ඝෝෂණ නැහැ. මල්ලිලා ඔය නොදන්න කමට කරන දේවල්. අනේ මල්ලිලා ටිකක් හිතන්න ඔයාලට කලින් ඔය උද්ඝෝෂණ කරපු එවුන් අද ඉන්න තැන. බුද්ධිමත්ව සිතන්න. කැම්පස් එකෙන් ගිහින් ජීවත්වන විට තමයි යථාර්ථය තේරෙන්නේ. මල්ලිලා පිස්සු නොකර ඉගෙන ගන්න.
මේ ළමයි නිතරම උද්ඝෝෂණවල යෙදිලා ඉන්නේ මෙහි ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ළමයින්ට මෙහෙම දඟලන්න කාලය කොයින්ද?