(චන්ද්‍රසේන ගමගේ)
මෙරට මුහුදු සීමාවෙන් මෙතෙක් හමු නොවූ දුර්ලභ ගණයේ පොකිරිස්සකු තංගල්ල නාවික හමුදා කඳවුර ආසන්නයෙන් හමුවු බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ ජලජීවි විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසයි.
ඉකුත් 18 වැනි දා පොකිරිස්සන් අල්ලනු ලබන කිමිදුම්කරුවකුට මෙම පොකිරිස්සා හමුවූ බවත් ඔහුගේ දැනුම් දීම මත මෙම පොකිරිස්සා නාරා ආයතනයේ බාරයට ගත් බවත් උපුල් ලියනගේ මහතා පවසයි.
ජලජීවී විද්‍යාඥ උපුල් ලියනගේ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම පොකිරිස්සා නැගෙනහිර ආසියා මුහුදු තීරයේ දුර්ලභ වශයෙන් හමු වෙන ස්වාභාවික වද වීමේ තර්ජනයකට ලක්ව ඇති මුහුදු සත්වයෙකු බවයි.
මෙම දුර්ලභ පොකිරිස්සා දිය වැලකට හසුව මෙරට මුහුදු තීරයට ගසා ගෙන එන්නට ඇතැයි විශ්වාස කරන බවද ඔහු කීවේය.
මෙම දුර්ලභ පොකිරිස්සා හමුවූ චින්තන පුෂ්ප කුමාර මහතා පැවසුවේ තමන් වසර 28 ක් තිස්සේ පොකිරිස්සන් ඇල්ලීමේ යෙදී සිටින බවත් එම කාලය තුළදී මෙවැනි පොකිරිස්සෙකු තමන්ට හමු නොවු බවයි.



2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුර්ලභ පොකිරිස්සෙක් තංගල්ලෙන් හමු වෙයි
Perakum Tuesday, 23 January 2018 04:08 AM
පොකිරිස්සන් අල්ලනු ලබන කිමිදුම්කරුවකු ලෙස චින්තන පුෂ්ප කුමාර මහතා ඉතා බුද්ධිමත් ලෙස ක්‍රියා කර පොකිරිස්ස නාරා ආයතනයට භාරදීම අගය කරමු.
narada Tuesday, 23 January 2018 05:27 AM
චින්තන පුෂ්ප කුමාර මහතාට පොඩි තැග්ගක් දෙන්න බැරිද.
Don Tuesday, 23 January 2018 06:14 AM
උණු වතුරේ දාලා ගත්තම ඔක්කොම පොකිරිස්සෝ ඔය වගේ තමයි ..
arschfikaa Tuesday, 23 January 2018 07:12 AM
ඔයවගේ දුර්ලභ ගනයේ සත්තු හම්බවෙන්න ඕනේ ඒවා ගැන දන්නා අඳුනන ඒවා ආරක්ෂා- කොරන රටවලට.
Sathyayaa Tuesday, 23 January 2018 10:15 AM
තංගල්ල ලංකා දේශපාලනයේ සුවිශේෂී තැනක් නිසා, මේ පොකිරිස්ස විහාර මහා දේවී මුහුදු මහා විහාරයට ගොඩ බැස්ස වගේ මේ වෙරළ සොයාගෙනම ආවද දන්නේ නැහැ.
Bamunuarachchi Wednesday, 24 January 2018 07:28 AM
හෝටල්හිමියන්ට සහ දේසපාලුවන්ට මේ සත්තු මැරීමේ කොන්ත්‍රාත්තුව නොදී මේ සත්වයින් රැකගමු