(චන්ද්‍රසේන ගමගේ)
මෙරට මුහුදු සීමාවෙන් මෙතෙක් හමු නොවූ දුර්ලභ ගණයේ පොකිරිස්සකු තංගල්ල නාවික හමුදා කඳවුර ආසන්නයෙන් හමුවු බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ ජලජීවි විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසයි.
ඉකුත් 18 වැනි දා පොකිරිස්සන් අල්ලනු ලබන කිමිදුම්කරුවකුට මෙම පොකිරිස්සා හමුවූ බවත් ඔහුගේ දැනුම් දීම මත මෙම පොකිරිස්සා නාරා ආයතනයේ බාරයට ගත් බවත් උපුල් ලියනගේ මහතා පවසයි.
ජලජීවී විද්‍යාඥ උපුල් ලියනගේ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම පොකිරිස්සා නැගෙනහිර ආසියා මුහුදු තීරයේ දුර්ලභ වශයෙන් හමු වෙන ස්වාභාවික වද වීමේ තර්ජනයකට ලක්ව ඇති මුහුදු සත්වයෙකු බවයි.
මෙම දුර්ලභ පොකිරිස්සා දිය වැලකට හසුව මෙරට මුහුදු තීරයට ගසා ගෙන එන්නට ඇතැයි විශ්වාස කරන බවද ඔහු කීවේය.
මෙම දුර්ලභ පොකිරිස්සා හමුවූ චින්තන පුෂ්ප කුමාර මහතා පැවසුවේ තමන් වසර 28 ක් තිස්සේ පොකිරිස්සන් ඇල්ලීමේ යෙදී සිටින බවත් එම කාලය තුළදී මෙවැනි පොකිරිස්සෙකු තමන්ට හමු නොවු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොකිරිස්සන් අල්ලනු ලබන කිමිදුම්කරුවකු ලෙස චින්තන පුෂ්ප කුමාර මහතා ඉතා බුද්ධිමත් ලෙස ක්‍රියා කර පොකිරිස්ස නාරා ආයතනයට භාරදීම අගය කරමු.
චින්තන පුෂ්ප කුමාර මහතාට පොඩි තැග්ගක් දෙන්න බැරිද.
උණු වතුරේ දාලා ගත්තම ඔක්කොම පොකිරිස්සෝ ඔය වගේ තමයි ..
ඔයවගේ දුර්ලභ ගනයේ සත්තු හම්බවෙන්න ඕනේ ඒවා ගැන දන්නා අඳුනන ඒවා ආරක්ෂා- කොරන රටවලට.
තංගල්ල ලංකා දේශපාලනයේ සුවිශේෂී තැනක් නිසා, මේ පොකිරිස්ස විහාර මහා දේවී මුහුදු මහා විහාරයට ගොඩ බැස්ස වගේ මේ වෙරළ සොයාගෙනම ආවද දන්නේ නැහැ.
හෝටල්හිමියන්ට සහ දේසපාලුවන්ට මේ සත්තු මැරීමේ කොන්ත්‍රාත්තුව නොදී මේ සත්වයින් රැකගමු