(සිතුම් චතුරංග)
මාස ගණනක මන්නාරම මහ රෝහලේ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයකු නොමැතිවීමෙන් ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා අද (8) ගැබිණි මව්වරුන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවි විරෝධතාවක නිරතවූහ.
මන්නාරම මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයා මාස පහකට ඉහතදී ස්ථානමාරුවීම් ගියද මෙතෙක් විශේෂඥ්‍ය වෛද්‍යවරයකු ලබාදීමට කටයුතු නොකර ඇති බව විරෝධතාවයේ නිරත මව්වරු කියති.
විරෝධතාවයේ නිරත ගැබිණි මව්වරුන් පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේ වවුනියාව හෝ යාපනය රෝහල් වෙත ගොස් විශේෂඥ්‍ය වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම් සිදුකරගෙන් එන ලෙසත්ය.
කිලෝමීටර 60 හෝ 70 ක් තමන් බස්රථ වලින් යාපනය, වවුනියාව රෝහල් සඳහා පැමිණිය යුතු බවත් එය ගැබිණි මව්වරුන්ට දැඩි අපහසුතාවක් බවද විරෝධතාවයේ නිරතවූවන් සඳහන් කරති.



2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරමේ ගැබිණි මව්වරු පාරට බසිති
sandun Monday, 08 January 2018 09:29 AM
පින්තූර දැක්කම දුක හිතෙනවා අපේ අනාගතය ගැන... ටිකක් හිතන්න මිනිසුනේ...
manoj Monday, 08 January 2018 10:03 AM
දුම්රිය, බස් රියදුරෝ පාරේ, දොස්තරලා පාරේ, ගොවියෝ පාරේ, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පාරේ... දැන් ගැබිණි මව්වරු නූපන් දරුවොත් එක්කම පාරේ. කොටින්ම කිව්වොත් ලංකාවේ අනාගතේ පාරේම තමයි.
PereraTuesday, 09 January 2018 03:42 AM
එකනේ පාරවල් හොඳට කාපට් කරලා හදල තියෙන්නේ!!!!
asanka Monday, 08 January 2018 12:54 PM
මේක දැක්කම මක්කම ලංකාවේද තියෙන්නේ කියලා හිතෙනවා...
kapTuesday, 09 January 2018 11:37 AM
ඔයාට ඒක විතරද දැනුනෙ? මේ අහිංසක බඩ දරු අම්මලා මහ දවල් පාරෙ ඉදගෙන ඉල්ලන දේ දැනුනෙ නැද්ද? හැමදේටම ආගම ගාව ගන්නෙ නැතුව ඉන්න. මේ ලොකු දොස්තර සංගම් කාමර ඇතුලෙ ඉදන් ලෙඩ්ඩු ගැන හිතන්නෙ නැතුව ආණ්ඩු පෙරල්ලන්නන යනවා
Dayal Monday, 08 January 2018 04:10 PM
සිංහල මනුස්සයාට දෙයියන්ගේම පිහිටයි.
Soldier Tuesday, 09 January 2018 03:42 AM
මේ ප්‍රශ්නය ඔය හිතන දේ ගැන නෙවේ , ඉස්සෙල්ල මනුස්සයෙක් වගේ හිතන්න පුරුදු වෙන්න, නිකන් අනුවන අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව.
chamal Tuesday, 09 January 2018 12:55 PM
අනාගතේ සුබ ලකුණු පේනවා. අපිනම් මැරිලා යයි. එත් අපේ දරුවෝ? ඔවුන්ගේ දරුවෝ?
duminda Wednesday, 10 January 2018 11:07 AM
මේක සංහිඳියාවට අවස්ථාවක්ද?