(සිතුම් චතුරංග)
මාස ගණනක මන්නාරම මහ රෝහලේ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයකු නොමැතිවීමෙන් ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා අද (8) ගැබිණි මව්වරුන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවි විරෝධතාවක නිරතවූහ.
මන්නාරම මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයා මාස පහකට ඉහතදී ස්ථානමාරුවීම් ගියද මෙතෙක් විශේෂඥ්‍ය වෛද්‍යවරයකු ලබාදීමට කටයුතු නොකර ඇති බව විරෝධතාවයේ නිරත මව්වරු කියති.
විරෝධතාවයේ නිරත ගැබිණි මව්වරුන් පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේ වවුනියාව හෝ යාපනය රෝහල් වෙත ගොස් විශේෂඥ්‍ය වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම් සිදුකරගෙන් එන ලෙසත්ය.
කිලෝමීටර 60 හෝ 70 ක් තමන් බස්රථ වලින් යාපනය, වවුනියාව රෝහල් සඳහා පැමිණිය යුතු බවත් එය ගැබිණි මව්වරුන්ට දැඩි අපහසුතාවක් බවද විරෝධතාවයේ නිරතවූවන් සඳහන් කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූර දැක්කම දුක හිතෙනවා අපේ අනාගතය ගැන... ටිකක් හිතන්න මිනිසුනේ...
දුම්රිය, බස් රියදුරෝ පාරේ, දොස්තරලා පාරේ, ගොවියෝ පාරේ, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පාරේ... දැන් ගැබිණි මව්වරු නූපන් දරුවොත් එක්කම පාරේ. කොටින්ම කිව්වොත් ලංකාවේ අනාගතේ පාරේම තමයි.
මේක දැක්කම මක්කම ලංකාවේද තියෙන්නේ කියලා හිතෙනවා...
සිංහල මනුස්සයාට දෙයියන්ගේම පිහිටයි.
මේ ප්‍රශ්නය ඔය හිතන දේ ගැන නෙවේ , ඉස්සෙල්ල මනුස්සයෙක් වගේ හිතන්න පුරුදු වෙන්න, නිකන් අනුවන අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව.
අනාගතේ සුබ ලකුණු පේනවා. අපිනම් මැරිලා යයි. එත් අපේ දරුවෝ? ඔවුන්ගේ දරුවෝ?
මේක සංහිඳියාවට අවස්ථාවක්ද?