IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කල්පිටියේදී අයාලේ යන කයිට් සර්ෆින්

 

(ජුඩ් සමන්ත,හිරාන් ප්‍රියංකර)

“කයිට් සර්ෆින්” අතීතයේදී ක්‍රියාත්මක වූයේ අරුගම්බේ ප්‍රදේශයේය. නමුත් මෑතකදී කයිට් සර්ෆින් ක්‍රීඩාව කල්පිටිය - තුඩාව  ප්‍රදේශයේ ද ආරම්භ විය.

ඉතාමත්ම සුළුවෙන් ආරම්භ වූ කයිට් සර්ෆින් ක්‍රීඩාව මේ වන විට කල්පිටිය මුහුදු තීරය තුළ ඉතාමත්ම ජනප්‍රිය වී ඇත.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් විශාල පිරිසක් කල්පිටිය තුඩාව මුහුදු වෙරළේ කයිට් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වන ආකාරයක් දක්නට හැකිය.

නොගැඹුරු මුහුදු තීරයක් තිබීමත්, ප්‍රමාණවත් තරම් සුළං ප්‍රවාහයක් ඇති වීමත් ඊට හේතුව වී ඇති බව කියති.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)



අදහස් (9)

කල්පිටියේදී අයාලේ යන කයිට් සර්ෆින්

akila Friday, 19 January 2018 12:34 PM

ලංකාවේ කට්ටියට මේක ක්‍රීඩාවක් විදියට කරන්න බැහැ. මොකද එක්කෙනෙක්ටවත් පීනන්න බැහැනේ..

:       169       314

sunimalFriday, 19 January 2018 08:30 PM

ඇත්තටම හරි, ලංකාවේ අයට පීනන්න බැරි වීම අපේ සංස්කෘතියේම ප්‍රශ්නයක්.

:       0       20

DonSaturday, 20 January 2018 09:57 AM

මේ පින්තුර වල ලංකාවේ කවුරුත් නැහැ. ඒ හින්ද ඒ ගැන එච්චර හිතන්න එපා. අනික මේක නිවුස් එකක් උනේ සුද්දෝ ඇවිත් මේවා කරන හින්දයි.

:       1       12

sanjuSunday, 21 January 2018 09:35 AM

අකිල සබන් ගාලා හොගාන පොකුණේ නාන ඔයාලට පීනන්න බැරිවුණාට රට වටේම මුහුදට කිට්ටු අයට පීනන්න පුළුවන්. මම මේ කල්පනා කරන්නේ අයාලේ යන කතාව මොකක්ද කියලයි.

:       25       77

akilaSunday, 21 January 2018 10:12 AM

අනේ ඔව්, එකනේ සුද්දෝ එන්න කලින්, කල්පිටියේ, අාරුගම්බේ ලංකාවේ කයිට් සර්ෆින්, වින්ඩ් සර්ෆින් කරන අය පිරිලා හිටියා නේද? ලංකාවේ අයට මොනවා බැරි වුණත් පම්පෝරියනම් තියනවා ලොකුවට...

:       0       39

anthony Saturday, 20 January 2018 09:53 AM

දැන් ඉතින් සුද්දෝ ටිකක් එන හින්ද එතනිනුත් කියක් හරි කඩා ගන්න බලයි .. කිසිම තැනක් වියදම් කරලා සංවර්දනය කරන්න උවමනාවක් නැහැ .. නමුත් නිකන් තියෙන දෙයින් ගානක් කඩාගන්න නම් හරි දක්ෂයි . නැත්නම් යන්තම් ටොයිලට් එකක් හදල , දෙකයි පනහේ රෙස්ටුරන්ට් ටිකක් ගහල අස්ප ගණන් වල මිල කෑම වලට දායි.. හුළඟ පාවිච්චි කරනවාටත් ගානක් අය කරයි ...මීගමුවේ කලපුව මොනතරම් වටිනා සංචාරක ප්‍රදේශයක්ද ? නමුත් මේ වෙනකන් හිටපු කිසිම ආණ්ඩුවක් දේශපාලකයෙක් ඔය කලපුවෙන් කරන්න පුළුවන් සංචාරක කර්මාන්තය ගැන හිතුවද ? සුද්ද හදල දීපු පාලම් දෙක තාම එහෙමමයි . ඔය පාලම් දෙක පහල වැඩි නිසා බෝට්ටුවක් කලපුවෙන් මුදට දාගන්න මොනතරම් අමාරුද ?

:       0       28

de silva berlin Saturday, 20 January 2018 01:36 PM

ලංකාවේ නගරවලත් පොදු ජනතාවට සුළු මුදලක් ගෙවා පිහිනීමට හැකි ලෙස යුරෝපයේ නගරවල මෙන් පොදු පිහිනුම් තටාක ඉදිකරන්න ,

:       0       56

maalaka Wednesday, 24 January 2018 02:24 AM

මම මෙතනට ගියා ජනවාරි මුල, දවස් 3 කට. ලංකාවේ සහ විදේශීයක පුහුණුකරුවන් මෙය මෙහෙයවන්නේ, ඔවුන්ම උවමනා කලමනා සපයාගෙන. සංචාරක දෙපාර්තමේන්තුව මෙය නිසි කළමනාකාරීත්වයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය විධි විධාන සපයා දීමෙන් රටට විශාල විදේශ විනිමය උපාය ගත හැකියි.

:       0       0

KAGTC JAYARATHNA Monday, 29 January 2018 01:21 PM

ඇත්තටම හොඳ දෙයක්... කාටවත් කරදරයක් නොවී ප්ලේ කරන්න පුළුවන් නම් ශ්‍රී ලංකාවේ අපටත් ලොකු ආඩම්බරයක් වේවි... දවසක, මොකද ලංකාවේ කවුරුත් නොකරපු දෙයක් සුද්දා පිටින්, ඇවිදින් කරනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site