(ජුඩ් සමන්ත,හිරාන් ප්‍රියංකර)
“කයිට් සර්ෆින්” අතීතයේදී ක්‍රියාත්මක වූයේ අරුගම්බේ ප්‍රදේශයේය. නමුත් මෑතකදී කයිට් සර්ෆින් ක්‍රීඩාව කල්පිටිය - තුඩාව ප්‍රදේශයේ ද ආරම්භ විය.
ඉතාමත්ම සුළුවෙන් ආරම්භ වූ කයිට් සර්ෆින් ක්‍රීඩාව මේ වන විට කල්පිටිය මුහුදු තීරය තුළ ඉතාමත්ම ජනප්‍රිය වී ඇත.
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් විශාල පිරිසක් කල්පිටිය තුඩාව මුහුදු වෙරළේ කයිට් සර්ෆින් ක්‍රීඩාවේ නිරත වන ආකාරයක් දක්නට හැකිය.
නොගැඹුරු මුහුදු තීරයක් තිබීමත්, ප්‍රමාණවත් තරම් සුළං ප්‍රවාහයක් ඇති වීමත් ඊට හේතුව වී ඇති බව කියති.
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කට්ටියට මේක ක්‍රීඩාවක් විදියට කරන්න බැහැ. මොකද එක්කෙනෙක්ටවත් පීනන්න බැහැනේ..
දැන් ඉතින් සුද්දෝ ටිකක් එන හින්ද එතනිනුත් කියක් හරි කඩා ගන්න බලයි .. කිසිම තැනක් වියදම් කරලා සංවර්දනය කරන්න උවමනාවක් නැහැ .. නමුත් නිකන් තියෙන දෙයින් ගානක් කඩාගන්න නම් හරි දක්ෂයි . නැත්නම් යන්තම් ටොයිලට් එකක් හදල , දෙකයි පනහේ රෙස්ටුරන්ට් ටිකක් ගහල අස්ප ගණන් වල මිල කෑම වලට දායි.. හුළඟ පාවිච්චි කරනවාටත් ගානක් අය කරයි ...මීගමුවේ කලපුව මොනතරම් වටිනා සංචාරක ප්‍රදේශයක්ද ? නමුත් මේ වෙනකන් හිටපු කිසිම ආණ්ඩුවක් දේශපාලකයෙක් ඔය කලපුවෙන් කරන්න පුළුවන් සංචාරක කර්මාන්තය ගැන හිතුවද ? සුද්ද හදල දීපු පාලම් දෙක තාම එහෙමමයි . ඔය පාලම් දෙක පහල වැඩි නිසා බෝට්ටුවක් කලපුවෙන් මුදට දාගන්න මොනතරම් අමාරුද ?
ලංකාවේ නගරවලත් පොදු ජනතාවට සුළු මුදලක් ගෙවා පිහිනීමට හැකි ලෙස යුරෝපයේ නගරවල මෙන් පොදු පිහිනුම් තටාක ඉදිකරන්න ,
මම මෙතනට ගියා ජනවාරි මුල, දවස් 3 කට. ලංකාවේ සහ විදේශීයක පුහුණුකරුවන් මෙය මෙහෙයවන්නේ, ඔවුන්ම උවමනා කලමනා සපයාගෙන. සංචාරක දෙපාර්තමේන්තුව මෙය නිසි කළමනාකාරීත්වයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය විධි විධාන සපයා දීමෙන් රටට විශාල විදේශ විනිමය උපාය ගත හැකියි.
ඇත්තටම හොඳ දෙයක්... කාටවත් කරදරයක් නොවී ප්ලේ කරන්න පුළුවන් නම් ශ්‍රී ලංකාවේ අපටත් ලොකු ආඩම්බරයක් වේවි... දවසක, මොකද ලංකාවේ කවුරුත් නොකරපු දෙයක් සුද්දා පිටින්, ඇවිදින් කරනවා..