( රොමේෂ් මධුෂංඛ / සිතුම් චතුරංග)
ගවයාට මහත් සේ හිංසාකාරී වූ පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයකට ලක් වූ ජල්ලිකට්ටු ක්‍රීඩාව තයිපොන්ගල් සමය හේතුවෙන් මේ දිනවල උතුරේ ස්ථාන කිහිපයකදී දැකගන්නට ඇති අතර එම ක්‍රීඩාවට බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී ඇත.
ජල්ලි කට්ටු ක්‍රීඩාව යනු ගවයින් සමඟ පිරිසක් එකතුවී මුදල් ඔට්ටු අල්ලමින් කරනු ලබන ඉතා අවදානම් සහගත ක්‍රීඩාවකි.
ජල්ලි කට්ටු ක්‍රීඩාවේදී වරෙක ගවයා බිම ඇද වැටීමෙන් මිය යාම හෝ තුවාල ලැබීම සිදු විය හැකි අතර ඊට වඩා සිදුවන්නේ ගවයා හඹා යමින් ජල්ලි කට්ටු ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයින් තුවාල ලැබීම හෝ මිය යාමයි.
දිව යන ගවයාට පෑගී හෝ ගවයා පසුපස දිවීම නිසා බිම ඇදවැටෙන පිරිස ඊට වඩා විශාලය මේ නිසා ජල්ලි කට්ටු ක්‍රීඩාව බොහෝ රටවල තහනම් කොට ඇති ක්‍රීඩාවකි.
ගවයාගේ අංවලට වැදීම නිසා ගවයා පසුපස එළවන පිරිසගේ ඇස්වලට අනතුරු සිදුවීම ඉතා බහුල ලෙස සිදුවන්නක් වන අතරම ශ්‍රී ලංකාවේ ජල්ලි කට්ටු ක්‍රීඩාව තහනම් නැතත් මුදලට ඔට්ටු අල්ලා ජල්ලි කට්ටු ක්‍රීඩාවන් පැවැත්වීම තහනම්ය.
මේ දිනවල කිළිනොච්චිය පෙරිය පරන්තන් ක්‍රීඩාංගනය ආසන්නයට තරුණයින් පිරිසක් එකව ජල්ලි කට්ටු ක්‍රීඩාවට යෙදෙන අතරම යාපනය දිස්ත්‍රීක්කයේදී ස්ථාන කිහිපයක ජල්ලි කට්ටු ක්‍රීඩාව පැවත්වීමට පියවර ගෙන ඇත
ජල්ලි කට්ටු ක්‍රීඩාවට විරෝධය පලකරන බොහෝ පිරිස් කියා සිටින්නේ සූදුවට ඇබ්බැහි වී සිටින ඇතම් තරුණයින් නිකරුණේ තුවාල සිදු කරගැනීම හෝ මරණයට පත් වීම සිදු විය හැකි බවත් දේවත්වයෙන් සලකන ගවයාට හිංසා කිරීම අනුමත කළ නොහැකි බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මැතිතුමනි, මේ ම්ලේච්ච ක්‍රීඩාව වහාම තහනම් කරන්න.
කෝ අර එන්ජීඕ හැතිකරේ. අලියෙක් පෙරහැරක ගෙනියනකොට කෑ ගහන අය කෝ. ඔබලාට යාපනේ ඒවා පේන්නේ නැද්ද?
මෙවැනි ක්‍රීඩා දියුණු යයි පවසන රටවලත් අපි දැක ඇත්තෙමු. මේවා සීලාචාර සමාජයට නොගැලපෙන පහත් අමනෝන්‍ය ක්‍රියාවන්ය. ජාත්‍යන්තර සත්ව අවිහිංසාවාදීන් මේ පිලිබඳ වහා ක්‍රියාත්මක විය යුතුය.
බොදු රටක සත්ව හිංසාව හා ඝාතන, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, හොරකම්, මත්ද්‍රව්‍ය සහ මත්පැන්, අනියම් සම්බන්ධතා වැනි සියලුම පස් පව්ද දිනෙන් දින වර්ධනය වන ආකාරය හද සසලවන සුළුයි. මෙවැනි රටක බොදු දහම තබා මනු දහමවත් ඉතිරිවේ යයි සිතීම මහ විහිළුවකි.
ඉන්දියාවේ මේ වසරේ සිව්දෙනෙක් ජල්ලි කට්ටු කරන්න ගිහින් එලොවගියා...
ජල්ලි කට්ටු කෙසේ වෙතත්, ගෝත්‍රිකයෝ රැලක් වගේ මට නම් පේන්නේ.
හරක්ට වඩා හරක් රැලක්. අහිංසක සත්වයින්ට වද දෙන්නේ.
සත්ව හිංසනය පිටු දකින කණ්ඩායම් මේ දවස්වල නිවාඩු ගිහින් එයාල ආයේ වැඩට එන්නේ පෙරහැර පටන් ගන්න කාලෙට.
කෝ අර එන්ජීඕ එකේ අය. අලියෙක් පෙරහැරක ගෙනියන කොට කෑ ගහන අය කෝ. ඔබලාට යාපනේ ඒවා පේන්නේ නැද්ද? සහතික ඇත්ත කසුන්
කොටියා ඉන්න කාලේ කොහෙද දන්නේ නැහැ ඔය කට්ටුව තිබුනේ නේද?
සැබෑ ජල්ලි කට්ටු ක්‍රීඩාවේදී ගවයාට හිංසාවක් කෙරෙන්නේ නෑ. ඒ වගේම ඉන්දියාවේ ජල්ලි කට්ටු ක්‍රීඩාව තහනම් කරවීමට මූලික වුනේ සත්ව හිමිකම් සංවිධානයක්. ඒක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා තමයි ජන විරෝධතා පවත්වලා තහනම ඉවත් වූයේ... මේ ගොන්පොර ක්‍රීඩාව කියලා වරදවා වටහා ගත යුතු නෑ. ගවයාගේ ආරක්ෂාව තහවුරු වීම සැබෑ ජල්ලි කට්‍ටු ක්‍රීඩාවෙදි අත්‍යවශ්‍යයි.
"ඔක්කොම ගවයෝ එකනේ... මෙහෙම සෙල්ලම් කරන්නේ..." මේ අයව ගවගාලෙමයි ගස්බඳින්න ඕනේ...
කකුල් දෙකේ ගවයන්ට වඩා කකුල් හතරේ ගවයෝ හොදයි කියල හිතෙන්නේ මේ වෙලාවටයි...
සත්ව හිංසාව යහපාලනයට නවත්වන්න නීති ගේන්න බැරිද ?
අනේ අපේ හිටපු සහ දැන් ඉන්න දෙන්නා මේ අයගෙන් බේරා දෙන්න.