(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාසලක විදුහල්පතිනියගේ අන්තෝනමතික ක්‍රියා කලාපයට හා කාලයක සිට පාසලේ පරිපාලනය බිඳ වැටිමට එරෙහිව එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ මාපියෝ අද(8) කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ එම පාසල ඉදිරිපිට සාමකාමි විරෝධතාවක නිරත වූහ.
වසරක පමණ කාලයක සිට පාසලේ අධ්‍යාපන හා විනය බිඳ වැටෙමින් තිබෙන බවත් විදුහල්පතිනියගේ ක්‍රියා කලාපය හේතුවෙන් දිනෙන් දින පළපුරුදු ගුරුවරුන් හා දක්ෂ දරුවන් පාසල හැර යන බවත් පාසැලේ දරුවන්ට ආදර්ශමවත්ව සිටිය යුතු විදුහල්පතිනියගේ අවිධිමත් කටයුතු නිසා තම දරුවන් අනාගතය විශාල අවදානමකට ලක් වි තිබෙන බවත් දෙමාපියෝ කියති.
චෝදනා සම්බන්ධයෙන් විදුහල්පතිනි කුමුදුනි තිසේරා මහත්මියගෙන් විමසිමසීමට උත්සහ කළත් එය සාර්ථක නොවීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ගේ හොරණ එකෙත් මෙහෙම එකක් උනා. පස්සේ අපි අමාත්‍යංශයට එකටත් කෝල්කරලා බැලුව. මේක පාසලක් එකක් විදිහට ලියාපදිංචි වෙලා නැති හින්ද මොකුත් කරන්න බැහැ කිව්වා. හෙඩ් ඔෆ්ස් එකේ දෙවැනි ලොක්කා ඇවිත් පෙරන්ට්ස්ලට දොස් කියල සමහර පොත් උගන්නන එපා කියල ලොකු දේවල් කියල ගියා. අයෙ අවේ නැහැ. දැන් ආයේ මේ අවුරුද්දේ අර අයින් කරපු පොත් අයෙ කරනවා.කිසිම ප්‍රතිපත්තියක් නැහැ. පරිපාලනය හරි දුරුවලයි. ඒ වෙලාවට විතරක් උත්තර දෙන්නේ. අපිත් කලකිරිලා ඉන්නේ. රජයට එකට පුලුවන්නම් මේවට මැදිහත් වෙලා අපේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්න කියල ඉල්ලන්නේ. ලංකාවේ ඔක්කොම ශාකා වල පෙරන්ට්ස්ල එකතු උනොත් ලොකු බලපෑමක් කරන්න පුළුවන් වෙයි .
ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පාසල් කීපයක් රජයෙන් ආරම්භ කලොත් නරකද?දැනටත් රජයේ සමහර පාසල්වල 6 වසරේ සිට එක පන්තියක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරගෙන යනවා.එය ප්‍රමාණවත් නැත.
මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර රජය පියවර ගත යුතුයි. මන්ද යත් අප පුද්ගලික පාසැල් වලට ලමුන් යවන දෙමාපියන් වශයෙන් රජය බදු මුදල් ලමුන්ගේ අධයාපනය සදහා භාවිතා නොකරන අතර අවම වෂයෙන් අපගේ ආරෂාවට නීති පද්ධතියක් ඇති කල යුතුයි. මේ සදහා සමස්ත ලන්කා සන්සදයක් ඇති කල යුතූයි.