IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


එජාප විශේෂ සමුළුව කැම්බල් පිටියේදී

එක්සත්  ජාතික  පක්ෂයේ  විශේෂ  සමුළුව    එම  පක්ෂයේ   නායක   අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන්  බොරැල්ල  කැම්බල්  පිටියේ දී  මීට සුළු  මොහොතකට        ආරම්භ  විය .
 
එම  අවස්ථාවට   එක්සත් ජාතික පක්ෂයේ  සභාපති  අමාත්‍ය  මලික්  සමරවික්‍රම,  එම පක්ෂයේ  මහ ලේකම්   අමාත්‍ය  කබීර්  හෂීම්  ඇතුළු නිලධාරීහු ද පාක්ෂිකයෝද  විශාල පිරිසක් සහභාගී වී සිටිති.
 
ඡායාරූප    චතුර එස් .කොඩිකාර 



අදහස් (12)

එජාප විශේෂ සමුළුව කැම්බල් පිටියේදී

බන්ඩා Sunday, 07 January 2018 08:35 AM

හොරු සමග හෙළුවෙන්: බලයට පත් වී දින කිහිපයක් තුල වගකීම තමන් බාර ගන්නවා කියලා අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්නැයි ජනාධිපතිට බලපෑම් කලේ අගමැතියි. තනතුරට පත් වෙලා දින කිහිපයක් තුල බොන්ඩ් මගඩියකින් තමන්ගේ බෑනගේ කොම්පැනියට ප්‍රකෝටි ගණනක් උපයා ගත හැකි වෙන විදිහට අර්ජුන් බැංකු නිලධාරින්ට බැඳුම්කර බාර ගන්න උපදෙස් දුන්නා. එහෙම තක්කඩි ක්‍රමයකට මහ බැංකුවට විදපු අය නිදහස්කල පළමු වන බොන්ඩ් කොමිසම දැම්මෙත් අගමැතියි. හැබැයි අර්ජුන් නම් කිව්වේ අගමැති බොන්ඩ් විකුණන ක්‍රමය අනුමත කල බවයි. අන්තිමට ජනාධිපති කොමිසමකින් එහෙව් අගමැති බේරලා කූනිස්සෙක් පටලවලා දීපු වාර්තාව ක්‍රියාත්මක කරන්නේ අගමැතිලු. දී කිරට බලල්ලුත් සාක්කි කියන්නේ ඔන්න ඕවට තමයි.

:       3015       7864

daham Sunday, 07 January 2018 08:39 AM

අර කට්ටිය හිනා වෙන්නේ මොකද? ඔය කොමිසම ඇල්ලුවද කියලද?

:       131       275

danuka Sunday, 07 January 2018 09:24 AM

මහින්දලා දන්නවා බැදුම්කර හොරුන්ට දඩුවම් කලොත් ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්න හොරුන්ටත් දඩුවම් ලැබෙනවා කියලා. හතුරාගේ හතුරා මිතුරා කියන සංකල්පය පාවිච්චි කරලා දැන් පොහොට්ටුවත් එජාපයත් එක්ක ඩීල් දානවා.

:       576       713

කුමාර් (ගල්ෆ්) Sunday, 07 January 2018 09:51 AM

අනේ හපොයි මෙතන මහබැංකුව කාපු අයත් ඉන්නවානේ.

:       319       534

Raveendra Sunday, 07 January 2018 10:24 AM

දුන්නේ බැංකුවට අපි දැන් එකතුවෙලා.. ඇල්ලුවේ අපේ නැට්ටයි කොමිසමක් දමා... සතුටු නිසා අපි ඔක්කොම හිනාවෙලා... ලක්මව ඉකි බිඳියි බැංකුව ගැන කදුළු සලා...

:       92       1503

siri Sunday, 07 January 2018 10:28 AM

ඔය අතරතුරේම අගමැති තනතුර කරු ජයසූරියට දෙනවද? සජිත් ප්‍රේමදාසට දෙනවද? කියලා තීන්දු කරගත්තොත් නරකද?

:       156       245

BamunuarachchiWednesday, 10 January 2018 09:34 AM

සජිත් ප්‍රේමදාස? ඒ කව්ද? ඇයි මෙතන ලියන අයට මොකද වෙලා තියෙන්නේ?

:       0       0

ruchira Sunday, 07 January 2018 10:36 AM

ඡායාරුප බලන විට... යටින් පෙන්වන ඇස් බැඳන් දුවන හොරාගේ වෙළඳ දැන්වීම කාලීනව පුදුම ගැලපීමක් තියෙනවා නේද කියලත් හිතෙනවා !

:       81       372

Sathyayaa Sunday, 07 January 2018 02:40 PM

නොගැළපෙන මිනිසුන්ගේ එක්සත් බවත් ද නැතිනම් ගැලපෙන හොරුන්ගේ එක්සත් කමක්ද? ... මේ පෙන්වන්න යන්නේ කියලා අපට විචිකිච්ඡාවක් තියෙනවා. ඩී.එස්.සේනානායක වැනි දුරදිග දකින්න පුළුවන් නායකයෙක් දැක්ක දුරෙන් දශමයක් වත් දුර දකින්න බැරි කෙනෙක් නායකයා කරගෙන එජාප ය මේ යන්නේ ඉස්සරහටද පස්සටද කියන එක පාක්ෂිකයින්ට ප්‍රශ්නයක් වී තිබෙනවා. හොර රහසේ රාජපක්ෂ පවුලේ හොරුන්ගේ කුළුපග මිතුරෙක් ලෙස සිටිමින් එ.ජා.පයේ සිටි එපාම කරපු පිරිස මහින්දට ලංකර දී රටේ මුදල් ගසා කන්න 2015 ජනවාරි 08 දක්වා උදව් දී දැන් මෛත්‍රීපාල මහත්මයට එකතු වී ගිය ආණ්ඩුව කරගෙන ගිය හැම ජරා වැඩක්ම මෛත්‍රී රජයේ ප්‍රධාන සහකරු ලෙසින් කරගෙන යාමෙන් විනාශවී ඇත්තේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයයි. රටට ආදරේ ඇති එ.ජා.ප යේ නිදහස්ව සිතන තරුණ මන්ත්‍රී වරුනේ, ශ්‍රී ලං.නි පක්ෂයට බැඳී හෝ නොබැඳි වර්තමාන ව්‍යවසනයෙන් රට මුදවා ගැනීම පිණිස මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඔබගේ දෑත් දිගු කරන්න.

:       404       352

Mohamed from Australia Sunday, 07 January 2018 10:23 PM

ඔක්කොම පට්ට හොරු. ලංකාවේ මින්නිස්සු ගෙන හරිම දුකෛ. ඔච්චර කෙරලත් මුන්ග පිටිපස්ස යන එකට.

:       0       146

jeewa Monday, 08 January 2018 08:46 AM

දහම් කට්ටිය හිනාවෙන්නේ අනේ තවමත් අපිට රැවටෙන මෝඩයෝ ඉන්නවා කියලා...

:       13       102

Bamunuarachchi Wednesday, 10 January 2018 09:28 AM

කැම්බල් පිටියේ නොවෙයි ඕක කනත්තේ තියන්නකෝ අපිට මොකද කියලා බලන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1519 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site