IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිංගප්පූරු අගමැතිවරයා ජනපති හමුවෙයි

නිල සංචාරක් සදහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන් මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
 
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සහ එම මැතිණිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය විසින්    උණුසුම් ලෙස පිළිගනු ලැබිණි. ආචාර වෙඩිමුර සහිතව හමුදා උත්තමාචාර   ද පිරිනැමිණි. 
 
නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
දෙරට අතර ආර්ථීක, වෙළෙද සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. 
 
එමෙන්ම දෙරට අතර වෙළෙද කටයුතු සීග්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද  අත්සන් තැබිණි.  මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මගින් වෙළෙද සහ ආයෝජන ක්ෂේත්‍ර තුළ දෙරටටම ප්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි. 



අදහස් (0)

සිංගප්පූරු අගමැතිවරයා ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site