(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ආසියාවේ රිදී සීනුව යන විරුදාවලියෙන් පිදුම් ලද දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 119 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියසදී අද(8) පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිරුවට ප්‍රථමයෙන් පුෂ්පෝහාර දැක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත , ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරු එක්ව පිළිරුවට මල්දමක් පැළඳවීය.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීහු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීහු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරනායක මැතිතුමා යුගපුරුෂයෙක්... එතුමා කල සමාජ විප්ලවය මේ රටේ ඉදිරි ගමනට රුකුල් වුණා. අපි එතුමාට අපගේ හිස නමා ආචාර කරනවා. ඡන්දෙ කාලෙට කලගුණ සලකන්න කියා මිනිසුන්ට කියමින් බණ්ඩාරනායක මැතිතුමා බිහිකළ පක්ෂයෙන් දෙපාරක්ම ජනාධිපති වූ පුද්ගලයා මෙම සැමරුමේ නැතිවීමෙන් එයාගේ කලගුණ සැලකීමේ තරම රටට හොඳට පේනවා.
බණ්ඩාරනායක ප්‍රතිපත්ති දෙකට බෙදාගෙන බලය ලබා ගන්න පමණක් ඇනකොටා ගන්න තරම් එතුමා සිදුකල වෙනස බලවත් එහෙනම්? අවුල තියෙන්නේ ඒ ප්‍රතිපත්ති මේ කවුරුවත් දන්නෙත් නැති එම ප්‍රතිපත්ති මොනවාද කියා දැනගන්න ඒ කිසිවෙකුට උවමනාවක්වත් නැති එකයි.
ඇත්ත කතාව එය නොව... රටට යුද්ධයක් ඇතිකිරීම පිළිබඳව,1948 සිට 2005 දක්වා කාලය තුල රට පාලනය කල සියලු නායකයින් වගකීම බාරගතයුතුයි. 2005 දී ඡන්ද පොරොන්දුවක් දී, රටට සාමය ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනතාවට කලගුණ සැලකූ නමුත්, රටේ ජනතාව වන අප, 2015 දී, රටටත් අපරාදයක් කළා පමණක් නොව, එම යුග පුරුෂයා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම මගින්, තුච්ඡ ලෙස ක්‍රියා කළෙමු. දැන් අපට නැවතත්, වරද නිවැරදි කර ගැනීමට අවකාශ ලැබී ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අප රටට කීර්තියක් ලබාදුන්, ශ්‍රේෂ්ට කාන්තාවකි. නමුත්, බණ්ඩාරනායක මහතාගේ දියණිය, චන්ද්‍රිකා මහත්මිය රටට දායදයක්ද නැතහොත් බරක්ද යන්න පාඨක ඔබ තීරණය කරන්න.
අන්තිම ඡායාරූපයේ මල් මාලය දාන මැද ඉන්න පුද්ගලයාට හරිම සතුටු ඇති.... ජීවිතයේ කවදාවත් මේ තරම් උසකට ඔසවනු ලබන්න වාසනාව ලැබුණු එක ගැන. සමහර විට හීන දකිනවා ඇති බණ්ඩාරනායකලා ඉතිහාසයට තල්ලු කරලා හෙට දිනයේ හැකිනම් බණ්ඩාරනායක විරෝධී පොහොට්ටු නඩයට එකතු වෙන්න.
මෙයා තමයි සාමාන්‍ය ජනතාවට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ හැකියාව නැති කරලා, මෝඩයො කරලා, තමන්ගේ ළමයින්ට ලොකු ඉස්කෝල, එංගලන්තේ, ප්‍රන්සෙ විශ්ව විද්‍යාලවලට යන්න සෙට් කරලා අනාගත නායකත්වයට සෙට් කරේ. ඒ වගේම සිංහල පමණයි කියලා දෙයක් පටන් අරන් ජාතිවාදෙ ඇති කරේ...
මගේ මතය නම් මෙතුමා කරපු සමහර දේවල් නිසා අපේ රට ආපසට ගිහින් කියලා. අපේ රටේ තිබ්බ ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිවුණා. සී.ටී.බී. එක නිසා රටට පාඩුවුණු මිසක් ලාභයක් නැහැ. සමහර දේවල් රජයට පවරා නොගෙන හිටියා නම් හොඳයි වගේ....
කැප් සහ මනෝජ් කියන කතා හරියටම හරි. ජාත්‍යන්තරයට පුළුවන්කම තිබුණු දක්ෂයෝ කී දෙනෙක් එතුමා අනාථ කළාද?
පණ්ඩිත කතා ඇති අපි අද මෙහෙම ඔලුව උස්සල ඉන්නේ එතුමා නිසා...........
යු අන් පි යට ත උස්සන සහ මගේ පක්ෂය පාවා දුන් අය මට මල් මාලා දමා තවදුරටත් මගේ ජනතාව මුල නොකරපල්ලා....................
බණ්ඩාරනායක මැතිතුමා හොඳ දේවල් කළා මෙන්ම 'සිංහල පමණයි' කියන ප්‍රතිපත්තියෙන් රටට ලොකු හානියක් කළා. සමහර හොඳ දේවල් කරපු විදිය වැරදි නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති උනා. විදුදය හා විදුලකර පිරිවෙන් නිසා බුදුදහමට ඇති උන සේවය නැති උනා. හාමුදුරුවරුන්ට රජයේ රැකියා දීම තුළින් උනේ හොඳක් නොවෙයි.
රිදී සීනුව අලියාගේ කරේ බැඳීමට හවුල් වූ එකෙකුවත් මට මල් මාලා දැමිය යුතු නැහැ කියා එතුමා කියනු ඇත..................
සිරිමාවෝ මේ රටේ දුප්පත් ජනතාවගේ දරුවන්ට මොරටුව සරසවිය බිහි කලා සමගි පෙරමුණ රජය පැමිණි වහාම මාතර රාහුලයේ සිසුන් කළ ඉල්ලීමට කතරගම සිදු වූ අපරාදයට මුල් උන අයට සමාව දුන්නේ නැහැ අයුක්තියට පිටු පෑව ඉන්දිය ඇතුළු ලෝක නායකයන් ගේ ඉමහත් ගෞරවයට පත් වුණා.
අනේ මේ රිදී සීනුවට අද පන තිබුනා නම් මෙතෙන පෙනී ඉන්න කීදෙනෙක් කඩුවක් අරගෙන පන්න ගනීවිද?