බදුලු පුරවරයත් ඡන්දෙට සුදානම් පළාත් පාලන මැතිවරණය සඳහා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන කරා රැගෙන යන අයුරු 09 February 2018
දකුණු සබේ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථානවලට රැගෙන යයි දකුණ පළාතේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යන අයුරු 09 February 2018
පුංචි ඡන්දෙට උතුර සුදානම් මෙවර පැවත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් උතුරේ සියලු ඡන්ද මධ්‍යස්ථාන සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරු පවසති. 09 February 2018
පොලිස් ආරක්ෂාව මැද කොළඹ ඡන්ද පෙට්ටි රැගෙන යයි 2018 පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් වන කොළඹ 7 ඩී.එස්. සේනානයක විදුහලෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඡන්ද පෙට්ටි රැගෙන යාම අද(9) සිදුකැරිණි. 09 February 2018
බෙල්ලන්විල අනුනාහිමියෝ දැයෙන් සමුගනිති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී , ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අපවත් වී වදාළ මහචාර්ය බෙල්ලන්විල අනු නා හිමියන්ගේ දේහය පිළිබ ඳ ආදාහන පුජෝත්සවය දහස් ගණනකගේ සෝ සුසුම් මධ්‍යයේ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (8) පස්වරුවේ පැවැත්විණි. 08 February 2018
ඡන්ද පෙට්ටි බෙදා හරින්න රැගෙන යයි 2018 පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 587683ක් සඳහා මධ්‍යස්ථාන 453 ක ඡන්දය සලකුණු කිරීමට නියමිත බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා කියයි. 08 February 2018
නිදහස්දා රණවිරුවෝ ලේ දන්දෙති 70 වන ජාතික නිදහාසට සමගාමීව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 සේනාංකයේ රණවිරුවන් 500 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්විණ. 05 February 2018
70 වැනි නිදහස් සැමරුමෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සම්පූර්ණ වන ජාතික නිදහස් දින සැමරුම් ගාලූ මුවදොර පිටියේදී අද (4) පෙරවරු 8.30 සිට අභිමානවත් අයුරින් පැවැත්විණි. 04 February 2018
නිදහස්දා ජාතියේ පියාට උපහාර 70 වැනි නිදහස් දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කිත්තියාරාමයේ දී අද උදෑසන ආගමික වැඩසටහනක් පැවැත්විණි. 04 February 2018
එඩ්වඩ් කුමරු උඩවලව ඇත්අතුරු සෙවන බලන්න යයි 70 වැනි ජාතික නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙරටට පැමිණි එඩ්වඩ් කුමරු සහ ආර්යාව උඩවලව ඇත්අතුරු සෙවනේ සිටින මව් රැකවරණය අහිමිවූ අලි පැටවුන් බැලීම සඳහා එක්වූහ.ඉන් අනතුරුව ඔවුහු උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරයකටද එක්වූහ. 03 February 2018
ශ්‍රී ලංකාවේ නිදහස සෞදි අරාබියේදී සැමරේ ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් සන්වත්සර සමරුම වෙනුවෙන් සෞදි අරාබියේ නැගෙනහිර කළාපයේ ශ්‍රි ලංකා සංස්කෘතික සංසදය මඟින් සංවිධානය කරන ලද නිදහස් සැමරුම් උත්සවයක් පසුගිය ඊයේ (02) දින තානාපති ජංගම සේවාවට සමගාමීව අල් කොබාර් ගොල්ඩන් ටියුලිප් හෝටල් පරිස්‍රයේදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකකගේ සහභාගිත්වයෙන් පැවත්වුයේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාගේ ආරාදිත සහභාගිත්වයෙනි. 03 February 2018
චන්ද්‍රග්‍රහනය උතුරට පෙනුණු හැටි අදට යෙදී තිබුණු නවම්පුර පසලොස්වක පොහොය දිනයදාට සිදු වූ දුර්ලබ චන්ද්‍රග්‍රහනය උතුරේ ජනතාවටද දැක බලා ගැනීමට අවස්ථාව උදා විය. 31 January 2018
පොහෝදා පෙහෙවස් සමාදන් වෙති අදට යෙදී ඇති නවම් පෝය දිනය නිමිත්තෙන් කැළණිය රජමහ විහාරයට පැමිණි බැතුමතුන්ආ ගමික වතාවත්වල යෙදන අයුරු 31 January 2018
වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉවතට වික්ටෝරියා වේල්ලේ බැද තිබු බඹර කුඩු එම වාන් දොරටු විවෘත කිරීමට නොහැකිව තිබු බවත් බඹරුන් නොමරා ඉවත් කිරීම ඔගස්ටාවත්ත බිගු සම්පත සුරැකීමේ සංවිධානය 31 January 2018
මන්නාරමේ කුඹුරු අක්කර 1000 ක් හරකුන්ට මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කුඹුරු අක්කර 1100 කට ආසන්න ප්‍රමාණයකට ජලය නොමැති වීමෙන් ගොයම් විනාශ වෙමින් පවතින අතර ඇතැම් ගොවීහු සිය කුඹුරු ගොයම ගවයින්ට කෑමට ඉඩහැර ඇත. 31 January 2018
කැලණි රන්දෝලි පෙරහර වීදි සරයි කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ශික දුරුතු මහා පූජෝත්සව මාලාවේ රන්දෝලි මහා පෙරහර අද (30) රාත්‍රියේ වීදි සංචාරය කෙරිණි. 30 January 2018
අඟුරු කකා වතුර බිබි යළි ගමනේ දිගු නිහැඩියාවකට පසු කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ජර්මන්, ඕස්ට්‍රේලියා, එංගලන්ත සහ ජපන් ජාතික විදේශිකයන් පිරිසක් රැගෙන අගුරු කෝචිචියක් අද (30) දහවල් හැටන් දුම්රිය ස්ථානයට ළඟාවිය. 30 January 2018
මන්නාරමේ බෝල්ලුන්ට දිවි එපාවෙයි මන්නාරමේ මුහුදු යන ධීවරයින්ට මේ දිනවල එක් මුහුදු මාළු විශේෂයක් අසාමාන්‍ය ලෙසින් හසුවෙමින් ඇති අතර දිනකට මාළු කිලෝ 25,000 කට අධික ප්‍රමාණයක්ද ඉක්මවන බවට මන්නාරම් ධීවරයෝ පවසති. 30 January 2018
නීතියෙන්වත් ආරක්ෂාවක් නැති බූරුවෝ ගම්වදිති කල්පිටිය අර්ධද්වීපයේ වෙසෙන අපූරුතම සත්ත්ව සම්පතකි කල්පිටියේ වෙසෙන බූරුවන්. දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණයට ලක්වන මෙම සත්ත්වයන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය ගිලිහී ගොස් ඇත. 30 January 2018
මුලතිව්හි යුදහමුදාව තවත් යුද්දයකට අතගහයි මුලතිව් - කේපාපිලව් හා සීනියාමෝට්ටේ ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත්වී එම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමෙන් පසුව නැවත් පදිංචියට පැමිණි ප්‍රදේශයේ වැසියන්ගේ ළිං සුද්ධ පවිත්‍ර කොට විෂබීජ නාශක යෙදීමේ කටයුතු මේ දිනවල යුද හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙයි. 30 January 2018
මුතු පන්තිය මුහුදට දියවෙයි පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි හුදකලා දූපත් අතරින් එක්ක වන ආරච්චිකට්ටුව - මුතුපන්තිය දූපත ක්‍රමයෙන් මුහුදට දිය වෙමින් පවතින බව දූපත් වාසීන් පවසයි. 28 January 2018
කුකුළන් අල්ලන්න ආ හඳුන් දිවියා කොටුවෙයි හලාවත - බංගදෙණිය,තණබිම ප්‍රදේශයේ කුකුළු කොටුවකට ඇතුළු වූ හදුන් දිවියකු ගම්වාසීන් විසින් අල්ලා ගනු ලැබ පුත්තලම සහකාර වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට කටයුතු කර ඇත. 26 January 2018
ඉන්දූනීසියානු ජනපති අගමැති රනිල් හමුවෙයි නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩොඩො මහතා අද උදැසන (25) අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 25 January 2018
ගාලු සාහිත්‍ය උළෙල ඇරඹෙයි වාර්ශිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කීර්තියට පත් ගාලු සාහිත්‍ය උලෙළ නමවෙනි වරටත් අද (24) ගාල්ල කොටුවේ ඇති උත්සව භූමියේදී ආරම්භ විය. මෙම අවස්ථාවට තානාපති අංශ නිලධාරීන් මෙන්ම දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී විය. 24 January 2018
ඉන්දුනීසියානු ජනාධිපති ලක් ජනපතිව හමුවෙයි නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩොඩො මහතා අද (24 ) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය. 24 January 2018
ඌව මහ ඇමැතිට එරෙහිව තංගල්ලෙන් විරෝධය බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි භවාණි රඝුනාත් මහත්මිය දණගැස්වී යැයි චෝදනා ලැබූ ඌව පලාත් සභාවේ මහ ඇමැති චාමර සම්පත් දසනායකට විරෝධය පාමින් අද (24) පස්වරුවේ තංගල්ල නගරයේ දී විරෝධතාවයක් පැවැත්විණි. 24 January 2018
පාපන්දු ලෝක කුසලානය කොළඹදී ඇසුරුමෙන් ඉවතට ෆීෆා පාපන්දු ලෝක ශුරතා කුසලානය මහජන ප්‍රදර්ශන සඳහා විවෘත කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී සිදු කැරිණි. 24 January 2018
සිංගප්පූරු අගමැති ලක් අගමැති හමුවෙයි තෙදින නිල සංචාරක් සඳහා මෙරටට පැමිණි සිංගප්පූරු අගමැති ලී සියෙන් ලුන්ග් මහතා අද (23) අරලියගහ මන්දිරයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. 23 January 2018
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025