(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය අර්ධද්වීපයේ වෙසෙන අපූරුතම සත්ත්ව සම්පතකි කල්පිටියේ වෙසෙන බූරුවන්. දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණයට ලක්වන මෙම සත්ත්වයන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය ගිලිහී ගොස් ඇත.
මේ වන විට ස්වභාවික හේතු, මිනිස් ක්‍රියාකාරකම් ආදී විවිධ හේතු නිසාවෙන් කල්පිටි බූරුවන් සීඝ්‍රවශයෙන් වදවීමේ අවදානමකට ලක්ව ඇත.
කල්පිටි කළපුව කඩොලාන සෙවන හා වැළි කදු අතර නිම්න සිය වාස භූමිය කර ගත් මෙම සත්ත්වයන්ට තම වාසස්ථාන අහිමි වී ඇත. ඒ නිසා ඔවුන් ගම් බිම් කරා පැමිණ ඇත.
මේ නිසා කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ මාර්ග අනතුරු ඇති වන ස්ථානයක් බවට පත් වී ඇත කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා පවසයි.
අතීතයේ දී ලුණු කර්මාන්තයේ ප්‍රධාන ප්‍රවාහකයින් වූ බූරුවන් ගම් වැදීම නිසා මිනිසුන්ගේ පහරකෑම් වලට ලක්වීමට සිදුවේ.
බූරුවන්ගේ අවිනිශ්චිත හෙට දිනය පිළිබදව අප කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක එම්.එම්.කේ.මොරතැන්න මහතාගෙන් සිදු කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ වණ සත්ව හා වෘක්ෂලතා ආඥා පනතන් බූරුවා
පැහැදිලිවම ගෘහ අශ්‍රිතම සත්ත්වයෙකු වශයෙන් නම් කර ඇති බැවින් බූරුවාන්ට අවශ්‍ය ආරක්ෂාව හා සංරක්ෂණය පනතින් නොලැබෙන බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන තැන් වලට ඇරියෝත්නම් මොවුන්ට ආරක්ෂාවක් සපයාගන්න පුළුවන්. දැන් අපේ පැති වල නම් ඔක්කොමල ගිහිල්ල.............කිසි ප්‍රශ්නයක් නැහැ .
මොවන් නිදහස බුක්ති විඳිනවා වියහැකි.
දියවන්නාව සමග හුවමාරු කරගත්තනම් රටට වැඩක් ගන්න තිබුනා
පුත්තලම ප්‍රදේශයේ ඉතිහාසය හා බැඳුණු මෙම අහිංසක සතුන් ආරක්ෂා කරගැනීම සඳහා ඉක්මන් වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඩෙල්ෆ් දූපතේ ඉන්න කැළෑ අශ්වයන්ගේ ඉරණමත් මේ හා සමානයි. යටත් විජිත යුගයේ සැකසූ නීති වල මෙම සතුන් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවයක් නොවූයේ එකල එම සතුන් බහුලව ගෘහාශ්‍රිතව සිට ඇති බැවින් එම නිසා වනජීවී නීති අදට ගැලපෙන ලෙස වෙනස් විය යුතුය. කණගාටුවට කරුණ පාලකයින් උනන්දුවෙන් සංශෝධනය කරන්නේ මහජනයාට පනවන දඩ මුදල් පමණක් වීමයි.
පාර්ලිමේන්තුවේ ඉන්න අයට නම් ආරක්ෂාව තියෙනවා.
චන්ද්‍රා , ඔබේ යෝජනාව නම් හොඳයි.
කෙහෙල් මල් වෘක්ෂ ලතා පනතක් ගැන කියව කියවා බුදියාගන්න නිලධාරීන් ගෙදර යැවිය යුතු කාලය එළඹ ඇත. කිසිම දෙයකට පිළියමක් උන් ළඟ නොමැති නිසා වෙනි.......
පොල් බූරුවෝ ඉතාම අලංකාර දර්ශනයක් පාර්ලිමේන්තුවට යන්න ඉල්ලුම්පත්‍රයක් දාන්න පුළුවන් මේ අයට උඩින්ම මිනිස්සු ඡන්දෙ දෙනවා ජයවේවා බුරුවනි!!!!!!!!!!!!!!
පාර්ලිමේන්තු මන්ත්‍රී කට්ටිය බලන්න ඉන්න උජාරුව
අපේ රටේ නීති අවශ්‍ය විදියට වෙනස් වෙන්න පුදුම කාලයක්නෙ යන්නේ. බැලුවොත් නීතිවලින් භාගයක් විතර තියෙන්නේ සුද්දගේ කාලේ නීති. සුද්දාගෙන් නිදහස් වෙලා අවුරුදු 70 යි.
අපිට මේ කියන උන් අපිට වඩා බූරුවන්ය.....අපි නමින් බූරුවන් බව ඇත්ත නමුත් තමන්ගේ පොකට්වලට ගහල සුර සැප විදින උන්ට ඡන්දය දෙන උන් නියම බූරුවන්ය......