(සෙනරත් බණ්ඩාර)
වික්ටෝරියා වේල්ලේ බැද තිබු බඹර කුඩු එම වාන් දොරටු විවෘත කිරීමට නොහැකිව තිබු බවත් බඹරුන් නොමරා ඉවත් කිරීම ඔගස්ටාවත්ත බිගු සම්පත සුරැකීමේ සංවිධානය මගින් වික්ටෝරියා වේල්ල භාර කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතාගේ ඉල්ලීම පරිදි සිවිල් ඉංජිනේරු උදිත ඒකනායක මහතාගේ මෙහෙය වීමෙන් කාර්මික ඉංජිනේරු කේ.ඒ බුද්දිසෝම මහතාගේ සහයෝගයෙන් සිදු කෙරිණි.
වික්ටෝරියා වේල්ල සජීවී වේල්ලක් බවත් එහි ජලධාරිතාවය අනුව වේල්ල ඉදිරියටත් පසු පසටත් ගමන් කරන බවත් එය සක්‍රියව අධ්‍යනය කිරීම සඳහා විදුලි මානක සකස් කර ගැනීම සහ එහි වාර්තා ලබා ගැනීමේ කටයුතු වලදී වාන් දොරටු තුළ බඹරුන් බැඳ තිබීම බාධාවක් ව තිබු බැවින් මෙලෙස බඹරුන් ඉවත් කිරීමට කටයුතු කළ බව එහි ඉංජිනේරුවරයා පවසයි.
වික්ටෝරියා වේල්ල 1985 අප්‍රේල් මාසයේ 12 දින එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහරැජින අතින් විවෘත කරන ලද්දකි. දිග මීටර් 520 සහ උස මීටර් 112 ක් වූ මෙම දිවිත්ව ආරුක්කු වේල්ල ස්වයංක්‍රීයව පාලනය වන වාන් දොරටු අටකින් සමන්විත වෙයි. මෙහි වාන් දොරටු අලුත්වැඩියා කිරීම වසර දෙකකට වරක් සිදු කරයි. මෙම වසරේ එම අලුත් වැඩියා කටයුතු සිදුවෙමින් පවතී.
බඹර වද ඉවත් කිරීමේ මෙහෙයුමට තුෂාර මගින් ද විජේසිංහ මහතාගේ මුලිකත්වයෙන් තාක්ෂණ ශිල්පින් වන නුවන් කිරිතිරත්න, සුරංග සම්පත් , ඉන්දික ජයරත්න , නුවන් සදරුවන් ජයවීර ,පාසල් සිසුවියන් වන සමාජි විජේසිංහ, එස්.එම්.සමාධි සසනිකා ජයරත්න යන අයගේ සහභාගීත්වයෙන් සිදු කැරිණි.
දොඹකරයක අධාරයෙන් ආරක්ෂක බැද පටි සහ දැල් ආවරණ සහිත යකඩ කුඩයක බැස බැම්මේ පහත්කර මේධා සමාධි සහ සමාධි සසනිකා ජයරත්න නිර්භිතව එම බඹර කැපීම සිදු කළේය.
මේධා සමාධි උසස් පෙළ හදාරා මේ වන විට උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමාව හදාරමින් සිටියි. සමාධි සසනිකා ජයරත්න ගැටඹේ මහානාම විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීම සිදු කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූවරුනි, ඔබ අපට ආලෝකයකි. ආඩම්බරයකි.. ...ජයවේවා !!!
දරුවන් ඇතුළු කණ්ඩායමට සුබ පතමි.
එහෙනම් ඉතින් බඹරුන්ටත් අබ සරණයි
අපේ ලංකාවේ ගැහැණු දරුවන්ට ලෝකයේ ඕනෑම දෙයක් එඩිතරව කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය වන්නේ අවස්ථාව ලබාදීමයි. දරුවනි, ඔබට ආශ්චර්යමත් සොබාදහමේ පිහිටයි.
අපේ රටේ ගැහැණු ඕන දේකට දක්ෂ බව මාත් පිලිගන්නවා. ඒත් පරිපාලන සේවයට නම් ගැහැණුන්ව ගන්න එපා. මුළු රාජ්‍ය සේවයම එපා වෙනවා ගැහැණු යටතේ වැඩ කරන්න ගියාම. ගැහැණු පරිපාලනයට ගන්නේ නැති රටක රස්සාව කරන්න ලැබීමත් උතුම් මංගල කරුණක්.. මම හිතන හැටියට...