රංජිත් රාජපක්‍ෂ
දිගු නිහැඩියාවකට පසු කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ජර්මන්, ඕස්ට්‍රේලියා, එංගලන්ත සහ ජපන් ජාතික විදේශිකයන් පිරිසක් රැගෙන අගුරු කෝචිචියක් අද (30) දහවල් හැටන් දුම්රිය ස්ථානයට ළඟාවිය.
කොළඹ කොටුවෙන් ඊයේ (29) ගමන් ආරම්භ කළ මෙම වාෂ්ප දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයේ නතර කර අද (30) නානුඔය දක්වා ගමන් ආරම්භ කළේය.
හැටන් දුම්රිය ස්ථානයේදී එම වාෂ්ප දුම්රියට ජලයද ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබිණි.
නානුඔයේ සිට මෙම දුම්රිය හෙට (31) බණ්ඩාරවෙල දක්වා ධාවනය විමට නියමිතය.
අවසන් වරට මෙම දුම්රිය බදුල්ල දක්වා ධාවනය කරවනු ලැබුවේ 2016 පෙබරවාරි 2 වැනි දාය.
හැටන් දුම්රිය ස්ථානයට මෙම වාෂ්ප දුම්රිය පැමිණි අවස්ථාවේ එය දැක ගැනීමට විශාල පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ශෝක් දැක්කම යන්න හිතෙනවා. මේ කාලේ හදල ගත්ත නම් කොච්චර ලාබද
යකඩ හුචක්කුවට අපේ සුබ පැතුම්!!!!
ඉතා අගනා කෞතුක වස්තු. මේවා වැඩකරන තත්වයට අලුත්වැඩියා කරමින් නිසි පරිදි බලා ගන්නා අයට සියලු දෙනාම ණය ගැති විය යුතුයි.
ඉතාම සුන්දර චාරිකාවක් සුබපැතුම්
මම නම් හරිම ආසයි අපේ පෞරාණික මෑත අතීතය යලි සිහියට නැංවෙනවා
මේවට දුම් සහතික ඕන නැද්ද ?
අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා මගේ ළමා කාලය මතක් වුණා මගෙන් සුබ පැතුම් !
අපට මේකට මීට වඩා පින්තූර අවශ්‍යයි.