
(පුත්තලම - ජුඩ් සමන්ත)
පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි හුදකලා දූපත් අතරින් එක්ක වන ආරච්චිකට්ටුව - මුතුපන්තිය දූපත ක්‍රමයෙන් මුහුදට දිය වෙමින් පවතින බව දූපත් වාසීන් පවසයි.
ආනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්යෙන් පිහිටා ඇති මෙම දූපත නැගෙනහිරින් හැමිල්ටන් ඇලටද බටහිරින් මහ මුහුදටද මැදිව පිහිටා ඇත.
පවුල් 150 ක් පමණ මෙම දූපතේ ධීවත් වන අතර ඒ සියළුම දෙනාගේ එකම ජීවන වෘත්තිය වී ඇත්තේ ධීවර කර්මාන්තයයි.ආනවිළුන්දාව කුරුළු අභය භූමියට දෙස් විදෙස් සංචාරකයින් පැමිණීමට පටන් ගැනීමත් සමග සංචාරක හෝටල් කීපයක්ද මේ වන විට මුතුපන්තිය දූපත තුල ඉදිවෙමින් පවතින බවක් දක්නට ඇත.
වසර කීපයක සිට මුතුපන්තිය දූපත මුහුදට බිලිවීමේ අවදානමක් තිබුණි.මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විටින් විට හෙලි කිරීමත්,දූපත් වාසීන්ගේ දැණුම් දීමත් නිසා මුහුදු ඛාදනය අවම කිරීම සදහා ගල් වැට යෙදීමක්ද සිදු කර ඇත. නමුත් එම ගල් වැටි කීපයක්ද මේ වන විට මුහුදට ගසාගෙන යාමේ අවදානමක් මතුවී ඇති බව දූපත්වාසීන් කියයි.
මුතුපන්තිය දූපතේ අඩි 50 කට වැඩි ප්‍රමාණයක් මීටර් 500 ක පමණ දුරක් මේ වන විට මුහුදට පිලිවී ඇත.
ස්ථීර ගල් වැටී යෙදීමක් තුළින් මුහුදු ඛාදනය වැළැක්වීමට හැකියාවක් ඇති බවත්,එසේ නොවුනහොත් අනාතයේ දිනක මුතුපන්තිය දූපත සිතියමින් මැකී යාමට ඉඩ ඇති බවද දූපත් වාසීන් කියා සිටී.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩබිමේ හැඩය ගොඩකර වෙනස්කරනවිට එම වෙනස් කිරීම නිසා කිසියම් ප්‍රදේශයක භුමිය සයුර විසින් ඛාදනය වේ.
පාලකයිනි, මුහුදු ඛාදනය සාර්ථකව වලක්වා ගන්නේ කෙසේදැයි සියැසින් දැක බලා ගැනීමට මාල දිවයින වෙත පැමිණෙන්න. කළුගල් සහ එවැනි ස්වභාවික සම්පත් කිසිත් නැති මාල දිවයින් රාජ්‍ය ඉතාමත් සාර්ථකව මුහුදු ඛාදනය වලක්වා ගෙන තිබෙනවා පමණක් නොව දිනෙන් දින මුහුද ගොඩ කරමින් ඔහුන්ගේ ගොඩබිම් ප්‍රමාණයද වැඩිකර ගනිමින් සිටිනවා.
ලංකාවේ මුහුදු ඛාදනය අද, ඊයේ එකක් නොව, හැමදාම සිදුවන දෙයක්. මුහුද ගොඩ කිරීමෙයි, මේකෙයි මුකුත් නැහැ. ප්‍රදීප් මහත්තයා, මාලදිවයිනේ මුහුද නොගැඹුරු සහ රළු නොවන මුහුදක්... ඒ නිසා මුහුදු ඛාදනයක් වෙන්නේ නැහැ...
කඩොලාන හිටවන්න ගන්න, කඩොලාන ප්‍රජාව මුහුදු කෑම නතර කරනවා පමණක් නොවේ මුදු ජලසම්පත්ද වර්ධනය කරනවා.
පෙරියසාමිල සහ ප්‍රදීප්ල වගේ අයගේ අදහස් ගැනත් හොයල බැලුවොත් නේද හොඳ