(ඡායාරුප - ශාන්ත රත්නායක)
අග්‍රමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ අද (16) ඉදිකිරීම් නිරීක්ෂණයක නිරතවිය.
අග්‍රමාත්‍යවරයා මාර්ගයේ ඉදිකිරීම් බාර ඉංජිනේරුවරයා හමුවී ඉදිරි ඉදිකිරිම් කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේය.
උසස් අධ්‍යාපනඅමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙයට සහභාගී විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැක්කාම මතක් වෙන්නේ ඕනෑම ගොනෙකුට නීරීක්ෂණ චාරිකාවක් යන්න පුළුවන් කියල තමයි. මොකද මේ වගේ ස්ථානවල ඉන්නකොට අනිවාර්යෙන්ම ආරක්ෂක හිස්වැසුම් පළදින්න ඕනෑ.
පවතින රජය විසින් කලයුතු දෙයක් තමයි මහාමාර්ග සංවර්ධනය... එය නිරික්ෂණය කිරීමට හොඳ වැඩක් අගමැතිතුමා වැඩකරන සේවකයන් ලඟට ගොස් නිරීක්ෂණය කිරීම අගය කල යුතුයි.
රටේ වේගවත් සංවර්ධනයක් සිදුවෙන බව මධ්‍යස්තව බලනවිට අපට පේනවා. එත් ඇතැම් මාධ්‍ය ඒවා කියන්නෙවත් පෙන්නනන්නේ වත් නැ.
චන්දන, "සමහර" මාධ්‍යවල ඒකායන පරමාර්ථය අගමැති තනතුරේ වෙනසක් දැකීම මිස " ගොරෝසු කට හඬකින්, අනුන්ගේ භාෂාවකින් අංක එකේ" කියාගත්තට නිවැරදි තොරතුරු ප්‍රකාශ කිරීම නෙවේනේ එකයි.
වේගවත් සංවර්ධනයක් ?
නියම සංවර්ධනයේ ප්‍රතිලාභ 1. පැහැදිලි දර්ශනයක් තුලින් කොළඹ මාර්ග ඉදිකිරිම. 2. බස් රථ මන් තීරු ක්‍රමය තුලින් වැඩි මගී ජනතාවකට සහනය සලසා දීම. 3. කැලණිය කොළඹ මාර්ගය අරඹ කිරීම තුලින් වාහන මැරීන් මාවතට සම්බන්ද කිරීම. 4. මාකුඹුරේ අංග සම්පුර්න නැවතුම් පලක් දුම්රිය සමග එකතුවී අරඹ කිරීම. 5. නිවැරදි දැක්මකින් මගම්තොට වරයා පවරාදීම 6. පොර්ට් සිටි එක රටට වැඩ දැයි ලෙස ඇරඹීම 7. නිදහසේ ජිවත් විය හැකි රටක් නිර්මාණය කිරීම 8. නිදහසේ අදහස් පල කිරීමට හැකි වීම 9. සංවර්දනයේ ප්‍රතිලාභ තම පවුලට පමණක් නොව රටේ සැමට බෙදා දීම 10. නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම
රටේ දියුණුවට යටිතල පහසුකම් දියුණුව අවශයි
පුදුමෙ කියන්නෙ චන්දනගේ කමෙන්ට් එකට 11,416 ක් අකමැති වෙන වෙලාව වෙනකොට ප්‍රවෘත්තිය කියවල තිබුනෙ 2847 දෙනයි. බොරුවවත් හරියට කරන්න දන්නෙ නෑ.
මේ දවස්වල මම ප්‍රොජෙක්ට් වගේක වැඩ හිර වෙලා මානසිකව වැටිලා වගේ හිටියේ. රුවන් මහතාගේ අදහස් දැක්වීම දැක්කට පස්සේ තම මුනට හිනාවක් අවේ. මගේ දවස ප්‍රබෝධමත් කරපු එක ගැන ස්තුතියි.
මේක බලලා තියෙන්නේ තුන්දහස් දෙසිය අනුපහයි. හැබැයි චන්දනගේ අදහසට එකොලොස් දහස් ගණනක් අකමැත්ත ප්‍රකාශ කරලා. අපි නම් මේවට කියන්නේ එම් ආර් ගේ කම්පියුටර් ජිල්මාට් කියලා.
පොර්ට් සිටි නැවැත්වූ නිසා කටුනායක හයි වේ එක කොළඹ වරාය හා මරියින් මාර්ගය දිගේ දෙහිවලට ගෙන එක තාම නැවතිලා 2. රාජගිරිය - දෙමටගොඩ මාර්ගය ගැන කතාවක්වත් නැහැ 3. කොට්ටාව - කොටුව කනුමත ඉදිකරන මාර්ගය පටන්ගන්න පාටක් නැහැ 4. මාලබේ-කොටුව-කැලණිය මොනෝ රේල් එකට වෙච්ච දෙයක් නැහැ 5. රත්නපුර බණ්ඩාරගම හයි වේ එක නැවතිලා 6. උතුරු අදිවේගයේ කුරුණෑගල- දඹුල්ල හයි වේ එක නැවතිලා
මෙතන අදහස් දාන යට අමතක වෙලා මේක වැඩ අවසන් වෙන්න තිබ්බේ 2017 අග . නමුත් තාම 10% වැඩ අවසන් කරලා නැහැ. 2015 ජනවාරි 8 පස්සේ ලංකාවට ආපු එක ආයෝජකයෙක්ගේ නමක් මට කියනවද කවුරුහරි. එහෙමත් නැත්තම අලුතෙන්ම පටන් ගත්තු එක අලුත් ව්‍යාපෘතියක් කියන්න
දැන් මේකත් අර රාජගිරියේ ගුවන් පාලමට කළා වගේ කරයිද දන්නේ නැහැ. ගිය ආණ්ඩුව කාලේ දූෂණය කියලා බොරු ගොතලා රාජගිරියේ මංතීරු 6යේ පාලම 4කට අඩු කරලා වියදම වැඩියි කියලා දුරත් තව මීටර් 200-300කින් විතර අඩු කරලා පසුගිය රජය වෙන්කළ මුළු මුදලත් අරගෙන රාජගිරියේ පාලම සම්පුර්ණයෙන්ම අවුල් කලා. දැන් මේකටත් වෙන්නේ ඒ ටිකම තමයි. යහපාලනය අපිව කෑවා...
ආපු ගමන් වැඩ නතර කරලා... දැන් පටන් අරන් මෙයලා කළා වගේ පෙන්නනවා.. දන්නෝ දනිති..
දැන් මේ රටේ අවශ්‍යතා හඳුනාගත් සංවර්ධනයක් සිදුවන බව පේනවා. ඉස්සර ඔක්කොම කලේ ලොක්කගේ ගමටයි.
2019 හදල ඉවර වුණාම ලංකාවේ වැඩිපුරම වාහන යන අධිවේගී මාර්ගය වේවි. ලංකාවේ ජනගහනයෙන් භාගයකට වඩා ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක්...
මේ ගියේ ඡන්දෙට ඉස්සෙල්ලා විවෘත්ත කරන්න පුළුවන්ද කියල බලන්නද?