චන්ද්‍රසේන ගමගේ
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි භවාණි රඝුනාත් මහත්මිය දණගැස්වී යැයි චෝදනා ලැබූ ඌව පලාත් සභාවේ මහ ඇමැති චාමර සම්පත් දසනායකට විරෝධය පාමින් අද (24) පස්වරුවේ තංගල්ල නගරයේ දී විරෝධතාවයක් පැවැත්විණි.
ලංකා ගුරු සේවා සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් ශාඛාව සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් රැසක ගුරුවරුන් රැසක් සම්බන්ධ වි සිටියහ.
විරෝධතාකරුවන් පැවසුවේ ඌව පළාත් මහ ඇමැතිට විරුද්ධව ඉක්මන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන අසාධාරණයට පත්වූ විදුහල්පතිනියට සාධාරණයක් කර දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌව මහ ඇමැති විසින් මාධ්‍යයකට කරපු සාකච්ඡාවකදී ඔහු විසින් අනාවරණය කරනවා.... තමුන් ඉගෙනගත්තේ දෙවන ශ්‍රේණියට පමණක් බවත් ඔහු වඩේ විකුණමින් අදායමක් උපයාගත් බවත්, නමුත් දැන් තට්ටු දහයක හෝටලයක් හදන බවත්, මෙවැනි පසුබිමක් ඇති කෙනෙක් රටක මහා ඇමති කෙනෙක් හෝ පළාත් අධ්‍යාපන ඇමැති කෙනෙක් විය හැකිද? අපි මෙවැනි වැරදි නිවැරදි කරගන්නේ කවද්ද?
පාසල් අධ්‍යාපනය ඉහලට නොලැබුනත්, සාධාරණය ,නීතිය, යුක්තිය, පිලිඹඳව භේද වලින් තොර හරිහැටි ක්‍රියාවේ යොදවනවා නම් එ් සුදුසුකම ම ඇති නේද
විදුහල්පතිනියට සහනයක්, වන්දියක් දෙන්න කියල කව්රුවත් ඉල්ලනවද?
වඩේ කාරයෙක් මහ ඇමති වීම රටක හොද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. ඒත් මහඇමතියෙක් වඩේකාරයෙක් ලෙස හැසිරීම රටක අභාග්‍යක්. එබැවින් දැන්වත් මේ වගේ දේශපාලන තනතුරු වලට පත්කරන කොට උගත්කම අනිවාර්යය කරමු.
අපගේ ජීවිතයේ හරි මග පෙන්වන ගුරු බවතුන් වෙනුවෙන් සියලු ගුරු මණ්ඩලයම එක්වී හඬ නැගීම අගය කොට සලකමු. P.Thangarajah
එතකොට ඔය අල්ලස් කේස් දාගන්න විදුහල්පතිවරු, ප්‍රයිවට් ටියුෂන් කරන්න ඉස්කොලේ වැඩ අතපසු කරන ගුරුවරු, ළමයින්ගේ මානව හිමිකම් නැති කරන ගුරුවරු ගැන එහෙම උද්ඝෝෂන නැද්ද? ඒ අයට ඔය අස්වීමේ, ඉවත් කිරීමේ නීති බලපාන්නේ නැද්ද? මේ අය හරිම අසාධාරණ නූගත් මිනිස්සු. මහ ඇමති කරන වැඩේ අජූතයි. හැබැයි මේ අය ඊට වඩා අජූතයි. ඔක්කොමලාව අස් කරන්න ඕනෑ...