(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
සිංහල සිනමාවට වසර 71 ක් පිරීම නිමිත්තෙන් බම්බලපිටිය මෙල්බෝන් පටුමගෙහි මතුර අවන්හලේදී අද(21) උත්සවයක් පැවැත්විණි.
ම අවස්ථාවට සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතමයන් වන සුමිත්‍රා පීරිස්, ශ්‍රියානි අමරසේන, නන්දා මාලනී, රවීන්ද්‍ර රන්දෙණිය, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු කලාකරුවෝද ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද සේනාරත්න , බුද්ධි කීර්තිසේන, රෝහන වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීදෙනාද ඉන්නේ කෝ අනිත් කට්ටටිය? මෙතනදීවත් එකතු වෙන්න බැරිනම් හෙළ සිනමාව කොහෙද දියුණුවෙන්නේ?
71 වුණාට තවම දණගානවනේ. ලංකාවට පමණක් චිත්‍රපට හැදීම තවදුරටත් ප්‍රායෝගික නැහැ. අඩුම වශයෙන් ඉන්දියාවටවත් විකුණන්න පුළුවන් නිෂ්පාදන ගැන සිත් යොමු කිරීම වැදගත් වෙනවා. ගිය මාසයේ කොළඹ ප්‍රධාන පෙලේ සිනමා ශාලාවක චිත්‍රපටයක සවස දර්ශනය බැලීමට ගිය වෙලාවේ වෙන කිසිකෙනෙක් පැමිණ සිටියේ නැති නිසා චිත්‍රපට දර්ශනය අවලංගු කල බව මට කීවා. ඊට කලින්දා එම ශාලාවේම පෙන්වූ අලුත් චිත්‍රපටයක් නැරඹීමට සිටියේ 5 දෙනෙක් පමණයි. අතරමගදී එයිනුත් දෙදෙනෙක් නැඟිට ගියා. තවත් අවස්ථාවක අලුත් චිත්‍රපටයක් ආරම්භ කල පලවෙනි දර්ශනය වෙලාවේ මුල් විනාඩි 10 ක් පමණ ප්‍රේක්ෂණ යන්ත්‍රය හරි හැටි ක්‍රියාත්මක කිරීමට බැරිවීම නිසා කිසිම දෙයක් පෙනුනේ නැහැ. කොළඹ ප්‍රධාන සිනමා හලක ප්‍රේක්ෂණ යන්ත්‍රයේ කාචය ගැලවී බිමට වැටුණු අවස්ථාවක් මම දුටුවා. මේවගේ තත්වයක් තුල චිත්‍රපටි සඳහා නිෂ්පාදකයින් සොයා ගැනීම අපහසු වෙනඑක පුදුමයක් නෙවේ. ලංකාවට තියෙන හොඳම වැඩේ මේ රටට විදේශ නිෂ්පාදන රූප ගත කිරීම සඳහා ගෙන්වා ගැනීමයි. එමඟින් රටට හොඳ ආදායමකුත් දේශීය ශිල්පීන්ට රැකියා මෙන්ම පුහුණුවකුත් ලබාගන්නට හැකිවෙනවා.
කූඹියෝ වගේ හොඳ නිර්මාණ සිනමාව තුලින්ද බිහිවිය යුතුයි.
අපේ රටේ නිර්මාණාත්මක කුසලතා ඇති අයගේ අඩුවක් ඇතැයි කියන්නට බැහැ. අප රටේ ඇත්තේ ඉතා කුඩා වෙළඳ පොලක්. එය චිත්‍රපටයක් සඳහා වැය වන මුදල සොයාගැනීමට තරම් ප්‍රමාණවත් නැහැ. විවිධ හේතුන් නිසා ලෝකය පුරාම සිනමා කර්මාන්තය අර්බුධකාරී තත්වයකට පත්වෙලයි තියෙන්නේ. ඇමෙරිකාවේ හොලිවුඩ් දැවැන්ත චිත්‍රාගාර පවා දැන් ජපන්, චීන, යුරෝපීය හෝ ඉන්දියානු ජාත්‍යන්තර වෙළඳ සමාගම් වලට විකිනෙන බව පෙනෙනවා. රුපවාහිනිය සහ අන්තර් ජාලය සිනමා ශාලා වලින් ප්‍රේක්ෂකයින් වෙන් කිරීමට හේතුවෙලා තියෙනවා. ලංකාවේ සිනමා ශාලාවල ප්‍රමිතිය සහ පහසුකම් නවිනකරණය කිරීම ඉතාම වැදගත්. ඉන්දියාවේ දැන් චිත්‍රපට පිටපත් කරන එක අඩුවෙලා. ඒවෙනුවට සිනමා ශාලාවලට එක තැනක සිට නියමිත වෙලාවට චිත්‍රපටය චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ බෙදා හරිනවා. (සජීවී රුපවාහිනි විකාශන වගේ.) ඒ සඳහා යන වියදම පිටපත් සකස්කිරීමට යන වියදමට වඩා අඩු නිසාත් පිටපත් යොදා හොර ඩීවීඩී වැනි දේ විකිණීම නැවැත්විය හැකි වන නිසාත් චිත්‍රපට බෙදා හරින්නන් මේවගේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ලංකාව, ඉන්දියාව සහ ආසියාවේ වෙනත් රටවල් සමඟ එකතුව සම නිෂ්පාදන සඳහා මාර්ගයක් සොයාගැනීමට උත්සාහ කිරීමත් වැදගත් වෙනවා.