(ඉන්දිකා රාමනායක/ ඡායාරූප - ඉෂාන් සංජීව)
ශ්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් ඉදිරියේ අද(15) විනාශ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් කටයුතු කරනු ලැබීය.
අධිකරණ නියෝග මත ආරක්‍ෂිත ස්ථානයක ගබඩා කොට තිබූ මෙම කොකේන් තොගය එහි සිට පුත්තලම ප්‍රදේශයට රැගෙන ගොස් දැඩි තාපයකින් යුත් ආරක්‍ෂිත ගිනි උඳුනක දමා පුළුස්සා විනාශ කිරීමට කටයුතු කෙරිණි.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කළ ප්‍රථම වතාව මෙය බව කියැවේ.
ඉක්වදෝරයේ සිට බෙල්ජියම හා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ ‘මුන්රා’ වරයාට යන ‘එම්.එස්.සී. පැබිලෝ’ නෞකාවේ කන්ටේනරයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.එබ්ලිව්.කේ. සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුව 2016 දෙසැම්බර් මස 09 වැනිදා කොළඹ වරාය තුළ රේගු නිලධාරීන් සමඟ එක්ව කළ මෙහෙයුමකදී මෙම කොකේන් තොගය අත්අඩංගුවට ගනු ලැබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමාට අපගේ උත්තමාචාරය , අනෙක් පුද්ගලයා ගැන නම් විශ්වාශයක් නැහැ.
ඕක මුදල් වියදම් කරලා උත්සව අරගෙන කරන්න තරම් ලොකු දෙයක්ද?
යකෝ මෙව්වනේ උත්සව! ප්‍රසිද්ධියේ විනාශ කිරීමේ උත්සවය...
මෙහෙමත් හැම දේකටම උත්සව ...
මේකටත් ලොකු උත්සවයක්ද? මෙතුමන්ලාට මීට වඩා වැදගත් දෙයක් නැද්ද?
ලංකාවේ අල්ලපු හොර මත්ද්‍රව්‍යවලට මොකද වෙන්නේ කියලා සමහරු ප්‍රශ්න කළා. දැන් ඒක ප්‍රසිද්ධියේ විනාශ කළාම ඒකට මොකටද උත්සව කියලා අහනවා.
මේ වගේ කටයුතුවලට මේ අය සම්බන්ධ කරගැනීම ලැජ්ජා සහගතයි.
ගිය ආණ්ඩුව කාලේ කන්ටේනර් ගණන් අල්ලලා අගමැති කාර්යාලයේ ලියුම් වලට රේගුවෙන් නිදහස් කරපු කුඩු කන්ටෙනරේට මොනවා වුණාද දන්නේ නෑ.
මේවාට තමයි මෙගා ඩ්‍රාමා කියන්නේ. මාර්කටින් ස්ට්‍රැටජික්!!! මේක විනාස කරන්න මේ ගොල්ලන් ළඟ ඉන්න ඕනෙද? වෙන රටවල්වල මේවගේ දේවල් වලට රටේ ජනාධිපති ඇවිල්ලා ඉඳගෙන බලාගෙන ඉන්නවද? මේක ඇත්තටම විනාස කරයිද කියලා ෂුවර් එකක් නැතුව ඇති...
මහජන මුදල් වියදම් කරමින් එව්වටත් උත්සව... ජනතාවට දෙයියන්ගේම පිහිටයි තමයි.
අපේ රට විනයගරුක, නීතිගරුක රටක් බවට පත්කල හැකි එකම පුද්ගලයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයා පමණයි...!!! එ්ත් අවුරුදු 70ක් කරුපු පව් අවුරුදු 3කින් ගෙවන්න බැරිබව අපි දැනගත යුතුයි. අපි විශ්වස කරනවා 2020වෙන විට අපේ රට අලුත් මුහුණු වරකින් සහ ජාත්‍යන්තර වශයෙන් ඉතා ලොකු පිළිගැනීමකින් යුතු රටක් බවට පත්වෙයි කියලා... එසේම වේවා! ජයවේවා !
ඡන්දේ ළඟ නිසාම මේවා වෙනවා මිසක් මොකෝ මේවා ගෙන්නන මිනිස්සු කවදාවත් අත්අඩංගුවට අරන් තියනවද?
මොකද ඔතන දෙතුන් දෙනෙක් විතරක් නහය වහගෙන. අනිත් කට්ටිය හුලන්ගේ යන කොකේන් ටිකක් උරන්න බලාගෙන හිටියා වත්ද?
මේ වගේම ප්‍රසිද්ධියේ වරදකරුවන්ට දඬුවම් දෙන යුගයක් එන තෙක් ජනතාව බලන් ඉන්නවා. හොඳ ගමනක ආරම්භයක්....
මේ කොකෙන් තොගය හොයාගෙන තියෙන්නේ අවුරුදු 2 කලින් ෂුවර් එකටම දැන් පුච්ච්න්නේ පාන් පිටි, අවුරුදු 2 ඇතුලේදී මුදලාලිලා ටික ඕව අරගෙන ගබඩා කරගෙන ඇති මෙයාලා අපිව අන්දනවා.
මේ දේවල් ප්‍රසිද්ධියේ කරන එක හොඳා. එත් ජනපති, අගමැති එන්න අවශ්‍ය නෑ. එයාලට අවශ්‍ය ලකුණු. ඒවා ලැබේවි. තව එකක්, මේවා ගෙන්නන අයත් මේවගේ විනාශ කරන්න ඕන. නැත්නම් මේක නාට්‍යක් පමණි.
අපිනම් බලාගෙන හිටියේ මහජන දේපල හොරා කාපු අය අල්ලලා මෙහෙම ප්‍රසිද්ධියේ දඬුවම් දෙනවා බලන්නටයි. ඒත් මොනවා කරන්නද? මේ නාටක දිහා බලලාවත් හිත හදා ගනිමු.