IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සහයෝගයට වසර 70ක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගීතාවට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියායානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ‘හෝල් ඩී ගෝල්’ හෝටලයේදී ආරම්භ විය. 
 
මෙම ඡායාරූප ප්‍රදර්ශනය 16 වැනිදා දක්වා මහජනතාවට විවෘතව තිබෙන බව ද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඕස්ට්‍රේලියාව දිගු කලක සිට සහාය දක්වන අතර මානුෂීය, අධ්‍යාපන, සෞඛ්‍ය, සහ රැකියා ව්‍යාපෘති රැසක් යටතේ ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව ආධාර ලබා දී තිබේ. 
 
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදු වූ අපනයන වෙළෙඳාමේ වටිනාකම පමණක් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 440ක් බව දත්ත වාර්තා සඳහන් කරයි. 
 
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 23කි. දත්ත වාර්තා අනුව පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 6,000 ඉක්මවා තිබේ. 
 
055

 



අදහස් (6)

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සහයෝගයට වසර 70ක්

siri Thursday, 14 December 2017 04:32 PM

බෝට්ටු සේවය පටන් අරන් කොච්චර කල් වෙනවද?

:       0       3

samFriday, 15 December 2017 10:57 PM

සිරි, බෝට්ටු සේවය ආරම්භ උනේ අනුවේ දශකයේ අන්තිම වසර වලදීයි . ඒ දක්වා ආපු අනවසර සංක්‍රමනිකයෝ ටුවරිස්ට් විසා ගුවන් යානයෙන් මෙහි ඇවිත් ඊට පසුව රිෆියුජී විසා ඉල්ලලා කේස් ෆයිල් කරලා සාර්ථකව විසා ගත්තා .ඒ කාලයේ මේ නඩු වලට සම්පුර්ණ වියදම(විත්ති පැමිණිලි දෙපැත්තටම ) දැරුවේ රජයයි . ඒ නිසා වසර තුන හතරකට වතාවක් මෙහෙට ඇවිත් හොරෙන් ඉන්න හැමෝටම විසා දීලා නඩු සඳහා යන මුදල ඉතිරි කර ගැනීමේ ප්‍රවනතාවයක් එකල තිබුනා . එහෙම හොරෙන් ඇවිත් විසා අරගත්ත උදවිය තමයි දැන් හොරෙන් ඇවිත් කරදරයට පත්වෙන උදවිය ගැන බොහොම පහත් විදියට කතා කරන්නේ . මෙහෙට නීත්‍යානුකුලව ආපු බොහොමයක් දෙනා හොරෙන් එන උදවියට අනුකම්පා කරනවා මිසක් පහත් විදියට කතා කරන්නේ නැහැ .

:       0       139

naradhaSaturday, 16 December 2017 04:55 PM

සෑම් ගේ කතාව සියයට 100ක් ඇත්ත.

:       0       0

රෝහිත Friday, 15 December 2017 10:07 AM

ලංකාවට විරුද්ධව එක්සත් ජාතින්ගේ සංගම් සහයෝගය දුන්නා.

:       0       8

nayana somawardhana Saturday, 16 December 2017 11:48 PM

සුබපැතුම්!!!. ඇත්තටම ඕස්ට්‍රේලියානු රජය අපේ රටට ගොඩක් උදවු කරනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහලට ගෙනියන්න සැහෙන්න ආධාර දෙනවා. අපේ රටේ ලක්ෂ ගණනක් මෙහි වෙසෙන අතර. අපි හැමෝටම ඉතාම හොඳින් මෙම රජය සලකන බව කියන්න ඕනි. ලෝකයේ අනිත් රටවල් අතරින් ගත්තාම ඔස්ට්‍රේලියාව අපේ රටට තවම නම් ගොඩක් ලඟ රටක් කියලා කියන්න පුළුවන්. තව තවත් ඉදිරියට අපේ රටවල් දෙක අතරේ පවතින බැඳීම දියුණු වේවා කියලා හද පත්ලෙන්ම පතනවා. ඕල් ද බෙස්ට් !!!

:       0       0

ROSHAN Sunday, 17 December 2017 01:48 AM

මම නීත්‍යානුකුලව පැමිණි කෙනෙක් හැටියට නීත්‍යානුකුල නොවන සංක්‍රමණිකයින් හට දිරි දෙන්නේ නැහැ. මම එසේ පැමිණි කිහිප දෙනෙක් එක්ක කතා කළා. ඔවුන් ලංකාව ගැන බොරු දේවල් කියලා. රට පහත් තත්වයට දමල කතා කරලා තමයි වීසා අර ගන්නේ. ඔවුන් ගල්කිස්ස මුහුදේ ළමයෙකුට පොල්ලෙන් ගහලා මරපු සිදුවීම පෙන්නලා ලංකාවේ හැටි මෙහම තමයි කියලා වීසා අරගෙන තියෙන්නේ. එට අමතරව ඔවුන් සාප්පු සංකීර්ණවලින් හොරකම් කරලා කඩවල් වලට විකුණනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site