ශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගීතාවට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියායානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ‘හෝල් ඩී ගෝල්’ හෝටලයේදී ආරම්භ විය.
මෙම ඡායාරූප ප්‍රදර්ශනය 16 වැනිදා දක්වා මහජනතාවට විවෘතව තිබෙන බව ද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඕස්ට්‍රේලියාව දිගු කලක සිට සහාය දක්වන අතර මානුෂීය, අධ්‍යාපන, සෞඛ්‍ය, සහ රැකියා ව්‍යාපෘති රැසක් යටතේ ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව ආධාර ලබා දී තිබේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදු වූ අපනයන වෙළෙඳාමේ වටිනාකම පමණක් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 440ක් බව දත්ත වාර්තා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 23කි. දත්ත වාර්තා අනුව පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 6,000 ඉක්මවා තිබේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටු සේවය පටන් අරන් කොච්චර කල් වෙනවද?
ලංකාවට විරුද්ධව එක්සත් ජාතින්ගේ සංගම් සහයෝගය දුන්නා.
සුබපැතුම්!!!. ඇත්තටම ඕස්ට්‍රේලියානු රජය අපේ රටට ගොඩක් උදවු කරනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහලට ගෙනියන්න සැහෙන්න ආධාර දෙනවා. අපේ රටේ ලක්ෂ ගණනක් මෙහි වෙසෙන අතර. අපි හැමෝටම ඉතාම හොඳින් මෙම රජය සලකන බව කියන්න ඕනි. ලෝකයේ අනිත් රටවල් අතරින් ගත්තාම ඔස්ට්‍රේලියාව අපේ රටට තවම නම් ගොඩක් ලඟ රටක් කියලා කියන්න පුළුවන්. තව තවත් ඉදිරියට අපේ රටවල් දෙක අතරේ පවතින බැඳීම දියුණු වේවා කියලා හද පත්ලෙන්ම පතනවා. ඕල් ද බෙස්ට් !!!
මම නීත්‍යානුකුලව පැමිණි කෙනෙක් හැටියට නීත්‍යානුකුල නොවන සංක්‍රමණිකයින් හට දිරි දෙන්නේ නැහැ. මම එසේ පැමිණි කිහිප දෙනෙක් එක්ක කතා කළා. ඔවුන් ලංකාව ගැන බොරු දේවල් කියලා. රට පහත් තත්වයට දමල කතා කරලා තමයි වීසා අර ගන්නේ. ඔවුන් ගල්කිස්ස මුහුදේ ළමයෙකුට පොල්ලෙන් ගහලා මරපු සිදුවීම පෙන්නලා ලංකාවේ හැටි මෙහම තමයි කියලා වීසා අරගෙන තියෙන්නේ. එට අමතරව ඔවුන් සාප්පු සංකීර්ණවලින් හොරකම් කරලා කඩවල් වලට විකුණනවා.