(චන්දන ප්‍රනාන්දු)
කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි විදේශ අධ්‍යාපනය සඳහා විසා ලබාදෙන ආයතනයක් බව කියමින් ඒ මුවාවෙන් මුදල්ගෙන වීසා ලබානොදීම නිසා අසරණ වු සිසුහු පිරිසක් අද (18) එම ආයතනය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුහ.
ජපානය, මැලේසියාව වැනි රටවලට විසා ලබාදෙන පවසමින් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 2 ට ආසන්න මුදලක් ගෙන වසරකට අධික කාලයක් වීසා හෝ ලබාගත් මුදල් නොදීම හේතුවෙන් ඔවුහු මෙලෙස උද්ෂෝෂණයේ නිරත වෙති.
උද්ඝෝෂණයට ආවේ අපේ ළමයි නොවේ - කොස්ලංකා කියයි
ජපානයට සිසුන් යවන බව කියා වංචා කළේ යැයි කොල්ලුපිටියේ කොස් ලංකා ආයතනය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට සහභාගීවූවන්ගෙන් බහුතරයක් එහි පැමිණි සිසුන් නොවන බව එම ආයතනය කියයි.
එම සමාගම එලෙස කියනුයේ පසුගිය 19 වැනි දා කොල්ලුපිටියේ එම කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.
කොල්ලුපිටියේ තම ආයතනයට පැමිණ එහි ව්‍යාජ ලියකියැවිලි සකස් කරනවාදැයි පරීක්ෂා කළ බවත්, එවැන්නක් ආයතනයෙන් සිදු නොකරන බව පරීක්ෂාවෙන් පසු පොලිසියෙන් ප්‍රකාශ කළ බවත්, ශිෂ්‍යාවන් යවන මුවාවෙන් ළමයින් යවන බවට ලද තොරතුරක් අනුව පරීක්ෂා කළ බවත්, නමුත් එවැන්නක්ද අනාවරණය නොවූ බවත් කොස් ලංකා සමාගම කියයි.
ගුවන් ගමන් බලපත්‍ර කිහිපයක් තම ආයතනයේ ශාඛාවක තිබූ බවත්, අවාසනාවකට ඒ වන විට ගමන් බලපත් ළඟ තබා ගැනීමට තිබූ අවසරපත්‍රය කල් ඉකුත්වී තිබූ බවත්, එනිසා පොලිසිය ගමන්බලපත් 20ක් ළඟ තබා ගැනීමේ වරදට උසාවියට ඉදිරිපත් කළ බවත් එම සමාගම පවසයි.
‘ජපානෙදි ළමයි 100 ඇප්ලයි කළොත් 10ක් රිජෙක්ට් වෙන්න පුළුවන්. එදා උද්ඝෝෂණයට ආපු අයගෙන් අපේ ළමයින් තුනයි. අනිත් අය මෙහෙට ආපු ළමයි නෙමෙයි. ඒ සම්බන්ධ සාක්කි තිබෙනවා. ගිවිසුම් අනුව තේරුණේ නැතිනම් සල්ලි ලබා දිය යුතු නැති වුවත් අපි එහෙම දීලා තියෙනවා. දරුවන් 100කින් දරුවන් 10යි පැමිණිලි කරලා තියෙන්නේ. ‘ යැයි ද සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෝඩ දරුවනේ ඔහොමත් සල්ලි දෙනවද? අද රටේ ඉන්න තරමක් ඉන්නෙ තක්කඩි මොකාව අන්දල හරි උන්ට ඕනේ සල්ලි.මේක රටට අලුත් දෙයක් නෙවෙයිනෙ කොහේ බැලුවත් වංචාව රැවට්ලි ඒක ඉතින් අපේ රටේ මිනිස්සුන්ගෙ ලේ වලම තියන දෙයක්ද කොහෙද?
මෙච්චර තාක්‍ෂනය දීයුනු යුගයක සල්ලි දීල රැවටේන්න කලින් පොඩ්ඩක් අන්තර්ජාලය පරිහරණය කරලා ඉස්සෙල්ල හොයල බලන්න මේ රටවල් වලට යන්න සපුරන්න ඕන සුදුසකම් මොනාද කියල.
අනේ මෝඩ දරුවනේ මොනවද මේ වැඩ සොයා බැලුවද / මොකක්ද , මේ ආයතනය, කව්ද මේවා සංවිධානය කරන්නේ මේක ආණ්ඩුවෙන් කරන දෙයක්ද ? අගමැති හෝ ජනාධිපති දැනුවත් කළාද ? කණ ගාටුයි මේ දරුවන්ගේ මුදල් ගැන , වංචා කාරයන් වහාම අත් අඩංගුවට ගත යුතුයි .
මෙම ආයතනයෙහි දැන්වීමක් පළකර ඇත. මෙම ආයතනය වංචාකාරී ආයතනයක් නම් දැන්වීම් පල කිරීම සුදුසු නැත.